🙂

🙂

Tharushi Udeshika

ප්පුඑ

https://telegra.ph/%E0%B7%83%E0%B6%B1%E0%B7%84%E0%B7%83%E0%B6%9A-05-25

❣️✨️✨️❣️✨️✨️❣️✨️✨️❣️


හතරවන කොටස 


"හ්...අම්මලා මෙයාව ද දැන් මේ මගේ කරේ එල්ලන්න හදන්නේ .....කොහෙන් ද ගෙනාවේ මේ දේපළවලට තණ්හාවෙන් ආපු ගෑනිව"


එහෙම කියාගෙන ආදි විශාකා ළගට එද්දි සෙනූ විශාකාගේ පිටි පස්සට ආදිගේ ඇස් කේන්තියෙන් රතු වෙනවා දකිනකොට කෙල්ලට බයට. ඒ වගේම කෙල්ලට ගොඩක් දුක හිතුනා හීනකින් මේ දේප්ල ගැන කිසිම බලාපොරොත්තුවක් තිබුනෙත් නැතුව ආදි එහෙම කියද්දී .


'චටාස්'


තමන්ගේ කියමනට සෙනූ පැමිණියා මිස ඇය මේ දේපළ බලාපොරොත්තුවෙන් ආපු ගමනක් නොවෙන බව දන්නා විශාකාට ආදිත්‍යගේ වදන් කෙරෙහි ඇති වූයේ ඉවසිය නොහැකි කේන්තියකින් ඇය වැරෙන් පහරක්ආදිත්‍යට කම්මුල් පහරක් එල්ල කරනුයේ එබැවිනි.


"කටවහනවා ආදිත්‍ය .....තමුන්ගේ කරේ එල්ලන්නවත් දේපළ තණ්හාවෙන් වත් මේ දරුවා ආවේ නෑ... මගේ ඉල්ලීමටයි මේ දරුවා ආවේ . තමුන්‍ අර පැත්තට දාලා ඉන්න තමන්ගෙම දරුවට අම්මෙක් මන් ගෙනාවේ.....කොහොමද ආදිත්‍ය ඔහොම තමුන් හැසිරෙන්නේ ."


"අම්මා අද කොහෙවත් ඉන්න එකියක් නිසා අම්මගේ ලොකූට අත ඉස්සුවා නේද ? අම්මට තේරෙන්නේ නෑ  අම්මේ මන් විදින වේදනාව අම්මට විතරක් නෙමෙයි එකෙකුටවත් තේරෙන්නේ නෑ....මාව."


ආදිත්‍ය නිවසින් පිටවුනේ සාලේ තිබුන බඩුමුට්ටු පොළොවේ ගසමින් සෙනූට පිච්චිලා යන්න තරම් රවලා. 


"දෙයියනේ මේ මනුස්සයා එක්ක මේ ගෙදර ඉන්නේ කොහොමද මන් හිතුවේ ටිකක් හරි මනුස්සකමක් ඇති කියලා.ඒත් මේකා එහෙන් පිටින්ම යකෙක් නේ.......මොනා උනත් ඔයාට පරිස්සමින් ඉන්න වෙනවා සෙනූ....මේ මිනිහාගේ අතටම හරියට,අහු වුනොත් නම් ඔයාව ඉතුරු කරන එකක් නෑ....."


සෙනූ තමාටම මුමුණ ගත්තේ ආදිත්‍යගේ හැසිරීම් එක්ක හිතට බයක් දැනෙද්දී.


"දූ....අනේ මට සමාවෙන්න මගේ කියමනට මෙහෙට ඇවිත් මේ වගේ කැත කතා අහන්න වෙනවට"


"ඒකට කමක් නෑ...අම්මා." විශාකා දෙස හිනා මුසු මුහුණින් පැවසුවේ  සෙනූගේ ඇස්වල කදුළු එළියට නොපෙනෙන ලෙස.


"මේ ඉන්නේ ආදිත්‍යගේ මල්ලි තේනුක ඔයාට වෙන්නෙත් අයියා . එතකොට මේ තමයි අපේ ගෙදර පුංචි දඟයා මෙයා ගැන තමයි මන් කිව්වේ. ආදිත්‍ය මූණවත් නොබලන එයාගේ දරුවා නෙත්රු"


විශාකා සෙනූ අතින් තිබ්බේ නිල් පාට පැනල් එකෙන් ඔතපු පුංචි බබෙක් . කෙල්ලට හීල්ලුනේ  ඒ අහිංසක මූණ දකිද්දී ආදරේ හිතෙනවා ඒ මූණ දකින ඕනිම කෙනෙකුට .


"මේ තරම් ලස්සන ,අහිංසක කොලු පැටියෙක්ට ද දෙයියනේ අර මනුස්සයා මේ වෙනස්කම් කරන්නේ ....." පුංචි පැටියා දිහා කෙල්ල කදුළු පුරවන් බලන් හිතින් මිමිණුවේ.


"සුදු පුතේ...අද ඉදන් මන් තමා ඔයාගේ අම්මී තේරුනා ද ඔයාට ...." 


කෙල්ල කොල්ලට කියමින් පපුවට තුරුලු කර ගත්තේ උතුරා යන මව් සෙනෙහසින්. විශාකා වගේම තේනුකත් මේ දෙන්නා දිහා බලන් හරි සතුටින් හිනා උනා.


සෙනූ යනක් ඉදලා තේනුක කතා කරන්න පටන් ගත්තේ .


"අම්මා දැන් කොහොමද සෙනූව අයියට බන්ඳන්නේ...දැක්කනේ නටපු පිස්සුව. "


"එයා ඔහොම නෙමෙයි කොහොම නැටුවත් හෙට සෙනූව එයා බඳිනවා. ඒක ස්ථීරයි පොඩී"


"අම්මා...හෙට "


"ඔව් හෙට තාත්තා එක්ක මන් මේ ගැන කතා කරහම එයත් කැමති උනා කල් ගත්තා කියලා අයියා කැමති වෙන්නේ නෑනේ පොඩී....හසින්ත අන්කල් හෙට උදේ එන්නම් කියලා. "


"හ්ම්ම්....තාත්තා කිව්වා අම්මා අයියව හෙට කොහොම හරි ඔෆිස් එක්ක යන්නත් ඕනී කියලාත් බිස්නස් ඔක්කොම අවුල් වෙලා අයියා නැතුව. තාත්තාටයි මටයි ඔකෝම හැන්ඩ්ල් කරන්න බෑ...තේව් අයියට එයාගේ කම්පැණි එකේ වැඩ නිසා හැමවෙලේම අපේ ඒවට සපෝට් කරන්නත් බෑනේ ....හෙට එතකොට මේ දේවල් ඔකෝම කරන කොට අයියට තවත් කේන්ති යයි. ලෝක යුද්ධක් බලා ගන්න පුළුවන් වෙයි අම්මා අයියයි තාත්තයි අතර."


තේනුක එහෙම කියන් එතනින් ගියේ හෙට වෙන්න තියෙන දේවල් කොහොම වෙයිද කියලා හිතා ගන්න බැරුව.


--------------------


මේ හැමදේම කොහොම උනත් සෙනූ ඉන්නේ චූටි පැටියා එක්ක පුදුම සතුටින් . පුංචි නෙත්රු පවා සෙනූට ලං වෙලා තියෙන්නේ සෙනූව එයාගෙම අම්මා කරගෙන. රෑ වෙනකන්ම සෙනූ එක්ක කෝලම් කරන නෙත්රුට නින්ද කියන එක අහලකවත් නෑ......


"නිදන්නේ...නැද්ද පුතූ....කෝලම් කරන්නේ...."


සෙනූ කොල්ලගෙන් අහන්නේ සිය ඇඟිලි තුඩු වලින් ඒ චූටි කම්මුල් පිරි මදින ගමන්.


"දන්නව ද පුතූ....ඔයාගේ තාත්ති නම් යකෙක්......ඒත් එයාගේ ඇස්වල තියෙන්නේ දුකක් පුතූ...ඔයාටම විතරමයි තාත්තව හිනස්සලා සතුටු කරන්න පුළුවන් . "


ඒත් එක්කම වගේ වීදුරුවක් බිදෙන සද්දයක් ඇහුන නිසා කෙල්ල ගැස්සිලා ඉක්මනින් ඇඳෙන් නැගිටලා රූම් එකෙන් එළියට ගියේ සද්දේ ඇහුනේ කොහෙන් ද බලන්න.


සෙනූ හිටපු රූම් එකට ටිකක් එහාට වෙන්න තියෙන රූම් එකෙන් සද්දයක් ඇහුනේ කියලා තේරුන නිසා ඒ ළගින් සෙනූ නතර උනේ කවුද බලන්න.


"දෙයියනේ.....ආදිත්‍ය ......"


කෙල්ලට එක පාරම කෑ ගැහුනේ..... ආදි කණ්ණාඩි මේසෙට ගහද්දී ඒ අත් වලින් ලේ බේරෙනවා දකිද්දී .


මුළු රූම් එක පුරාම බීපු හිස් බෝතල් වගේම බියර් ටින් පිරිලා. එහෙම්ම කෙල්ල දුවන් ගිහින් ආදිගේ අතින් අල්ල ගන්නේ ආයිත් පාරක් වීදුරුවට ගහන්න යද්දී.


"ආදිත්‍ය නවත්තන්න . ඔයාට පිස්සු ද?"


කණ්ණාඩිය පැත්තට හැරිලා ඉන්න ආදී සෙනූ අල්ලන් හිටපු අත ගසලා දාලා.....සෙනූව එතන තියෙන බිත්තියට තද කළේ ඒ ඇස් කේන්තියෙන් රත් පැහැවෙලා පෙනෙන කොට සෙනූව බයටම ගැහෙද්දී .


"තමුසේ...තමුසේ කොහොමද ඕයී...මගේ අතින් ඇල්ලුවේ .......ඔව් යකෝ...ඔව් මට පිස්සු මට පිස්සු හදන්නේ උබයි මේ ගෙදර ඉන්න අනිත් උන් ඔක්කෝමයි."


එහෙම කියන ගමන් සෙනූගේ අත තද කරලා අල්ල ගත්තේ සෙනූට රිදෙන්නම. 


"අහ්....අනේ සො...සොරි...ආදිත්‍ය ප්ලීස් අනේ රිදෙනවා අත අරින්නකෝ..මට යන්න දෙන්න."


සෙනූගේ මූණ දිගේ කදුළු වැල් කඬා හැලෙන්නේ රිදුම් දෙන අතේ වේදනාවෙන් ආදිත්‍යට කිව්වේ.


"මම ද තමුසෙව මෙතනට ගෙන්න ගත්තේ ....ලැජ්ජාවක් නැද්ද ඕයී...මෙහෙම කාමර ගානේ රිංගන්නේ.. තමුසේ හිතන් ඉන්නේ මගේ ඇගේ එල්ලෙන්න නම් මේකත් හොඳට මතක තියා ගනිම්....මේ හිතේ ඉන්න එකම එක ගෑනියයී.....ඒ මගේ නෙතූ විතරමයි" 


ආදි එහෙම කියලා සෙනූව ඇදගෙන ගිහින් රූම් එකෙන් එළියට ඇදලා දාන්නේ....හිතක් පපුවක් නැති ගානට. ඇස්වලින් කදුළු බේරෙන සෙනූ දොර දිහා බලන් .....


"කවදාවත් මන් ඔය හිතේ ඉඩක් ඉල්ලන්නේ නෑ....ආදි මන් ඔයාගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ....ඔයා ළග වැද වැටීගෙන ආදරේ ඉල්ලන්නෙත් නෑ.....ඔයාගේ හිතේ නෙතූට තියෙන ඉඩ මට එපා ආදි......"


කදුළු පිහිදගෙන රූම් එකට ගිය සෙනූ නෙත්රු තුරුල් කර ගත්තේ තමන්ට කියලා මේ ගෙදර තියෙන එකම සතුට පුංචි නෙත්රු නිසා.


මව් සෙනෙහසක් 

අහිමි පැටියෙක්ට

මවක් වන්නම් 

හැම දුක් ගැහැටක්ම

දරා ගනිමින් 

🤍❤️

#සෙනෙහසක්#   ( ✍️ Keshu )


❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️


ආදි නපුරුයි නේ ද?😪 පව් සෙනූ🥺


ගොඩාක් සතුටුයි කමෙන්ට් දැක්කම😊❤️. ගොඩක් අය ඉල්ලලා තිබ්බ නවත්තන්න එපා කියලා. කමෙන්ට් දානවා නම් මන් නවත්තන්නේ නෑ ....හැබැයි කමෙන්ට් අඩු උනොතින් මන් කතාව නොකියම නවත්තයි🙂 කමෙන්ට්ස් ඔකෝටම බොහොම ස්තූතියි🥰🙏❤️ 


පරිස්සමින් ඉන්න හැමෝම♥️ 

බුදුසරණයි 

✍️ Tharu 💕


🚫කතෘගේ අවසරයකින් තොරව කතාව කොපිකිරීම වෙනත් ගෘප්වල හෝ කිසිදු සමාජ මාධ්‍යජාලයක කිරීම සපුරා තහනම්. කතා ලෝකය සතුයි🚫

Report Page