☸️☸️☸️☸️☸️☸️☸️

☸️☸️☸️☸️☸️☸️☸️

PASINDU PRASATH💚💛

☸️☸️☸️🧘🧘🙏🙏🙏🧘🧘☸️☸️☸️


කර්මය උරුම කොට පැමිණි

කර්මය ඥාති කොට පැමිණි සියලු ප්‍රාණීන් අරබයා ගොඩනැගුණු භව චක්‍රයයෙහි මෝක්ෂය නම් වූ හිනිපෙත්ත සොයා


විඩාබරිත එවන් මගක පවතින ලොවෙහි සනාතනික ධර්මතාවය එසේත් නැතිනම් පරමාර්ථය සොයා ගැනීමෙහිලා මංමුලාවූ,


පංචස්කන්ධයන්ට හිමිකම් කියන නොකින අනේකවිධ සත්වයන්ගේ විමුක්ති මාර්ගය මෙන්ම සියළු සන්තානයන් ලෝදහමින්,ආර්‍ය ප්‍රතිපදාවෙන් හික්මවීම උදෙසාම

විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුලුල්ලේ ඉමක් කොනක් නොපෙනෙන අතිභයානක සසර ගමන තුල අනේක ජාති වල ඉපදෙමින් මැරෙමින් බෝධිකාරක ධර්ම පූර්ණය කරමින් සාමන්‍ය පෘතග්ජන මනසට ගෝචර නොවෙන තරම් වූ අනේක විද දුක්ඛයන්ට මූන දෙමින්,අප්‍රමාණ කාලයක් ඒසානම් කැපකිරීමක් කල ඒ උත්තමයන් වහන්සේගේ පශ්චිම භවය මනුලොව ඉපදීමේ මහා මංගල්‍යයත්,


සත් අසංඛ්‍ය කල්පලක්ශයක් මනෝප්‍රනිදාන වශයෙනුත් නව අසංක්‍ය කල්පලක්ෂයක් වචීප්‍රනිදාන වශයෙනුත් සාරාසංක්‍ය කල්පලක්ෂයක් කායප්‍රනිදාන වශයෙනුත් සත්තිස් බෝධිපාශ්චික ධර්මයන් වල පිහිටමින් පිරූ සමතිස් පාරමීතා වන්හි අග්‍රඵලය, සියළු ආශ්‍රවයන් ක්ශය කර සර්වඥාතා ඥාණය මුදුනේ තබා අනන්ත ගුණ,බල,ඥාණ දරමින් අභිසම්බෝධියට පැමිනි උන්වනන්සේ 

පස්මරුන් පරදවා කෝටිලක්ශයක් සක්වළ තුල තම ආඥාව පතුරවමින් සම්බුද්ධ රාජ්‍යක් මේ ලෝකධාතුවට උදාකරවීමේ මහා මංගල්‍යත්,


පාරමීසම්පාදන මුළු කාලය තුළදීම බුදුසසුන් 512027ක් මගහැර ,දීපංකර බුදු සසුනෙහිදී එක් සතරපද ගාතාවක් අසා අරිහත්බව ලබමින් සසර දුක් නිමා කරගැනීමට අවස්තාව ලදත් තවමත් ලාමක අකුසල මූලයන්ට යටත්ව මාරධර්ම වලින් වෙලී,එතී පැටලුම් ලිහා ගන්නට බැරුව දඟලන සසර දුක්විදින සියලු සත්වයන්ට අවිද්‍යාව නැමති මෝහන්ධකාරය දුරුකරන යතාභූතඥාණ දර්ශනය නැමති ප්‍රඥාලෝකයම ළඟාකරන මින් පෙර කිසිඳු දෙවියෙකුගෙන් හෝ බ්‍රහ්මයෙකුගෙන් හෝ මොනයම් ආකාරයේ වූ පුද්ගලයෙකුගෙන් හෝ නොඇසූ සත්‍ය ඥාණ,කෘත්‍ය ඥාණ,කෘත ඥාණ වශයෙන් දොලොස් ආකාරයකින්ම අවබෝධ කර ගතයුතු චතුරාර්‍ය සත්‍ය ධර්මය දේශනා කළ,තුන්ලෝකයටම අග්‍රවූ අති ශ්‍රේෂ්ඨ මනුශ්‍යරත්‍නය සියළු බුද්ධ කෘත්‍ය නිමා කර අතීතයේ ලොව වැඩවිසූ දසබලධාරීන්වහන්සේලා සේම මුලුලෝක ධාතුවම කම්පා කරවා සියලුම සංස්කාර ධර්මයන්ගේ යථාභූත ස්වභාවය ලෝක සත්වයාට පසක් කරවමින් උන්වහන්සේගේ පිරිනිවීමත් සිදුවූ


වෙසඟ🌕;


මා ඇතුළු සියලු කල්‍යාණ මිතුරු මිතුරියන්ගේ නිර්වාණ මාර්ගය එළිකර ගැනීමෙහිලාම

අමූලිකා ශ්‍රද්ධාවේ නොව ආකාරවතී ශ්‍රද්ධාවෙහිම පිහිටීමට සිහිනුවණ වැඩේවා...


නූපන් කුසල් උපදවා ගැනීමටත්,

උපන් කුසල් තවතවත් වර්ධනය කර ගැනීමටත්,

නූපන් අකුසල් නූපදවා සිටීමටත්,

උපන් අකුසල් දුරුකිරීමටත්

වීර්‍ය වැඩේවා...


කළ්‍යාණමිත්‍රයන්ගේ ආශ්‍රය තවතවත් ලගා කරගැනීමට, නිවැරදි සම්මාදිට්ටියේම පිහිටීමට,

නිර්මල ධර්මපර්‍යාය ඇසීමට නිර්මල ධර්ම පර්‍යායම දරාගැනීමට සියළුම දෙනාගේ

ප්‍රඥාවා වැඩේවා....


ඒසානම් කාලයක් මුළුල්ලේ අපරිමිත කැපකිරීම් කල උන්වහන්සේ උදෙසා සීල,සමාධි ප්‍රඥා ගුණයන් වඩවා ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වීමට සියලු දෙනාටම හැකිවේවා...


මහාපුරුශ සෙයියාවෙන් බෝධිකාරක ධර්ම පූර්ණය කරමින් සියලුම සත්වයන් සසර දුකින් අත්මිදවීමේ පරම උත්තම චේතනාව තම විඥාණයන්හි ආශිර්වාදය කරගත් සියලුම මහබෝසතාණන් වහසේලාගේද 

පාරමිතා පූර්ණයට අනුබල දෙමින් ඒ උත්තම අරමුන මුදුන්පත් කර ගැනීමට උපකාර කරන සියලු සම්බුද්ධ පරිවාරයන්ගේද වීර්‍ය,ප්‍රඥා වැඩේවා...


සියලුම දෙනාට ආර්‍යශ්ඨාංගික මාර්ගය තුළ ද්වාරත්‍රයම හික්මවා උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම පාරමී වැඩේවා.


තෙරුවන් සරණයි....😊🙏🙏😊

Report Page