💔😔

💔😔

T|R



...........................................................................................................................................................................................................................................................................................................................................................................................................................



ජීවිතේ දැනිලා තියෙන ලොකුම කලකිරීම දැනුනු දවසට මිනිස්සු හුගක් අසරණ වෙනවා... කිසිම දෙයක් නොකිය කෙනෙක් තමන්ව මගහරිනවනම් ඒ දැනෙන දුක ඇත්තටම එපා කරවනවා හැම දෙයක්ම... ඒකත් තමන්ගෙ ජීවිතේ ළගින්ම ඉන්න කෙනාගෙන් වෙද්දි ඔව් පිස්සු හැදෙන්න වුණත් ඉඩ තියෙනවා... ඒත් කවද හරි තේරෙයි මොකක්ද වුණේ කියලා... එදාට කිසිම කෙනෙක්ට කිසිම දෙයක් කරන්න බැරි වෙන්න පුළුවන්... සමහර විට ජීවිතයෙන් පවා සමු අරන් තියෙන්න පුළුවන්... 


වේදනාව කලකිරීම කියන එක කදුළු වලින් නැති කරන්න පුළුවන් කියලා හිතන් හිටියා මමත් කාලයක්... නමුත් ඒක කරන්න බැහැ කියලා මටම තේරුණා.. මනුස්සයෙක්ට දෙයක් එපා වෙන්න ආදරයෙන්ම පරාද වෙන්න ඕන නෑ... ළගම කෙනෙක් මගහරිනවා කියලා තේරුණාම ඇති... ඒ වගේම තමන්ගෙ ළගින්ම හිටපු අය වෙනුවට ඒ තමන්ගෙ ළගින්ම හිටපු කෙනා හෙවත් එකම කෙනා කියලා හිතෙද්දි හිතාගන්න පුළුවන් නේද දැනෙන හැගීම... නෑ කිසිම කෙනෙක්ට බැහැ ඒක හිතාගන්න... වෙන අයගෙ වේදනාව දැනෙනවා තමයි ඒත් මේ තරම් දැනෙන්නෙ නෑ කියන එක අද වෙද්දි තේරුම් ගන්න පුළුවන් වුණා... 


මෙච්චර කාලයක් හිතාගෙන හිටියෙ දුකක් කියන දේ නැති කරගන්න පුළුවන් කියලා... ඔව් දැන් තේරෙනවා ඒක හරියට හොද වෙන්නෙ නැති තුවාලයක් වගේ කියලා... හැම නිතරම රිදුම් දෙනවා... කාටවත් කියන්නැහැ කිසිම කෙනෙක්ට දුකක් දෙන්න එපා කියලා... මොකද එහෙම නොදී ඉන්න බැරිව ඇති කාටවත්ම... නමුත් සාධාරණ දෙයක් තේරුම් කරන්න ගිහින් ඒක වැරදියට වටහා ගන්න අය මේ ලෝකෙ ඉන්නවා කියන එක මතක තියාගන්න ඕන...


ෆැන්ටසි ලෝකෙක ජීවත් වෙවී හිටිය රචකයොන්ට කවද හරි වේදනාත්මක රියැලිටි කතා ලියන්න වෙයි කියලා ජීවිතේට හිතපු නැති අයට ඒක ලියන්න වුණා කියන එකට ලොකු උදාහරණයක් වෙන්න පුළුවන් මේක...


මතක තියාගන්න මෙච්චර කාලයක් හිතන් හිටියෙ අනුන්ගෙ දුක අපිටත් ඒ විදිහටම දැනෙනවා කියලා... ඒත් ඒක එහෙම නෑ... තමන්ට දුකක් දැනුනු දවසට ඒක තේරෙනවා... මොකද එහෙම අනුන්ගෙ දුක දැනුනනම් අපිට දැනෙන දුක කවදාවත් දැනට දැනුනු ලොකුම දුක වෙන්නෙ නෑ...

වෙනදට අඩද්දි සනසයි කියලා හිතුණු අයගෙන් මෙහෙම වෙද්දි දැනෙන දේ.....................



තේරුම් ගන්න බැරිව ඇති මොකක්ද කියලා මේ...


කමෙන්ට් දාන්න ඕන නෑ... මොකද ඒවා බලන්න මම සෝෂල් මීඩියා වල නෑ.... 



නවතින්නම් මෙතනින්... කාලෙකට සමු දෙනවා කවි-කතා ජීවිතයට සහ අතීතයේ ජීවත් වුණු ෆැන්ටසි ජීවිතයට....


__________________________________________


T|R 💔


Report Page