😂 🔫

😂 🔫

Ashii🐰💖



කදුලු වලින් තෙත් උනු ඇස් වලින් කාර් එකේ කැබි එකෙන් ගත්තු ලියුම් කවරේ දිහා බලන් ඉදි යේ මෙහෙම හීනයක් අපිටත් තිබුණා නේද බං කියලා හිතමින්.... ඒත් අද උබ විතරක් එ හීනෙ ට ගිහින් වෙන එකෙක් එක්ක..... නොලැබීම ද.... අහිමි වීමද... කැප කිරීම ද....


Wenushi & Danosh වැල් අකුරෙන් ලියපු එ ලියුම් කවරේ දිහා බලන් ඉඳලා උනා පු කදුලු අල්ලෙන් පිහිද ගෙන බර හුස්මක් දාලා කාර් එකෙන් බැස්සා...


Orina grand Hotel... උබ ඉස්සර කියනවා වෙඩින් එක මේ හොටෙල් එකේ ගමු කියලා.... අද එ හැම දේම වෙනවා... ඒත් එ මන් එක්ක නෙවෙයි... මොකක් දෝ බරක් හිත ඇතුලේ තෙරපෙද්දී.... බර අඩි තියලා මම ආවේ උබේ වෙඩින් එක තියෙන හෝල් එකට.....


ඉස්සරහ යි න් උබලා දෙන්නගෙ ෆොටෝ එකක්.... වෙනදා දකින එ හිනා ව උබේ මූණේ නෑ මැණික... නිල් මැණික් වගේ එ ඇස් වල උබ මන් ළඟදී දකින සැනසීම නැ.... ඇයි බං අපි මෙහෙම දුක් විඳින්නේ... මොන පවක් කරාට ද....


අද මොනවා උනත් දරාගෙන ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්න ද.... හිත ඇතුලේ එක පිට එක පිට අකුණු ගහනවා වගේ දැනෙද්දී අන්තිම පාරට උබේ මුණ බලන්න මම ඇතුලට ආවේ..... එ එන කොට උබ පෝරුව උඩ....


මාල හතක් දාලා මගේ පතිනිය විඳිය ට පෝරුවට නගින්න ඉඳපු උබ..... අද වෙන අතකට මුද්ද දනවා.... උබේ ඇස් මන් ළඟ නතර වෙද්දී.... අපි අපිට ම අයිති නැති බව දැනෙද්දී විරහව උපරීමෙට අපි විඳිනවා....ඉවසීමේ උපරිම තැන අපි ඉවසනව.... විඳවන්න ඕන උපරිමේට විඳවනවා.....


අවුරුදු 5 ක ආදරයක අවසානය.... දෙදරීමක්.... උබේ අම්මා තාත්තා වෙනුවෙන් ආදරේ කැප කරපු උඹ...

මැණිකක්.... හිමි කමක් නැ උබට දැන්...

අයිතියක් නැ... මොනවා කරන්න ද...


"මගේ ආදරේ හිමිකාරි....

නෙත් මානේ මනමාලි..."


බෑන්ඩ් එක සින්දුව කියනවා... හරියට මට කියනවා වගේ.... ඇස් වල කදුලු එළියට එන්න පොරකද්දී... කා ගෙන හිටියා.... උඹ හෙමින් උගේ අත අල්ලගෙන මන් ළඟට එනවා..... මන් විතරක් විඳින්න ආස උන උබේ ලස්සන... අද මට විඳින්න බැ.... හැම දාම ළඟ තියන් අහන්න ඉඳපු උබේ හුරතල් කතා... අද මට අහන්න බැ... හෙමින් හෙමින් මන් ළඟට එන උබ දිහා බලන් ඉදි යේ දරා ගන්න බැරි සෙනෙහස කින්... අපි අපේ වෙන්න දැකපු හීන.... අද අපිට ම අයිති නැති වෙලා.... අපිට ම විහිලුවක් වෙලා....


මන් ළඟට ආපු උබ ඇස් උස්සල බැලුවා.... එ ඇස් වල තාමත් මන් ගැන ආදරේ පිරිලා.... ඒත් දැන් අපි අපිට ම අයිති නැති වෙලා... ඉස්සර උබ ළඟ තිබ්බ දඟකාර හිනාව අද නැ.... පසු තැවෙන අව්‍යාජ හිනාවක්..... අපි අපිට හිමි නැ දැන් මැණික... ඊළග ආත්මේ උබ කොහොමහරි මගේ කර ගන්නවා..... එතකන් අපි අපේ පව් ගෙවමු මැණික.....


අමාරුවෙන් මුණ ට හිනා වක් අරන් උබ..

..බිඳුණු හඬින්


"කොහොමද අයියේ"


කියලා ඇහුවාම... හොඳයි නංගී කියන්න ශක්තියක් මට තිබ්බේ නෑ මැණික... හිත කෑ ගහලා අඩද්දී.... උබ උස්සගෙන දුවන්න ඕන කියලා හිතේද්දී.... තව තවත් ඉවසුම් නැති වෙද්දී.... ඇස් වල පොර කාපු කදුලු රස්නෙට කම්මුල් දිගේ ගලාගෙන ගියේ... උබේ යි මගේ යි ජීවිත වල මතක අපිට දැන් අයිති නැ කියන්න වගේ... මාත් එක්ක වචන දෙකක් කතා කරපු උබ ඇස් හංගගෙන හැරිලා ගියේ.... දරා ගන්න බැරි තැන කියල දැනුනා.... මොනවා කරන්න ද රන්.... හැරෙන්න බැරි තරම් දුර උබ ගිහින් ඉවරයි....


උබේ මිනිහාගේ අතින් අල්ලාගෙන මම කතා කරද්දී කදුලු වලට දිලිසෙන ඇස් වලින් උබ බලන් ඉදි යේ.... කොහොම හරි මාව ඉල්ල ගන්න කියන්න වගේ.... මම කොහොම එහෙම කරන්න ද රන්.... හිත හයියෙන් කෑ ගහලා උබ ඕන කියලා අඩද්දී මේ පිරිමි හිතට ත් පාලනයක් නැති වෙද්දී... හැමෝගෙන්ම ඇස් හන්ගගෙන එළියට ආවේ ඉවසීමේ උපරිම තැන....


සිහියෙන් හිටියා ඇති කියලා දැනෙද්දී.... සිහිය නැති වෙන්න බොන්න ඕන කියලා හිතෙද්දී.... එ පැත්තට ගියේ ලබන ආත්මේ උබ මගේම කර ගන්නවා කියලා මම මට ම පොරොන්දුවක් වෙලා....


*******************************************


🤵නපුරු සැඩ රැස් සිප ගනිමි මම

වසන්තයේ මල් නො පිපුණාවේ

මහ රෑට හිත් රිදුම් වැඩි වෙයි

අහස මැද සද මැද සද නොතිබුණා වෙ


ඉතින් එහෙනම් නුඹට අවසර

මගෙන් ඈතට ඉගිලුනාවේ

අපේ මතකය හෙමි හෙමින් මේ

අහස යට දිම වැලලුනාවේ


එක්ව දුටු හීනයක සුළැගිලි

නුපුරු අත්ල ක පැටලුනාවේ

පෝරු අෂ්ඨක සිනා මැද්දෙම

අපේ ප්‍රේමය අළු උනා වෙ


👰ඉතින් මට අවසරයි කුමරු නි

ඔබේ ඇස් යළි නො රිදුනා වේ

පුරුදු ඉර හඳ යට ම ඔබ මා

හෙටින් පසු වට තනි උනා වේ


🤵හිනා වුන එ් නුඹේ ඇස් දෙක

විටින් විට මට රිද්දුවාවේ

නුඹ ව හොය හොයා පපුව මැද්ද ට

හැම රෑ යේ මන් කිමිදුනාවේ


පෑරෙද්දී හිත නුඹේ නාමෙන්

කෝටියක් කවි ලිය වුණා වේ

එහෙව් කවියක් කියව කියවා

ලෝකය ම හෙට සැනසුනාවේ


👰අයිති නැතුවට සද ට ජීවය

හිරුගෙනුයි එය සිහි වුණා වේ

ඉතින් තව දුක් සුසුම් කුමට ද

වියෝ ගිනි දැල් නිම උනා වේ


කුමරුනේ පතිනියකි දැන් මම

ඔහුට දිවියම කැප උනා වේ

මතු බවේ හමුවෙන තුරාවට

අපිට අපි යළි නො පෙනුණාවේ


🤵නුඹ යනෙන එ පාර දිගටම

පයට පර සතු පෑගුනාවේ

නුඹේ පපුවේ මන් උන්නු තැන

ඔහුගෙ සෙනෙහෙ න් යට උනා වේ


ඉඳ හිටකවත් නැගුණු හුස්මක

මගේ සුවඳක් නොදැනුනාවේ

අත් හැරීමක් ප්‍රේමයක් බව

අදින් පසු මට වැටහුණාවේ


(ගායනය : හීන with සෂි)

*******************************************


හිතුන දේ කියන් යන් 😊... කියවන හැමෝගෙම comment එක ඕන ❤️






Report Page