💓💌

💓💌


දේවදාර ගස්, කහ පාට බටර්කප් මල් වලින් පිරුණු ලස්සන පාරක්. කහ පාට ගවුම් පොඩ්ඩක් ඇද ගත්තු පුංචි ගෑනු ළමයෙක්.හරිම කලබලෙන් ඉස්සරහට ඇවිද ගෙන යන එයාගෙ අම්මගෙ පස්සෙන් යනව.යනව කියල කියන්න බෑ ,දුවන කියල කිව්වොත් ඒක තමා හරි.ගෑනු ළමයා හුරතල් පාටයි.අවුරුදු හයක් හතක් වගේ පෙනුමක්.මේ ළමයගෙ අම්මා කලබලෙන් ඉන්න බවක් තමයි පෙනුනෙ.ප්‍රශ්න ගොඩක් එක්ක ජීවත් වෙන කෙනෙක් ලොකු හදිසි යකට කොහෙ හරි යනව වගේ.හැබැයි මේ දරුව හරිම සතුටින් අම්මගෙ පිටිපස්සෙන් එනව.එයාගෙ ප්‍රශ්න ඇහිල්ලෙ ඉවරයක් නෑ


අම්මා, අර කුරුල්ලා කවුද.


අම්මා,අර බටර්කප් මල් නේද.


අම්මා ,ඇයි අහස අපි යන යන තැනට අපේ පස්සෙන් එන්නෙ...


ප්‍රශ්න කෝටියයි.මේ අම්මා දරුවගෙ එක ප්‍රශ්නෙකටවත් උත්තර දුන්නෙ නෑ.ඇත්තටම මෙච්චර හුරුබුහුටි කටකාර දැරියගෙම අම්මද මේ කියලත් බලාගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන්.


අම්මා කියන්නකො ඇයි අහස අපෙ පස්සෙන්ම එන්නෙ.


මේ ළමයත් වැඩේ අත අරින පාටක් නෑ


කටවහගෙන එන්නයි කිව්වෙ.ආච්චි අම්මගෙන් අහගන්න එහෙ ගියාට පස්සේ.


ඇත්තටම මේ කාන්තාව විසදගන්න බැරි ප්‍රශ්නෙක හිර වෙලා හිටියෙ.ඇයගෙ සැමියා ඇගෙන් දික්කසාද වෙන්න තීරණය කරල තියනවා.ඔහු වෙනත් කාන්තාවක සමග විවාහ වෙලා විදේශගතවෙන්න සැලසුම් කර ඇති බවත් නොගැළපෙන පවුල් ජීවිතය තුළ තමාට තවත් ජීවත් විය නොහැකි බැවින් දික්කසාද වෙන්න අවශ්‍ය බවත් ඇයට කියනව .ඇත්තෙන්ම ඇය නිරදෝශී ගැහැණියක්.නොගැලපීම් තුළ ජීවිතය තෘප්තිමත් නැති වුවත් තමන්ගේ දරුව වෙනුවෙන් ඇය ජීවත් වුනෙ.එහෙත් දැන් වෙලා තියන දෙයත් එක්ක දරුව සහ ඇය තනිවෙනවා. ඒත දරුව වෙනුවෙන් ජීවත් වෙන්න ඇය තීරණය කරනව.මේ ගැන උපදෙසක් ගන්න ඇය තමන්ගේ මව මුනගැසීමට තමයි මේ යන්නෙ.මේ

කිසිවක් නොදන්න දරුව හිනා වෙව්ච ගමන්මයි.

ඉතින් දරුවා නිසා ජීවත් වුනත් මැයගෙ සිත තුළ කිසිම හැඟීමක් තිබුනෙ නෑ.


ඔය යන අතරමගදි ඇයට හම්බවෙනව ඇගේ පාසල් කාලෙ මිතුරියක්.


ආහ්.ඔයා මෙහෙ...

අම්මව බලන්න ආවද,

අනේ බලන්නකො මේ කෙල්ල.හරිම හුරතල් දෙයියනේ.ඔයා නම් පුදුම වාසනාවන්ත කෙනෙක්.මේවගේ ලස්සන පැංචියක් ලබන්න.ඒකට මම... මගේ දරුවත් මේ වගේ හරිම හුරතල්. එයා අද හිටියනම් මම කොච්චර සතුටින්ද,


ආ.ඇයි කෝ එයා....


මේ කාන්තාව යාළුවගෙන් පුදුමෙන් ඇහුව.


එයා..එයා දෙවියන් වහන්සේගේ තුරුළට ගියා..මොනව කරන්නද දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙ.....


ඇතතටම මේ කාන්තාවගේ කට ඇරුනා කිව්වොත් හරි.

සැමිය නැතිවුනත් දැකපු ගමන් ආදරේ හිතෙන දරුවෙක් හිටියත් ජීවත් වෙන්න ඕනවට ජීවත් වෙන්න තීරණය කරපු ඇය ඇයගේ ජීවිතය තමන්ගේ යාළුව කියපු කතාවෙන් අංශක 180 ක් වෙනස් වුනා කිව්වොත් නිවැරදියි.



සතුට කියන දේ අපි හැමෝම අත් විදල තියනවා.ඇගිලිකරු අතරින් ගලා යන වතුර වගේ තමයි අපේ හිතට සතුට දැනෙන්නෙ.සතුට තියෙන්නෙත් අපේ සිත තුළම වුනත් ඒ කියන සදාකාලික සතුට හොයාගන්න ගොඩක් අය සමත් වෙන්නෙ නෑ.



ඇත්තටම අපි ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන්න ඕන .ප්‍රශ්නයක් ආවම ලෝකෙ ඉන්න අවාසනාවන්ත ම කෙනා තමන් කියල හිතෙන්න පුළුවන්.ඒ වුනාට මතක තියාගන්න අපිට වඩා ප්‍රශ්න තියන මිනිස්සු ඕනතරම් ඉන්න බව . සුභවාදීව හිතන්න පුරුදු වෙන්න . අධ්‍යාපන කටයුතු කඩාවැටීම් , විභාග අසමත් වීම්, ආදර සම්බන්ධතා බිද වැටීම්, තමන්ගේ ළගම අයගෙ වෙන්වීම්, අහිමිවීම් වගේ ගොඩක් ප්‍රශ්න වලදි සුභවාදීව හිතල වැඩ කරන්න පුරුදු වෙන එක ඉතාම වැදගත්. බුද්ධ දර්ශනයට අනුව නම් මේ කන්සෙප්ට් එක අටලෝදහම හමුවේ මැදිහත් සිතින් ක්‍රියා කිරීම කියල හදුන්වන්න පුලුවන්.ලද දෙයින් සතුටු වෙන්න ඕන කියල අපි හැමෝම අහල තිබුනට තමන් එහෙම හැසිරෙන්න ඕන වෙලාවට ඒ දේ ක්‍රියාවට නංවන්න අපි පුරුදු වෙන්නෙ නෑ. ඉතින් කඩාවැටීම්, ප්‍රතික්ෂේප වීම් , අහිමිවීම් තුළ වුවත් සතුටු වෙන්න පුළුවන් පොඩි හරි කාරණාවක් හොයාගෙන ජීවිතය සතුටින් ගත කරන්න අපි පුරුදු විය යුතුයි......




✍️W^_____^K

https://t.me/CuteHart

Report Page