❤️❤️

❤️❤️

Chathuri____🖤

🙊💕__හුස්මකට ළගින්__🙊💕


~දෙවන දිග හැරුම~


"සුදූ කොහෙද මෙච්චර වෙලා ගියේ"

ගෙට එද්දිම තාත්තා ඇහුව පුරුද්දටම මන් ගිහින් ඒ පපුවට තුරුල් වෙද්දි...

. "අමා එක්ක වැව ළගට ගියා තාත්තේ" "ම්ම්ම්ම්ම්"

තාත්තා කාමරේට ගියාට පස්සේ මාත් ගියේ වොශ් එකක් දා ගන්න....කොච්චර අගුලු දැම්මත් ඒ රූපේ සැරින් සැරේ හිතේ හොල්මන් කරන්නේ මොකද්ද කියලා මට හිතා ගන්න බැරි විදියට...... රෑ කෑම අරන් ඇවිල්ලා ඇදට පැන්නේ පුරුදු විදියටම හෑන්ඩ් ෆී දෙකත් කනේ ගහන් පරණ මතක අවුස්ස ගන්න......අවුරුදු ගානක් පුරාවටම හැමදාකම රෑට හිත පාර ගන්න එක පුරුද්දකට ගිහින්.....


සීරුනු හදවත පෙලා ආඩම්බරකම් එපා රෑ අඳුරේ මා දවා ආගන්තුකකම් එපා යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා පෑ හාදකම් යලි නෑ ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා සමුගන්න බෑ හිත නෑ මැරුණු හිතේ ඉඩ ඉල්ලා නෑවිත් හිඳින්නම් සොයා පැහැදුල් කතා නෑසී ගියා


කීයට නින්ද ගියාද කියලවත් දන්නෑ වෙනදා වගේමයි අදත් කිසිම වෙනසක් නැතුව ඇස් දෙක රිදුම් දෙන්නේ පපුව මහ වේගෙන් ඇදුම් කද්දි....


. උදේම සීතල වතුරින් නා ගත්තේ කැම්පස් යන්න හිතන්....වැලිමිට ලගට අත් දිග කහ පසු බිමේ සුදු පාටින් මල් වැටුන දෙපතුල ලගට දිග ගවුමක් ඇන්දේ කැම්පස් එකේ මුල් කාලේ ඩෙනිම් අදින්න බැරි නිසා..... පුරුදු ඇදුමට සමු දීලා ගවුම් අදින්න උනේ ඒ නිසා.....

උදේම ෆෝන් එක රින් වෙන්න ගත්තේ වෙන කවුරුත් නෙමේ අමා...


"ආ සුදූ ගුඩ් මෝනිම්"

"මෝනිම් මැනික"


"ලෑස්ති වෙලා ඉක්මනට වරෙම් ඈ පරක්කු නොවී නැත්තම් ඊයේ නැති රැග් අද කන්න වෙයි"


"එනවා එනවා බන් බස් හෝල්ට් එකේ හිටාම්"


ෆෝන් එක කට් කරලා ඉක්මනට පහලට බැස්සේ ඉක්මනට බස් හෝල්ට් එකට යන්න.....


°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°


"මේ බන් අර ඊයේ ආපු කොල්ලෝ දෙන්නා නේහ්"


ඇතුල් වෙන තැනම ගේට්ටුව ගාව හිටපු කොල්ලෝ දෙන්නාව පෙන්නාලා අමා ඇහුවාම මාත් ඒ පැත්ත බැලුවේ ඔව් ඒ ඒ දෙන්න තමා......


"ම්ම්හ් යම් බන්"

ඒකිවත් ඇදන් ඇතුලට ගියේ ඒ දෙන්නත් අපේ පස්සෙන් ඇතුලට එනවා පෙනෙද්දි....


"මුන් දෙන්න මොකද මේ අපේ පස්සෙන් එන්නේ"

"මන් දන්නවද බන් කට පොඩ්ඩක් වහන් හිටපන්කො"

"ඒහ් මේ නංගීලා පොඩ්ඩක් ඔහොම ඔන්නවකෝ ඕයි දුවන්නේ"


ඒ එදා ඇහුන කට හඩ නොවුනත් කතා කරේ අපිට කියලා දැනෙද්දිත් මන් අමාවත් ඇදන් ගියේ ලෙච්ච හෝල් එක ඇතුලට.....


"අමා ඇයි බන් ඒහ්"


"උබ කියපු එක තමා මටත් කියන්න තියෙන්නේ බන් මන් දන්නෙත් නෑහ්"


ලෙච්ච එක ඉවර වෙලා කැන්ටිම පැත්තට ගියේ මොනා හරි බඩට දා ගන්න...... "ආහ් මේ ඉන්නේ"


අපි යන පාර හරස් කරේ වෙන කවුරුත් නෙමේ එ දෙන්නා....ම්ම් මගේ හිතේ ඊයේ ඉදන් හොල්මන් කරපු ඒ ඇස් දෙක......

"මොකද කතා කරද්දි කන් ඇහෙන්නැද්ද"


ඒ නපුරු ගාම්භීර හඩට මාව ගැස්සිලා ගියේ මන් ඔලුව උස්සලා ඒ ඇස් දිහා බලද්දි.......බෑ දෙයියනේ මට මාවත් අමතක කරවන ඒ ඇස් උමතුවක්......


"කට නැද්ද හලෝ කතා කරන්න මගේ දිහා බලන් භාවනා කරන්න නෙමේ කිව්වේ"

අමාත් පුදුම වෙලා බලන් ඉද්දි එයා ආයෙමත් කෑ ගැහුවේ එයාගේ යාලුවා හිනා වෙද්දි......කතා කරන්න තරම් වචන නොවෙද්දි ඒ ඇස් ඉස්සරහ මාව ගොලු කරලා එයාහ්...... අමාවත් ඇදන් මන් හැදුවේ එතනින් යන්න..ම්හු ඒත් ඒ අත ඊට කලින් ඉස්සර වුනේ මගේ අතින් ඇදන් එයා මාව එහාට එක්කන් යද්දි අර හිටපු එයාගේ යාලුවා අමාව එක්කන් ගියේ මන් යන්න දගලද්දි.....


"ඕම ඉන්නවා හලෝ මන් තමුසෙව ගිලින්නෑ ඕයි ඌට පාඩුවේ අරකි එක්ක කතා කර ගන්න දීපන්කෝ"


"ඈහ්"


"ම්ම්හ් ඌ තමුසෙගේ අර නැට්ටව දැකපු වෙලේ ඉදන් ඒකිට පිස්සු වැටිලා"

"මො...මොකාක්ක්"

ඒක ඇහුන ගමන් මට කෑ ගැහුනේ එයා පුදුම වෙලා මගේ දිහා බලන් ඉද්දි.....


"මොකද ඕයි ඔහොම කෑ ගහන්නේ"


"ඒකිට කොල්ලෙක් ඉන්නවානේ ඉතින්"


"ආහ් ඒකට කමක් නෑ ඒක ඌ බලා ගනියි.....ඒක නෙමේ තමුසෙටත් කොල්ලෙක් ඉන්නවද ම්ම්"


මගේ ඇස් ඒ ඇස් වලම පටලන් එයා අහද්දි ලෝභ කමෙන් උනත් ඒ ඇස් වලින් මිදිලා අහක බලා ගත්තේ නුපුරුදු හැගීම් ගොන්නකින් හිත තෙරපෙද්දි.....නෑහ් ඕන්නෑහ් ආයෙමත් කාටවත් ආදරේ කරන්නෑ මන්.......


"පිට්ටු ගිලලද තමුසේ වෙන ඒවට නම් කට තියනවා ඒවට කට නෑහ් මන් හොයා ගන්නම්කෝ"


"ඒක මොකටද ඔයාට" "ඒකෙන් තමුසෙට වැඩක් නැනේහ් පාඩුවේ ඉන්නවා මන් හොයා ගන්නම්"


එයාටත් රවලා මන් අහක බලා ගත්තේ මේ හිතේ තව කෙනෙක්ට දෙන්න ආයෙමත් ඉඩක් හදා ගන්න ඕන්නැති නිසා...... මට මාවත් අමතක කරවන ඒ ඇස් කලාතුරකින් පිහිටන ඒ ඇස් දෙක ඉතින් එයා ලග මාව අතරමං නොවී තියෙයිද......


"අන්න එනවා යනවා දැන් ලෙච්ච එකට"


අමා එද්දිම එයා කිව්වේ මන් හරියට මෙතනට ආවා වගේ ඇදන් ඇවිල්ලා මෙතන......

"ආහ් මේ තව එකක් රෑ වෙලා පාරවල් ගානේ රස්තියාදුවේ ගිහින් මට අහු වෙන්න එපා තමුසේ"


එයාට මොකද මන් කොහේ ගියත් පූහ් එංගලන්තේ මහ රජ්ජුරුවන්ගෙ පුතා කියලද දන්නෑ හිතන් ඉන්නේ...කටින් නොකිව්වත් හිතින් බැන බැනම අමා මුකුත් කියන්න කලින් ඒකිවත් ඇදන් හෝල් එකට ගියේ ආයෙ මොනා හරි කියන්න කලින්......... ________________________________


ඊලග කොටසින් හමුවෙමු…!!

Plzz කියෝන අය කමෙන්ට් එකක් දාන් යන්න අඩු පාඩු තියනවා නම්.ඕන දෙයක් කමෙන්ට් දාන්න .....


Chathu___💙

Report Page