😔😔😔😔😔😔😔

😔😔😔😔😔😔😔


මේ කතාව මගේ අත්දැකීමක් නෙවේ කියල ඔයාලට කියවගෙන යද්දී තේරෙයි . මේක ලිව්වෙ මම අහපු දැකපු දේවල් වලින් .


××××××××××××××××××××××××××××××××××××××××××××


හැමෝම අඩනවා ඔව් හැමෝම. මම දන්නෑ මේ මං වෙනුවෙන් වැටෙන කදුලු ඇත්තටම වැටෙන කදුලුද කියලවත් මොකද මන් දන්නවා ජීවත් වෙලා ඉන්න කාලෙ මට කවුරුත් වටිනාකමක් දුන් නෑ කියල . තමන්ගෙ වාසියට විතරයි හැමෝම මාව ලං කරගත්තෙ. ඒත් මම ඒ හැමදේම දැනගෙන ගොඩාක් ඉවසගෙන හිටියා....

අම්ම අප්පච්චි වගේම මගේ බෙස්ටී හැරුනම පවුලේ කිහිප දෙනෙක් විතරයි මට ලගින්ම හිටියෙ...


* මතකද බෙස්ටී අපි දෙන්න යාලු උන පලවෙනි දවස. මන් ඔයාව දන්නෙවත් නෑ මම 6වසරෙන් ඉස්කෝලේට ගිය පලවෙනි දවසෙම ඔයා තමයි මට මුලින්ම කතා කරේ . මට ඒ දවස තාම මතකයි . ඒත් ඔයා මගේ බෙස්ටී උනේ ගොඩ කාලෙකට පස්සෙ . මට ජීවිතේ හම්බුන හොදම යාලුවා..

මතකද මට maths වලට එකපාරක් ලකුණු අඩු වෙලා මම අවුලෙන් ඉද්දි ඔයා ඇවිත් මට කියපු කතාව.. " අපි ඔක්කොම එක වල්ලෙ පොල් බං ඊලග පාර මහන්සි වෙමු" 


කොච්චර රණ්ඩු උනත් බෙස්ටී ඔයා මගේ ලගින් හිටිය හැම වෙලාවෙම මම වැටුන හැමවෙලාවෙම "කවුරු නැතත් ඔයාට මම ඉන්නවා " කියල මාව ශක්තිමත් කරා ...ඒත් සොරි මැණික හැමදාම ඔයාලග ඉන්න බැරි වෙනවට


මගේ අතින් කොච්චර වැරදි උනත් මට බැනින්න ඕනි උනත් හරි දැන් අපි දෙන්නම ඕක අමතක කරමු කියල ආයෙ මාව හිනස්සපු මගේ හැම රහසක්ම දන්න මගේ ලගින්ම හිටපු බෙස්ටී නොවුනත් සහෝදරියක් වගේ ලගින් හිටපු ඔයාටත් සොරි... මගේ රහස් හැමදාම රකින්න...


කතාවක් තියනව ගොඩාක් සතුටින් හිටියම එකපාරට දැනෙන දුක දරාගන්න අමාරුයි කියල ඒත් මම තනියම ගොඩක් සැරයක් එහෙම දුක දරාගත්තා.මට මෙහෙම වෙන්න හේතුව ඒ දරාගැනීමම තමා . මොකද මම අන්තිමට හිටියෙත් ඒ දුක ඒ විදිහටම දරාගෙන . මම කල්පනාවක් නැති තරමටම කල්පනා කර කර පාරෙ ගියෙ නැත්තම් මම තාමත් ඉන්නවා ඔයාල අතරෙම.


* අහම්බෙන් ජිවිතේ ට ලං වෙන මිනිස්සු අනිත් අයගෙ ජීවිත ලස්සන කරනව ඇති... මගේ ජීවිතේත් ලස්සන කරා ඒත් ටික කාලයයි. එයා මට කොච්චර දුක් දුන්නත් එයා මට ඒව අමතක කරවනව . මාව අයෙ හිනස්සනව . මාව ඒ විදිහට අවුල් කරල ආයෙ හිනස්සනකොට මට දැනුන ඒ හැගීම ඔයාටත් දැනිල තියනවද... මන් හිතන් නෑ....

මාව කොච්චර රිද්දුවත් මට එතනින් අයින් වෙලා යන්න හිත හදාගන්න බැරි උනා. ඒකට හේතුව මම දන් නෑ.... මගෙ මුලු ජීවිතේම ලියවිලා තියෙන්න ඇත්තෙ මේ වගේ විදවන්න වෙන්න ඇති ඒ නිසා මම මට උන දේ ගැන සතුටු වෙනව


මගේ දුකට හේතුව උන කෙනා එයත් අඩනවා. මගේ කදුලු වලට හේතුව . මගේ කදුලු විහිලුවකට ගත්ත කෙනා ඇයි අද මේ අඩන්නෙ. එයා දන් නෑ එයා පලුව යන්න හරි මාව ජීවිතේට ලං කර ගද්දි මම ඒක කොච්චර searias ගත්තද කියල . සමහර වෙලාවට මට හිතුනෙ මගේ සතුටට එකම හේතුව එයා කියල ඒකයි එයා මට රිද්දනකොට මට ඒතරම්ම රිදුනෙ . 


අන්තිමට මම තේරුම් ගත්තා ඕනිම දෙයක් ගැන බොරුවට විශ්වාස කරන්න හොද නෑ... මම තේරුම් ගද්දි පෙරහැර ගිහින් ඉවරයි දැන් ඉතින් මොනා කරන්නද ...


×××××××××××××××××××××××××××××××××××××××××××× 


පලවෙනි කෙටි කතාවම හරි negative නේ හිතුන දේ ලිව්වෙ ඉතිම්..

කතාව හොදයිද නැද්ද කියල කියන්න .....



🌸KAUSHI 🌸

Report Page