🙏🙏🙇

🙏🙏🙇

21 W188

තෙරුවන් සරණයි ...🌹🌹🌹😊

පැවිදි වෙන්න ඉන්න ඔයා.. වෙනුවෙන්මයි.. 😊 

ඉතිම්.. පැව්දි වෙන්න ඉන්න ඔයා වෙනුවෙන් මේ ටික 

ලියන්න හිතුවා . අපේ බුදුරාජාණන් වහන්සෙ දේසනා කරනවා..

""සම්බාධෝ ඝාරවාසෝ රජාපතෝ අබ්භෝකාසෝ පබ්බජ්ජා.""

මෙහි තෙරුම තමයි.. නිවන් දකින්ට බාධක අඩු කෙලෙස් රජස් අඩු 

හරියට හිස් අවකාසයක් වගේයි මෙ පැවිද්ද කියාලා..

පැවිද්දාට ඇති එකම බර තමයි තමගේ ශරිරයත්, තුන් සිවුරයි පාත්‍රයි.

නමුත් ගිහියාට ඉට වඩා කොටිප්‍රකොටියක සම්බාධක පවතිවා 

නිවන කරා යැමට. ඉතිම් බුදුරාජාණන් වහන්සෙ දේසනා කරන්නෙ

මේ පැවිද්ද නිවනට යන්න දුකින් මිදෙන්න තියෙන හොදම තැන බව.

(( රෙනුකානෙ ස්වාමින්වහන්සේගෙ ශාසනාවතරය පොතේ..

මුලම බලන්න තව විස්තර තියෙනවා..))

ඉතිම් මම ඔයාලට කියන්නෙ.. හොද්න් කල්පනා කරල බලන්න..

අපි මේ ගෝර කටුක සංසාරෙ එ මේ අත දුවන ගමන්..

මොකද්දෝ.. පිනකට මනුෂ්‍යයෙක් වෙලා ඉපදුනා..

හැබැයි නිකම්ම නෙමයි.. දුර්ලභ වු කාරන හයෙන් 

පහක්ම එක්ක.. එව ඔයා දන්නවානේ.. එතකොට දැන් 

ඔයාට අඩු.. ඔයා ලබාගන්න යන්නෙ හය වෙනි එක.. එ කියන්නෙ 

උතුම් වු පැවිද්ද..

ඔයා දන්නවාද කෙනෙක්ට මහන වෙන්න ඔනි කියල හිතෙන්නෙ..

එ කෙනා පෙර සංසාරෙ පැවිදිදම් පුරල තියෙන න්සා.. මහනවෙලා 

ඉදල තියෙන නිසා.. එ සංසාර හුරුව නිසාම එ අයට මේ ජිවිතේත්

මහනවෙන්න ඔනි කියල සිත් පහල වෙනවා..

ඔයා නිකමට හිතන්න ඔයාගේ වටේ ඉන්න අයට මහන වෙන්න 

ඔනි කියල හිතෙනවාද.. ඇයි ඔයාට විතරක් හිතෙන්නෙ..

එ තමයි පුතේ.. ඔයාගෙ පින. ඔයා අනිත් අයට වඩා පිංවන්තයි..

ඔයා සංසාරෙ ගොඩාක් තැන්වල මහනදම් පුරපු නිසයි අදත්

ඔයාට එහෙම හිතෙන්නෙ..

නමුත් අපට එහෙම හිතුනට පැවිද්ද ලබාගන්න ලෙසියෙන්ම බැ..

මොකද අපේ හිත එ්කට එකවැරම ඉඩදෙන්නෙ නැ.. 

එයා කියනවා.. එපා දැන්ම එපා.. තව ටිකක් හිටපන්.. 

ඇරක කරපන් මේක කරපන්.. එයාට සලකපන්..

එයා පව්...අම්ම තාත්තා පව් , ඔය විදයට.. නොයෙක් දේ...

ඔයාගෙ හිත ඔයාට කියාවි.. එ වෙලාවට තමයි ඔයා..

ශක්තිමත් වෙන්න ඔ්නි.

එ වෙලාවට ඔයා හිතන්න.. මම මේවා කර කර හිටියොත්..

මට උරුම වෙන්නෙ.. සතර අපාය.. අපායට යන්න වුනොත්..

මට අයෙමත් මනුස්ස ආත්මයක් ලබන්න කවදාවත්ම බැ..

නිරයේම කල්පගානක් දුක් විදින්න වෙනවා..

එවගේම හිතන්න.. මම මේ ජිවිතේම මැරෙනකම්ම හිටියොත්

හිතේ සැනසිම එකම විදියට තියෙවිද.. මොනතරම්නම් දුක්,

කන්දක් විදින්න වෙයිද.. බලන්න අනිත් අය දේවල් නිසා මොනතරම්නම් ,

දුක් විදිනවාද.. හැමදාමත් හදවතින් පිච්චෙන මිනිස්සු කොච්චර 

අපි අතර ඉන්නවාද.. ඉතිම් මටත් එ තැනට පත්වෙන්න වුනොත්..

මටත් එ දුක් එ විදියටම විදින්න වෙනවා නේද කියලා..

හිතට නිතරම පෙන්වන්න..

චුට්ටක් හිතන්න.. ඔයා මේ ලොකෙට ආවෙ තනියම..

එ ඇවිල්ත් අම්ම තාත්ත හදුනගන්නත් මාස ගාණක් යනාවා..

අපහු යන දවසට.. කවුද එන්නෙ.. ඔයා එක්ක යන්න 

කවුරුත්ම නැ.. කාටවත්ම බැ.. එ අය එන්නෙත් නැ..

එහෙනම් ඇයි අපි එ අය වෙනුවෙන් අපේ ජිවිතේ උගසට තියන්නෙ..

බුදුරාජාණන් වහන්සෙ දේසනා කරනවානේ.. අම්මයි තාත්තට

අවු.100ක් කර උඩ තියාන උපස්ථාන කලත් වැඩක් නැ..

එ උපස්ථානය සසර යන්න.. නමුත් හොදම උපස්ථානය තමයි..

ධර්මය දිම.. එ අයට ධර්මයෙන් සංග්‍රහ කරන්න පුළුවන් නම් 

එ සැකිම තමයි.. උතුම්ම සැලකිම.. මොකද එ අයට සසරෙ 

දිගින් දිගටම දුක් විදින්න තියෙන අවස්ථා නැතිවෙනවා..

ඉතිම් අම්ම යි තාත්තයිටත් එහෙම සලකන්න කියල කියනවානම්..

අනිත් බැදිම් කියන්නෙ මොනාද.. එ අයද අපිට උපත දුන්නෙ.. එ අයද

අපව හදාවඩා ගත්තෙ.. එ අයද අපිට කන්න දුන්නෙ.. නැනේ නේද..

සමහර වෙලාවට අපිට අම්ම තාත්ත ගැන ගාණක් නැ..

වෙනත් බැදිම් අතහරින්න බැරිව දගලනවා.. 

බලන්න එතකොට අපි කෙලෙස්වල නෙමයිද හිරවෙලා ඉන්නෙ කියලා..

මතක තියාගන්න ඔය.. යන්න හදන්නෙ සසරින් එතරවෙන තැනකට

නමුත් අනිත් අය යන්න හදන්නෙ..සසරට.. සතර අපායට.

එහෙමන් ඔයාම හිතන්න.. ඔයා මොනතරම්නම් උසස් කෙනෙක්ද

එ අතින් බලනකොට.. ඔයාගෙ අරමුණ කොච්චර උතුම් ද..

ඔයා මොනතරම්නම් පිං වන්තද.. ඇයි අපි මේ දුක් සහගත දේවල්

මගේ කරගන්න ගිහින් එ පින නැතිකරගන්නෙ..

හොදන් මතකතියාගන්න.. අපි කොච්චර දේවල් එක්ක

ආදරෙන් හිටියත්.. කවුරු කොහොම ළඟින් හිටියත්..

පෙරේත ලොකෙකට යන්න වුනොත් තිරිසන් ලොකෙට යන්න වුනොත්

ඔය කාටවත්ම බැ.. ඔයාව බෙරගන්න..

හැබැයි ඔයා මේ මඩින් එලියට ආවොත්.. ඔයාට පුළුවන් 

ඔයා හැමදේනාටම පිහිටක් වෙන්න..

හිතන්න සිදුහත් මහා.. බොසතාන්වහන්සේ යශොදරාවන් පව් කියල

මාලිගාවේ හිටියනම්.. අද අපිත් නොපෙනන දෙවියන් වදින් 

මිනිස්සු වෙලා.. ගස් ගල් වදින් මිනිස්සු වෙලා.. 

යශොදරාවන් සිදුහත් කුමාරයානන් වහන්සෙව හොයාගෙන ගියානම්..

එත් අද අපිට දහමක් නැතිවෙනවා.. 

බලන්න..එ උත්තම වු මනුෂ්‍ය රත්නයන් දෙපළ නිසා අද අපි සැනසෙනවා..

සිදුහත් කුමාරයානන් වහන්සෙ යශොදරාවන් නිසා..

නතරවුනේ.. අනේ පව් කියල හිටියනම්.. අද අපිට දෙවියන්ගෙ 

පිහිට තමියි.. නමුත් එ මහා... උත්තමයන් වහන්සෙ හිතුවේ අපි ගැන.

එක තම්යි මහා කරුණාව.. ජිවිතේම අනිත් අය වෙනුවෙන්ම


දන්දිම.. 😔 තම සතුට අනිත් අයගෙ සැපය වෙනුවෙන් කැපකිරිම 😔තමන්ගේ ලෞකික සතුට කැපකරලා.. ලෝකෝත්තර සැපය

ලබාදිම.

එතකොට එ මහා... උත්තමාවිය..

යශොදරාවන් ආත්මාර්තකාමි වෙලා.. සිදුහත් කුමාරයානන් මා එක්කම

ඉන්න ඕනි මැරෙනකම්ම කියලා.. වැලැක්කුවෙ නැ.. යන්න ඉඩ දුන්නා..

හොයාගෙන ගියේ නැහැ.. එක තමියි පරාර්තකාමි බව. නියම ආදරය.

ඉතිම් මම කියන්නෙ.. ඔයාගෙ පැවිද්ද ආත්මාර්තකාමි එකක් නෙමයි..

තමනුත් මේ සසරින් එතරවෙලා.. 

තමන් වටේ ඉන්න අයත් එතරකරවන්න පුවන්..

පිං කෙතක් තමයි මේ පැවිද.. 🌹🌹🌹😊

""පුඤ්ඤක් කෙත්තං අනුත්තරං."  

උත්තර රහිත කෙලෙස් රහිත උතුම් වු ශ්‍රෙෂ්ඨ වු

පිං කෙතක් තමයි මේ.. පැවිද්ද..

තෙරුවන් සරණයි ...

Report Page