..............

..............

Lakmini Adhikari

හිතේ දුකක් හිරකරගෙන ඉන්නවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්.යාලුවොන්ට ගෙදර අයට හිනා වෙලා ඉන්නවා කියන්නේ ඒක ලොකු ගේමක්.හිතේ තියන දුක කාටවත් කියාගන්න බැරි උනාම මිනිස්සු මාර විදියට අසරණ වෙනවා.මන් හිතන්නේ ඒක දරාගන්න බැරි උනාම වෙන්න ඇති suicide කරගන්නේ මිනිස්සූ.මන් හිතනවා මගේ හිත එච්චර දුර්වල නෑ කියල.ඒත් මට බයයි මාවත් ඒ තරමටම අසරණ වෙයි කියල.ඉස්සර දුකක් දැනුනම ඒක කාටහරි කියල නැති කරගන්නවා.ඒත් දැන් මට එහෙම කරන්න හිතෙන්නේ නෑ.මාව හැමෝටම වදයක් වෙන්න ඇති කියල හිතෙනවා.ඒක නිසා මගේ දුක මං ම හිතේ තියන් ඉන්නවා.කෑ ගහල අඩන්න හිතෙනවා.ඒත් මන් ඒක හිත ඇතුලේ හංගන් හිනා වෙලා ඉන්නව.හැමෝම මාව දන්නේ කටකාර,දඟ කෙල්ලෙක් විදියට.ඒත් එහෙම හිටියට මන් මාර sencitive. හේතුවක් දන්නෑ මට දුක හිතෙනවා පොඩි දේටත්.මන් මගේ කියල හිතන් ඉන්න අය මාව ගනන් ගන්නේ නැති වෙද්දී මට ඇහුම්කන් දෙන්නේ නැති වෙද්දී මට පිස්සු හැදෙන්නේ නැති ටික විතරයි.මන් ඒ දේ ගැන මාර විදියට හිතනවා.ඉස්සර මාත් එක්ක හැමවෙලෙම කතා කරපු අය මාත් එක්ක කතා නොකර ඉද්දී මට ඒ දුක දරාගන්න අමාරුයි.මන් දෙවියන්ගෙන් ඉල්ලන්නේ ජීවිතේ නැති කරගන්න තරම් මාව අසරණ කරන්න එපා කියල.මොකද පොඩි තුවාලයක් උනත් කෑ ගහල අඩන මට සමහර දේවල් දරාගන්න අමාරුයි.

Report Page