💮✊

💮✊


රහත් හිමිවරුන් උඩින් වඩිනවා


වී පැදුරට හෙවණැල්ල වැටෙනවා


සිරිමහ බෝ පත් බුදු බණ ලියවී

පා වී යනවා වැව් සුළගේ


කහ මල් පොකුරු වගේ රන්වැලි සෑරදුනේ.




බුදු දහම ලංකාව තුල ස්ථාපිත වූ කාලය .සසර ගමන නිමා කරන්නට ,උතුම් වූ රහත් භාවය ලබා ගන්නට පින් තිබූ අයවලුන් පහල වූ කාලය. වී පැදුරක් අව්වෙ දැමූ විට වේලාගැනීමටවත් නොහැකි වන සේ රහත් හිමිවරුන් ඍදියෙන් වඩින ආකාරය වී පැදුරෙහි සටහන් වූ ආකාරය.උතුම් සද්ධර්මය රහතුන්ගෙ මුවින් දේශනා කරලූ කාලය. ගමයි,දාගැබයි,වැවයි,පන්ලයි සංකල්පය පසක් කරමින් බුදු බණ ලියවී වැව් සුළගේ පාවෙන සිරිමහ බෝ පත්, බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් බදු ශාන්ත වූ රුවන්වැලිමහසෑය ..........



වෙනමම ලෝකයකට අපිව අරන් යන ආධ්‍යාත්මික පැතිකඩක් විවර කර දෙන අපූරු ගීතයක් "රහත් හිමිවරුන්"

නවීනයන් සහ ප්‍රවීණයන් ගේ එකතුවකින් බිහිවුණු අපූර්ව නිර්මාණයක් තමයි මේ.

ප්‍රවීණයෙක් වන චන්ද්‍රසේන තලංගම ශූරීන් අතින් පදරචනය කෙරුණු කනට රහට මියුසික් හොයන අයට දෙයියෙක් නෙමේ දේවාලයක් කියල කියන්න පුළුවන් චරිත අතලගේ ගෙ සංගීතයෙනුත් රැප් කලාවේ විශිෂ්ටයෙකු වන රවි ජේගෙ හා දයාන් හේවගේ ගෙ දායකත්වයෙනුත් සමන්විත අපූරු නිර්මාණයක් රහත් හිමිවරුන්.


මෙම ගීතය තුළින් හිතන්න ගොඩක් දේවල් විවර කරල දීල තියනවා.සින්දුව පටන් ගන්නෙ අතීතයෙන් වුනාට වර්තමානයේ බුදු දහම මිනිසුන් තේරුම් අරන් තියන ආකාරය පිළිබඳ ප්‍රශ්නයක් විමසීම සිදු වෙනවා. ඒ සමකාලීන සිදුවීම් තුළින්."සැප රතෙන් ඇවිත් අතහැරීම ගැන දෙසුවෙ අපෙ සාදු නිවන් දුර නිසා ද","සෙත් පතා මාඅත බැදි පිරිත් නූල දුටුව මස් කඩේ මුදලාලි අතේ ප්‍රාණගාතේ පවුනම් මරුවෙක් ඇයි නූලක් බැදන් " මේ පිළිබඳව විවිධ අය විවිධ අදහස් පල කරන්න පුළුවන්.කොහොමවුනත්" මේ මනසින් ගැළවෙන්න මනසින් හිතන්නයි ඕන "කියන පද පේළියට මමත් එකගයි.අත්හරිනව කිය කිය හැමදේම බදාගෙන අල්ලගන්න මිනිසුන්ට අවබෝධයක් ලබා දෙන්න මේ ගීතයට පුලුවන්.



මහා විහාරේ මහ සග රුවනේ මුවින් නැගේ බුදු ගුණ වරුණා වේ


තව කප් දහසක් අප හට පිහිටයි දොරින් දොරට පිඩු සිගා වඩිනු මැන


කහ මල් පොකුරු වගේ රන්වැලි සෑ රදුනේ



ඇස් දෙක පියාගෙන අහල බලන්න .චිත්ත රූප මැවෙයි. චිත්ත රූප මැවෙනවා කියන්නෙ රචකයාගේ දක්ෂතාවය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.ඒ වගේමයි මියුසික් සහ වොයිස්.සින්දුවේ අර්ථය වැඩි කරල තවත් හැඩ වැඩ කරන්න වොයිස් එක වගේම චරිතගෙ මෙලඩි එකත් මාර සප් එකක් දීල තියෙනවා.ඔළුව රිලැක්ස් කරගන්න පුළුවන් සුපිරියක් ඉතින් මේ සින්දුව.


බුදු හාමුදුරුවෝ දේශනා කරපු බෞද්ධ දර්ශනය මද , විකෘති වීමකින් තොරව අද අපි අහන්නෙ දකින්නෙ, කියන ප්‍රශ්නයත් මේ තුළ ගැබ් වෙලා තියෙනව.



තමාගේ ගැලවුම්කරු තමන්ම තමයි කියල කියමනකුත් ඔයාලා අහල ඇතිනෙ."ඇත්ත මට වැටහෙනකන් ඇත්ත හොයගෙන යමි මං"සැබැවින්ම සිදුවිය යුත්තේ එය නොවේද .ඒ ප්‍රශ්නය මගෙන් ඔබට.....



නූතන පරපුරේ දැකපු විශිෂ්ට ගණයේ නිර්මාණයක් නිසා තමයි මේ ගැන ලිව්වෙ.ඉතින් ඔයාලගේ අදහසුත් කියාගෙන යන්න .



Office song-https://youtu.be/yg5PXGg4ARI


In Kuweni by charitha atthalage-https://youtu.be/5bf7Qm0OfC0

Report Page