😁😁😁

😁😁😁

Yash🖤

මම ගිය සෙනසුරාදා දින මාහට පැවරී තිබූ සියලු වැඩ අවසන් කර, සෝපාවෙන් වාඩි වී මගේ ජංගම දුරකථනය රැගෙන පිටරට ජනප්‍රිය කතාංගයක අවසන් කොටස නරඹමින් සිටියෙමි. එය මිනිස් තරුණියකගෙ හා පිටසක්වල තරුණයෙකුගේ ප්‍රේම වෘන්තාන්තය පිළිබඳ ව ලියවුණු කතාවක් වූ අතර එය අවසන් වන විට රාත්‍රී අටටත් කිට්ටු වී තිබිණි. මවගෙන් ඇමතුමට අනුව අද ඔවුන්ට යලි නිවස කරා යලි නොහැකිය, එනිසා දොරවල් ජනෙල් වසා ගෙන ගේ තුළට වී පරිස්සමින් සිටින ලෙස අම්මා කීවාය, ඉදින් රාත්‍රී ආහාරය ලබා ගත් මම නින්දට යන්න හැදුවත් එකසැරේ ම ඇසුණු ශබ්දයක් නිසා මම උන් තැනම නැවතිනි. එය ගොරවන සද්දයක් උනත්, එහි අමුත්තක් දැණුනි. ඒක සැරේම ගෙදර මිදුල මහ දවාලේ මෙන් විශාල ආලෝකයකින් ආලෝකමත් විය.


සුදු පාට ඇස් කඩාගෙන යන ආකාරයේ විශාල ආලෝකයක් වූ එය මාගේ දෑස් නිලංකාර කිරීමට සමත් විය. මේ දිනවල පවතින අධික රස්නය නිසා මට තිබූ මහන්සියත් නිසා මෙය මගේ හිතේ තිබූ ඇතිවූ, සිහිනයක් වන්නට ඇතැයි සිතුවෙමි. නමුත් එය සම්පූර්ණයෙන්ම බොරුවක් කරමින් එම ආලෝකය දිගේ පැමිණි කොන්ඩය බොහෝසෙයින් දිග තරුණියක් වැනි කෙනෙක් මගේ ගෙදර දොර ද විනිවිද යමින් මා අසලට පැමිණියාය.


තවමත් කුමක් ද සිදුවූයේ යැයි සිතාගත නොහැකිව මම ගලක් මෙන් මා අසලට පැමිනි එම තරුණ පෙනුමැති යුවතිය දෙස බලා උන්නෙමි. ඇය පැමිණ මාගේ දෑත් දෙකෙන් අල්ලා ගත්තේ මගේ දෙස නෙත් දල්වා බලා සිටියා ය. ඊළග මොහොතේ ඇය ඇගේ අතේ තිබූ රත්තරන් පැහැති වළල්ල මා හට පලදවා මම යලිත් තදින් වැළද ගෙන යලිත් අර විශාල ආලෝකය තුළින් අතුරුදන් වූවාය. ටික වෙලාවකින් විශාල ශබ්දයක් පිට කරමින් එම ආලෝකමත් යානාව අතුරුදහන් වූ අතර මමද පියවි සිහියට පැමිණියෙමි, මුලින් එය සිහිනයක්යැයි සිතුවද, ඇය මට දී ගිය වළල්ල නිසා එය සත්‍යයක් ම විය. එය මම කාටවත් නොකියුවේ නිතැතින්ම ඔවුන් මට මානසික රෝගයක් ඇතැයි කියා සිතන බව දන්නා බැවිනි. නමුත් එම සිදුවීම මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන සිදුවීමක් විය.

Report Page