🧚

🧚

Amaa

🌊 සයුරී.........🌊


පලමු දිග හැරුම...



" හේයි නංගා...මොකද හලෝ ඔච්චර ගෑස්...?"සිතිජගෙ යාලුවො එහෙම කිය කිය හිනා උනේ සයුරිට....සිතිජත් මේ දිහා බලන් හිටියෙ හිනා වෙවී......


සිතිජ කියන්නෙ ටවුන් එකේ හිටිය මැරයෙක් වගේ කොල්ලෙක්..... 


සිතිජට අම්මයි තාත්තයි නෑ ... එයා හැදුනේ මාම ලග....


එයා මේ මැර වැඩ වලට සහභාගී උනෙත් ඒ හින්දයි ... මොනව උනත් සිතිජ කියන්නෙ ගොඩක් හිත හොද කොල්ලෙක්....


කවදවත් කෙල්ලෙක්ට නරකක් කරපු කෙනෙක් නෙවෙ ......


සයුරි කියන්නෙ තාමත් studies , කරන open university එකේ කෙල්ලෙක්....


සිතිජට කාලයක් තිස්සෙ ඉදන් සයුරි ගැන කැමැත්තක් ඇති වෙලා තිබ්බෙ....


කොච්චර නරක ගති තිබ්බත් සිතිජ කියන්නෙ මානුශික අතින් ගොඩක් හිත හොද මනුස්සයෙක් .....


අතේ ටැටූ එකක් ගහල ලෝකෙට මැරයෙක් වගේ පෙන්නුවට හිතින් පොඩි ලමයෙක් වගේ... 


එයාට පොඩි කාලෙ ඉදන් ඕනි උනේ ආදරේ ........ 


එයාට නොලැබුනෙත් ඒකමයි.......සල්ලි බලය කොච්චර තිබ්බත් සිතිජට ලොකු අසම්පූර්ණ ගතියක් දැනුනා..... 


සිතිජට දවසක් අහම්බෙන් වගේ සයුරිව දකින්න ලැබෙනව.... ඒ university යන පාරෙදි .....


සයුරිගෙ බෙස්ටි තමයි දිලිනි........

සයුරියි දිනියි දෙන්න university සිටි යද්දි හැමදාම වගේ සිතිජව හම්බ වෙනව..  


 University එකට යන පාරෙ තමයි සිතිජයි එයාගෙ යාලුවෝ ටිකයි ඉන්නෙ.....


" ඒ බන් ...අරූ නම් වැඩේ අතාරින පාටක් නෑ ... බලහන් අදත් ඉන්න්ව....ඌ හැමදාම මග රැකන් ඉන්නවනෙ බන්...." දිලි කිව්වෙ සයුට...  


" අඩෝ... සයූ... මොකද බන් උබට උනේ...?" දිලී ඇහුවෙ බිම බලාගෙන යන සයුගෙන්.... 


" අනෙ මේ කට පියාගෙන වරෙන් බන් ... කෑගහන්නෙ නැතුව....." සයූ දිලීවත් ඇදගෙන ඉක්ම්න්ට එතනින් ගියා.....


සිතිජ නම් කීයටවත් වැඩේ අතාරින පාටක් නෑ වගේ.....කොල්ලට ඕනි උනේ කෙල්ල එක්ක ටිකක් කතා කරන්න.....


හිතේ තියෙන ආදරේ කියන්න......ඒත් කෙල්ල නම් සිතිගෙ මූනවත් බැලුවෙ නෑ ..... 


සිතිජ වෙනදා වගේම සයුරිලා එනකම් මග හිටිය.....


" ඒ.. ඒ මේ.. බන් ....අදවත් ඒකි එක්ක කතා කරපන් හොදේ......"


"නැත් නම් ඔය හිතේ තියෙන එක කියා ගන්න බැරුව උබ නාකි වෙනකම්ම ඔහොම ඉන්න වෙයි..... ඒකි වෙන එකෙක්ව බදී....."


"උබට වෙන්නෙ ලමය නලවන්න තමයි......" සිතිගෙ යාලුවො ටික අදත් සිතිජට විහිලු කලා.....


 අද නම් කොහොම හරි සයුරි එක්ක කතා කරනව... සිතිජ හිතා ගත්තා.....


එදා ද්වල් සයූ දිලිත් එක්ක බෝඩිමට යන ගමන් හිටියෙ....... 


සිතී කොල්ලො සෙට් එකත් එක්ක ගේමට බැස්ස.....


"ඒ අන්න අරූ අදත් ඉන්න්ව බන් ..... " දිලිනි එහෙම කිව්වෙ සයුරිට...  


සයුරි දිලිගෙ අති අල්ල ගත්තා... ඒ සිතිජව මග ඇරලා එතනින් ඉක්මන්ට යන්න හිතාගෙන.......


ඒත්.................



යාලුවනේ චූටි කෙටි කතාවක්.... කොටස් 5 ක විතර..... හොදයිද නැද්ද කියල කියන්න....🙈😊😁



❤️_AⓂ️A_🖤

Report Page