ඔබ, ඔබවම සොයා යාම ජීවිතයයි..!❤️

ඔබ, ඔබවම සොයා යාම ජීවිතයයි..!❤️

Dulmi Himasara

" ප්‍රේමයේ නාමයෙන් නිවී සුපහන් වූ තාරුණ්‍යයේ පරිත්‍යාගය "

🌺 හුස්ම 🌺

පළමු දිගහැරුම,

සුදෝ සුදු පාටින් මල්වට්ටිය ටිකෙන් ටික ඉද්ද මලින් පිරෙනකොට හීතල හුළගත් එක්ක සිහින් හිරිපොද ඇගේ දෙකොපුල සිපගත්තා. 🌼.පරිස්සමෙන් අඩිය තියලා දිග ගවුමේ මඩ නොගෑවෙන්න වගබලා ගත්තා. වැස්ස තවම පොඩි ඉගියක් විතරයි කළේ.💧. ඒ නිසාම වත්තේ අයිනේ ඔළිද ගහ යට නිල්කටරොළු වැලින් මල් වට්ටිය හැඩකරන්න ඈ හිතුවා.💐. ගස් හෙවණට මුවා වුණාට පුංචි අතු රිකිලිවලින් බේරුණු වැහි බිංදු වරින් වරේට ඈ මතට ගිලිහුණා.🌧️. ගහ අද්දර වැටට එහා වතුර පිරුණු පොකුණට වැහි බිංදු වැටිලා මවන රටා ආසාවෙන් බලන් හිටියා. හරි සැනසීමක් දැණුනත් දිග සුසුමකින් ඈ ළය පුරා හුස්මක් ගත්තා.💓. ඇයටත් නොදැනිම ඈ අතීතේ මතක යායට සමවැදිලා. ඒ මතක ඈ ප්‍රාණවත් කළ බව නම් නොරහසක්..!


💭💭💭💭💭


" දෙනෙත්, එයාට පාඩුවේ ඉන්න දීපං . දන්නවනේ ඕකිගේ යකා ඇවිස්සුනාම මෙතන පිස්සු නටයි. මට නං බෑ ගිය පාර වගේ ආයෙම හුණුකොට්ටෙං කන්ඩ."
සුනෙර කිව්වේ පෙරේදා වුණ රණ්ඩුව මතක් කරන ගමන්. 😑


" ඒ වුණාට බං, මට ඒකිව අවුස්සන්නමයි හිතෙන්නේ. බලපංකෝ එතකොට ඒකිගේ මූණ. මැරෙන්ඩ හිනාවෙන්න පුළුවන් මට නං." 😌
දෙනෙත් කිව්වේ සුනෙරගේ කතාව තුට්ටුවට දාලා.


" උඹ ඕන ඉලව්වක් කරගනින්. මං නෑ ඕවට." 😒
සුනෙර අනිත් කල්ලියට එකතු වෙන්න පංතියේ අන්තිම පේළියට ගියා.
දෙනෙත්ටත් තනියම ඉන්න බැරි නිසා එයත් කල්ලියට සෙට් වුණා.


එදා තදේට වැස්ස දවසක්.! 🌧️. උදේ ඉදන් මොර සූරන වැස්ස. අංශ කාමරේට එහායින් වෙන්න පංතිය තිබ්බ හින්දා එකේ උපරිම විනෝදේ ගන්න නම් සෙට් එක හොදට දන්නවා. 😄. බට පැලලි ටික පාත් කරලම තමා කට්ටිය වැඩ ඇල්ලුවේ. ගෑනු ළමයි, පිරිමි ළමයි බෙදුණා පිල් දෙකකට, දැන් ඉතින් දෙපැත්තට සිංදුවෙන් සිංදුව. 🤗.


ටික වෙලාවකින් ගෑනු ළමයි පටන්ගත්තා පොඩි උන් ටික වගේ කඩදාසි බෝට්ටු හදන්න. වැස්සේ තෙමීගෙන පංතියේ පිටිපස්සේ කාණුව දිගේ බෝට්ටු පා කරනවා. ⛵. වැස්සේ උපරිම සතුටක් හැමෝම වින්දා.


ඉස්කෝලේ ඉවර වෙලා පිරිමි ළමයි ටික පිම්මේ දිව්වා bus halt එකට කුඩ නැති හින්දා. ගෑනු ළමයින්ට හොදට හිනා. 😅.


සුදු පාට මල් වැටුණු නිල් පාට කුඩේ යට දුශේන්ද්‍රා හිටියෙත් යාළුවෝ එක්කලා පිරිමි ළමයින්ට හිනාවෙවී. 🤭. දෙනෙත් තමා සෙට් එකෙන් අන්තිමටම දිව්වේ. ඉස්කෝලේ වෙලාවේ දුශේන්ද්‍රාට මුකුත් කරගන්න බැරුව දෙනෙත් හිටියේ මාර කම්මැලිකමින්. 🥴


දෙනෙත් දැක්කා දුශේන්ද්‍රා ඉන්නේ මඩ වළක් ළග කියලා. කල්හාර දෙනෙත්ගේ ඇස්, මඩවළ දිහාවටයි දුශේන්ද්‍රා දිහාවටයි මාරු වෙනවා හොරෙන්ම දැක්කා. 🙄. කොල්ලට වැඩේ මීටර් වුණා...


"දෙනෙත්, උඹ ඕක හිතුවට කමක් නෑ. කරන්නේ ඒම නෑ මී හරකා වගේ. කියන එක අහපං...ඒ... ඕකී උඹට කුඩෙන්ම නෙළයි..ඊ... වෙන්න කලින් බොට මං මේ කියන්නේ... ආ....ඒ..." 😧

" ජබොග්..ග්..ග්..." ⛲



ඊළග මොහොතට 👉


🏵️🏵️🏵️🏵️🏵️

ඔයාලගේ අදහස්, උදහස් මට ලැබෙන පන්නරයක්! ඒ නිසා ඒ දේ මං ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. මේ මගේ කුළුදුල් නිර්මාණය. ඒ නිසා ඔයාලගේ ආදරය මට ගොඩක් වටිනවා. දිගටම "හුස්ම" එක්ක අත්වැල් බැදගන්න කියලා ඔයාලාට ආදරෙන් ආරාධනා කරනවා.

මං,
~ දුහි~ ❤️


Report Page