🖤

🖤

Sanju 🖤

දන්නෙ නෑ බං එදා මොනව උනාද කියල..............මං හිටියෙ වැඩ ගොඩක හිර වෙලා උබව අමතක වෙලාම ගියා...........හිතල අමතක කරේ නෑ බං මේ ආව ඕඩරේ හරියට කර ගත්තොත් මටයි උබටයි පව්ලෙ උන්ටයි අවුරුදු ගානක් හොදට අදින්න කරන්න තිබ්බා ඒ සිහියෙන් අනික් වැඩ ටිකත් බලාගෙන මීටින්ග් එකේ අපේ ප්‍රොජෙක්ට් එක කරන්න නැගිට්ටෙ........ඒත් එක පාරට ඒ ආව කෝල් එකට ඔක්කොම ටික දමල ගහල විනාඩියට කා එකත් අරන් පැය බාගෙ ගමන විනාඩි දහයෙන් ආවෙ උබට මොකද උනේ කියල හිතා ගන්න බැරුව.....

උදේ මං එන්න කලින් හිනා වෙලා අම්මත් එක්ක එකතු වෙලා බත් එක බැදල පරිස්සමින් ගිහින් එන්න මහත්තයා කියපු උබ.........එක පාරක් උබව රැකගන්න බැරි උනා තමයි ඒත් මෙදා පාර ඒම වෙන්න දෙන්නෙ නෑ බං .........බ්‍රාස්........කා එක එහෙම්ම නැවැත්තුව මං එක හුස්මට නතර උනේ ගේ ඇතුලෙ..........අම්ම ඇහින් පෙන්නුවෙ උබ කාමරේ කියල.........කාමරේට ආව මං දැක්කෙ උබ කොට්ටයක් බදාගෙන හොදටම අඩනවා😢

සුදුනෝනා.........මං පැත්ත ගැස්සිලා බලපු උබ එක පාරට මාව බදාගත්තෙ මාව ආයෙත් නැති වෙයි වගේ ......ඇයි මැනික මේ...මං ඇහුවෙ මට මොකුත් හිතාගන්න බැරි උන තැන........අනේ අයියේ මට ගොඩාක් ගොඩාක් දුක හිතුනා ඔයා කවදාවත් මේ එන්න එන්න පණ ඩිංගට කියන්නෙ නෑ නේද ඒ ඔයාගෙ දරුව නෙවේ කියල මට දරාගන්න බැරි වෙයි මගෙ අයියේ....උබ එක හුස්මට කියල අඩන්න ගත්තේ මට හීනියට හිනාවක් එද්දි😁

ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ් මේ අහපං සුදු නෝනා එදා උබව අර්න් ගිය උන් අතින් උබට කිසි දෙයක් උනේ නෑනෙ මැනික මං කෝම හරි උබව හොයාගත්තනෙ.......කවුරු මොනා කිව්වත් මං දන්නවා කෙල්ලෙ ඔය බඩේ ඉන්න මගෙ දරුවා කියල මොකටද උබ බය වෙන්නෙ කියල මං ඒ ඔලුව මගෙ පපුවෙ හේත්තු කරන් අතගෑවෙ උබේ දුක් ඔක්කොම දිය වෙලා යන්න....එක පාරට උබ කරන්ට් වැදිල වගේ නැගිටල ඇහුව දේටනං මට හිනාවක් ගියේ නොදැනුවත්වම

අයියෙ මේ වෙලාවෙ ඔයාට මීටින් එකක් නෙ ඇයි මෙතන ...ඕන් මගෙ මැනික ට්‍රැක් එකට වැටිල ඉතින්........මොන මීටින්ද සුදුනෝනා ...ප්‍රොජෙක්ට් එක කරන්න හදද්දිම ආවනෙ කෝල් එකක් මතිනි සුවස්නා කියල ගැබ්බර මාතාවක් උදේට කාලත් නෑ වැලහින්නක් වගේ අඩනවා කියල බය හිතුන බං උබ ඉන්න තත්වෙත් එක්ක අඩන්නත් හොදනෑ කියල මතක් වෙද්දි....ඔක්කොම දමල ගහල ආව ඉතිම් මං මීටින් එක දනා ට කරන්න කියල

Report Page