😁

😁


22/06/2022


මම මේ අවුරුද්දේ Aleves කරනවා. තවම මෙලෝ ගානක් නැතුව එහාටයි මෙහාටයි වැනි වැනි ඉන්නවා. අද combined clz එකේ පේපර් එකක් . මං ඉතින් ලකුනු බලන්න නෙමෙයි නේ පේපර්ස් ලියන්නේ 😁 මං සීසන් . ඔන්න ඉතින් මම බස් එකකට නැගලා ගියා. දාලා තිබුන මෝඩ සින්දු අහ යන්න බෑ වමනේ යන්න එනවා. ඉතින් ශේප් එකේ මගේ ඉයර් ෆෝන් එක දාගෙන මං සින්දුවක් අහගෙන ගියා . ලංකාවේ සින්දුවක් නෙමෙයි.අහ්න්න් එපා සින්දුව මොකක්ද කියලා කියන්නෑ.

ඒත් තව ටිකක් දුර යනකොට,

මං හිතුවේ නෑ මට එහෙම දෙයක් වෙයි කියලා  . මං සින්දුව දාගෙන හිටියේ ගොඩක් සද්දෙට . ඇත්තම කිව්වොත් වෙන කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. මං ඉදගෙන හිටියේ බස් එකේ මැද හරියේ   , ළඟ පාත කවුරුත් හිටියෙත් නැහැ. මමත් හොදට අතපය දිගෑරලා නිදාගෙන වගේ හිටියා. ටිකකින් බස් එක නවත්තනවා  දැනුනා . සේරම මිනිස්සු බස් එකෙන් බැස්සා. මං හිතුවෙ ඉතින් බහිනවා වෙන්න ඇති කියලා  .මාත් අනිත් අතට හැරිලා හිටියා . ඒත් එක්කම බස් එක වටේට මිනිස්සු පිරෙනවා දැක්කා . මගේ දිහා බලාගෙන මේ මිනිස්සු කලබලෙන් හැසිරෙනවා වගේ දැක්කා. මොන මගුලක්ද වෙන්නෙ කියල හිතා ගන්න බැරුව මං සින්දුව නවත්තලා ජනේලෙන් එලිය බැලුවා.

"😮බෝම්බයක් ..................."

මේ ලෝකෙට එන්න මට ටිකක්  වෙලා ගියා. බස් එකේ හිටියේ මං විතරයි. තවම බෝම්බ නිශ්ක්‍රීය අංශයෙන් ඇවිත්  නැහැ . ඒත්....................

කොන්දොස්තර කෑ ගැහුවා තව විනාඩි දෙකායි...

මිනිස්සු සිය ගානක් බස් එක වටේ හිටියා . මං දන් නෑ මට ඒ වෙලාවේ කොහෙන් ඒ අදහස කඩාන් පාත් උනාද කියනවනම් . ඊයක වේගයෙන් මං බෝම්බේ ගාවට ගියා . ඒත් මං බලල තියෙන ටී.වී සීරීස්වල වගේ මටත් කපලා අයින් කරන්නේ නිල් පාට වයර් එකද රතු වයර් එකද කියලා හොයා ගන්න බැරි උනා . කරන්න දෙයක් තුබුනේ නැහැ . මං ඒකත් උස්සගෙන මිනිස්සූන්ගෙන් ඈතට කෑ ගහද්දිත් දිව්වා. මන් බෝම්බෙත් එක්කම කලු ගගට පැන්නා . මැදහරියෙදි මට මතක් උනා මට පීනන්න බැහැ කියලා . ඒත් ඉතින් බෝම්බේ පිපුරුවට පස්සේ පීනන්න මාව ඉතුරු වෙන් නැහැනේ . මං සතුටින් හිටිය හැම මතකයක්ම මතක් උනා . ටික වෙලා වකින් ....................

මම දන් නෑ . ඒත් මට ආයෙමත් ඇහැරුනා.

ඔව් මං ජීවතුන් අතර . මම හිටියේ හොස්පිටල් එකේ . හමුදාවේන් ඇවිත් මට සැලුට් කරලා කිව්වා " ඔයා කරපු දේට අපේ ප්‍රණාමය. ඒක බොරු බෝම්බයක් . අපේ පුහුනුවීමක් අතරතුරයි ඒක උනේ . "  Are u kidding me " තව පොඩ්ඩෙන් මං මැරෙනවා. ඒත් මාව ඉමහ්ත් ප්‍රීතියෙන් පිරී ඉතිරී ගියා. ඒත් එක්ක්ම මගේ අක්කගේ කටහඩ ඇහුනාම පොඩ්ඩක් අමුතුයි. අමුතුයි වගේ .

සුදූ නැගිටිනවා. ලබන මාසේ විභාගේ . දවල් වෙනකන් නිදා ගන්නවා මෙතන . මම-🙂................................................................................................

But i am hero in my dream 😁


Written by snow queen   💙


Report Page