.............

.............


අද දීගෙක ගිය නුඹ මට

බුලත් අතක් දීලා...

යන්න පිටත් වූ මොහොතේ

මගේ දෙපා වැදලා...

එතෙක් සිනහවෙන් සිටි මා..

කොහෙදෝ තනි වීලා...

නෙතේ කදුලු සිර කරගෙන

සිටියෙමි තනි වීලා...


ඔය සින්දුව තිබුනේ මගෙ අයියගෙ පෝන් එකේ

එයා පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකන් ඉදලා පෝන් එක අරන් තියෙන සබ්බ සකලමනාවම අවුස්සන්න මම හරි ආසයි...නංගි විදිහට මටත් වැඩක් තියෙන්නෙපැයි...😏🥲


ඉතින් අද brother's day එක...


මට ඉන්න එකම අයියා ගැන අද වගේ දවසකවත් මම අතින් සටහනක් නොලියෙවුනොත් වැඩක් නැහැ කියල හිතෙනවා...


දන්නවද..අයියලා ඉන්නවනේ...එයාලා කවදාවත් ආදරේ පෙන්නන්නෑ...අත්දැකීමෙන් දන්න දෙයක් මම...

ඒත් මට එයාව ඕන වෙන්නෙ කොයි වෙලාවෙද...එයා මන් ගාව හෙවනැල්ල වගේ හිටියා...

කවදාවත් එයා මගෙ උපන්දිනේකට විශ් කරල නෑ...කවදාවත් නංගි මම උබට ආදරෙයි කියල කියලත් නැහැ...කවදාවත් අලුතෙන් ඇදුමක් ඇදන් ඇවිල්ලා පෙන්නුවට ලස්සනයි කියල නෑ...හදල දෙන කෑම එකක් රසයි කියල නෑ....


ඒ කියන්නෙ...



ඒයා මට ආදරේ නැද්ද🤔




නැහැ...නැහැ...

එයාලා ආදරේ වචන කරන්නෙ නෑ...


මට...

උණ හැදිලා ඇදට වෙලා ඉන්නකොට..සැරින් සැරේ ඇවිල්ලා නළලට අත තියලා බලල යනවා පොඩි සද්දයක්වත් නොකර....(ගොතපු කතා නෙමෙයි යාලුවනේ...මේ සහතික ඇත්ත..මගේම අත්දැකීම්..)

අද වගේ මතකයි....එතකොට මට ඒ ලෙවෙල් ලියන්න මාසයක් වත් තිබ්බෙ නෑ...මාව හොදටම අසනීප උනා...උණයි..හෙම්බිරිස්සාවයි...කන්නෙ මොනාද ඒක වොමිට් වෙනවා...අම්මයි තාත්තයි දෙන්නම ලඟ හිටියෙ නෑ...මාව බලා ගත්තෙ අයියා...එයාගෙ දහසකුත් වැඩ තියන් මගෙ සේරම වැඩ ටික වචනයක් නොකියා කරා එයා....ආදරෙයි අයියට ගොඩක්...


ඔය මගේ පොඩිම පොඩි අත්දැකීමක් විතරයි...


අර කතාවක් තියෙනවා කෙල්ලෙක් කවදහරි කැමති වෙන්නෙ තමන්ගෙ තාත්තා වගේ කොල්ලෙක්ට කියලා...

ඒත් මම නම් ඊට වඩා වෙනස් කෙනෙක් හොයන්නෙ...ඒත් ඒකෙන් කියවෙන්නෑ මගෙ තාත්තා හොද නෑ කියල හරිද...

මම නම් හැමදාම හොයන්නෙ මගෙ අයියා වගේ පිරිමි ලමයෙක්ව...ඒත් මට තාම හම්බෙලා නම් නෑ🥲😂


තව ඉතින් අයියා කියන්නෙ දෙවනි තාත්තා කියලත් කියනවා...ඒත් මට ඒකත් වෙනස්...මගෙ තාත්තා තරමටම අයියත් මගෙ තාත්තම තමයි...ඒකට මට පලවෙනියා,දෙවනියා කියල ස්ථානයක් දෙන්න බැහැ...


ඔයාලා විශ්වාස කරයිද දන්නෙ නෑ මේක...

ඒත් ඇත්තම කිව්වොත් මට උයන්න පුරුදු කරෙත් අයියම තමා...මම ඒකෙන් අදහස් කරන්නෙ මගෙ උයන පිහන වැඩවලට මුල් අඩිතාලම දාලා දුන්නෙ එයා කියලා..(එව්වා ඉතින් රස කතා...🥲)


අයියා නිසා රණ්ඩු වලට පැටලිලත් තියෙනවා....😁


ඒ වගේම මට අද පිට සමාජෙ තැනක් තියෙනව නම් ඒකට ලොකු හේතුවක් මගෙ අයියා...


මගේ ජීවිතේ පලවෙනි ආදර්ශමත් පුද්ගලයත් අයියා...

ඒ වගේම මගෙ ජීවිතේ හොදම ආරක්ශකයත් මගෙ අයියා...



මගෙ අත්දැකීම්වලට නම් අයියා ගැන අකුරු කරන්න මට වචන එන්නෙ නැහැ...


අයියා නංගි කියන්නෙ හරිම පිවිතුරු බැඳීමක්...

ඒ වගේමයි අනික් සහෝදරකමුත් හරිද...මට අත්දැකීම් තියෙන්නෙ අයියා එක්ක විතරයිනෙ...ඒත් මම ත් ආසයි නංගියෙක්ට,මල්ලියෙක්ට,අක්කෙක්ට....


ඉතින් අද වෙද්දි නම් අයියා නෑ මම ගාව...ඉන්නෙ චුට්ටක් දුර...ඒත් මැසේජ් එකක් දාන සැනින් සීන් කරලා රිප්ලයි එවන අයියා, මට මතක් කරනවා..එයා හැමදාමත් මම ලඟම ඉන්නවා කියන එක...🥺🥺



ඒ වගේම හවසට හවසට කෝල් කරලා සේරම කේලම් ටිකයි හිතේ තියෙන මනස්ගාත ටිකයිත් කියන්න අමතක කරන්නෑ...මන්🥲



දැන් අයියලා නැති නංගිලා...මන් එක්ක තරහ වෙන්න එපා🥺...ඔයාලට දුක හිතුනොත් සමාවෙන්න කියලා ඉල්ලනවා...



ඉතින් අද මේ සහෝදරයින් ගේ දිනය වෙනුවෙන් මගෙ අයියා ගැන මට තියෙන අත්දැකීම් ටික හදිස්සියෙ හදිස්සියෙ ටයිප් කරලා එව්වෙ අද දවසට උපහාරයක් වෙන්න කියලා....


ඒ වගේ ම මට මේ ටෙලිග්‍රාෆ් එකට දාන්න නමක් නැහැ...ඒකට මොකුත් හිතන්නෙපා...

නමක් නැති සටහනක් මේ...මගෙ අයියා වෙනුවෙන්....



( 😁 මොකද කියන්නෙ මේක මම යවන්නද අයියට...😁🥲)



Report Page