🖤

🖤


කෝලමහ්________🙈🌎❤

"දෙව් මේ හෙඩ්‍රස් එක ගහපන්කෝ..."

මෙතූ හෙඩ්‍රස් එකත් මගෙ අතට දීලා බිමින් දණගහගත්තෙ මම හරි පරිස්සමින් හෙඩ්‍රස් එක රදවලා මල් වැලත් රදවද්දි. තාමත් මම මේකප් එක දාගෙන නෑ. අනික් හැමෝම ලෑස්ති වෙලා මං හිතන්නෙ.

"මෙතූ මේකප් එක දාහන්.."

ෆවුන්ඩේශන් එකයි අනික් බඩු ටිකයි මෙතුවා අතට දීලා මම කිව්වෙ එයා මාව හරවගෙන මේකප් එක දාද්දි.

"ගෑණු ළමයි ටික මෙච්චර වෙලා මොකද කරන්නෙ ආහ්.... හෙට නෙවේ අද නටන්නෙ යන්න ඔක්කොම එළියට ඉක්මනට..." ඇස් වහගෙන හිටපු මම ගැස්සිලා වගේ ඇස් ඇරලා ඒ හඩ ආපු දිහාව බැලුවෙ එයා ලෑස්ති වෙලාද බලන්න. ඔව් දෙයියනේ ඔව්.. සම්පූර්ණ වෙස් ඇදුම ඇදලා. නටන්න කියද්දි කියද්දි නටන්න බෑ බෙර ගහනව කියපු මනුස්සයා නේද මේ... ඒ ගාම්භීර රූපෙ දිහා ආත්මයක් වුනත් බලං ඉන්න පුලුවන් වුනත් මම ආපහු ඇස් පියාගත්තෙ මේ මනුස්සයා දැන් දවස් තුනක් තිස්සෙ මං එක්ක තරහ වෙලානෙ ඉන්නෙ.

"ආං උබෙ බෘංගරාජයා බෙරිහන් දෙනව.." මෙතූ හිනාවෙවී කියද්දි මම මෙතූටත් එරෙව්වෙ මමනෙ දන්නෙ බෘංගරාජයාගෙ තරම... දවස් තුනක් තිස්සෙ මේ මනුස්සයා මාත් එක්ක කතා කරන්නෑනෙ.

"දෙව් ඇස් වහගෙන ගස්සන්නැතුව ඉදහන් මං ලෑශර්ස් දෙක ඇලෙව්වා. මගෙ සිළම්බු දෙක පන්තියෙ මං ටක්ගාලා අරං ඇවිත් අයි ලයින් එක අදින්නම්. ඔහොම හිටහන් ඇස් අරින්නැතුව ඈ. ඕං ලයිනර් එක උබෙ අතේ..."

මං මුකුත් කියන්නත් කලින්ම මගෙ අතට ලයිනර් එකත් දීලා මෙතුවා දිව්වෙ මම ඇස් වහගෙනම ඉද්දි.

හයියෝ වෙලා යනව දැන් නම් කිසිම සද්දයක් නෑ අනික් ඔක්කොම ගිහිල්ලද කොහෙදෝ. දෙවියනේ මටත් නටන්න ඕනේ.. ආ හැබැයි ස්වර්ණමාලි දෙවගන නැතුව ස්වර්ණමාලියේ නටන සිරිතක් තියෙනවයැ. මම ඉන්නම එපැයි ඕක නටන්න...අනේ... ඒත් ඉතින්...පිස්සු විකාර හිත හිත ඉද්දි එකපාරම අතේ තිබ්බ අයි ලයිනර් එක ඇදිලා ගියෙ හොද සිංහල වචන මගෙ කටට එද්දි

"තෝ මෙච්චර වෙලා සිලම්බු හැදුවද යකෝ.. කට්ටිය නටනවද දන්නෙත් නෑ මාව හලලා. හදිස්සි වුනාට කමක් නෑ දැන් ඕක හිමීට ලස්සනට ඇදහම්.නැත්තම් ස්වර්ණමාලි නෙවේ කාලි වගේ ඉදී.."

හිමින් හිමින් ඇහි පිහාට්ට උඩ ලයිනර් එක ඇදෙන කොට මූණට දැනුනු ඒ උණුසුම් හුස්ම මෙතූගෙ නෙවේ කියල තේරුම් ගන්න ඕනම නම් තත්පර දෙකක් යන්න ඇති. අදුනගත්තෙ නෑ කියලද හිතන්නේ.. නෑ නෑ අදුනගත්තා. ඒත් ඒක පෙන්නන්න හොද නෑ.

"මෙතූ ඇද කරන්න එහෙම එපා ඈ.. කවුරු නැතත් මම ලස්සනට ඉන්න එපැයි. කෙළවර හීනි කරන්න හරිද..... "

"අනේ ඕයි වදින්නම් ඔය කට වහගන්නවා..."

" හත්තික්කේ මේ ඔයාතේ... කව්ත දන්නේ...? ඇයි ආවෙ මාත් එක්ක තරහ වුනා නේත ඊයෙ..?"

"මං තමුසෙට එදත් කිව්වා ඔය මලජරා භාශාවෙන් මාත් එක්ක කියවගෙන එන්න එපා කියල.. නටන්නැතුව ඉන්නව හලෝ මේක ඇද වෙයි.."

යන්න ආපු හිනාවක් පාලනය කරගෙන මම ඇස් දෙක වහන් හිටියෙ සෑහෙන අමාරුවෙන්. මේ වෙලාවෙ මෙයාගෙ මූණ බලන්න තිබ්බනම් මරු..

"හිමීට ඇස් අරිනව..."

හපෝ අර ලෑශර්ස් අලවපු ග්ලූ එක නිසා ඇස් ඇලවිලා වගේ . හිමීට හිමීට මම ඇස් ඇරියම එයා පාත් වෙලා ආපහු ටිශූ එක්කින් ඇහැ අයිනක ගෑවිලා තිබ්බ ටිකක් පිහදුවෙ මම ඒ මූණ දිහාම බලං ඉද්දි.

"මොකද ඕයි ඔය තොල් දෙක මස් කඩේ වගේ.. ශික්.. තමුසෙගෙ තියෙන පාට ලස්සනයි.."

අර ටිශූ එකෙන්ම මේ මනුස්සයා ලිප්ස්ටික් ටික පිහල දැම්මා නේද දෙවියනේ... මෝඩයා.. ලාවට රතු පාට ඉතුරු වෙලා ඇති ඒත් ඉතින්.

"තමුසෙ හොද ස්වර්ණමාලි දෙවගනට නටන්න නෙවෙයි. කෝලමකට නටවන්න... "

හිනාවෙවී එයා කියන්නෙ. දවස් තුනකට කලින් දාලා යනව කිය කිය රණ්ඩු වුනු මනුස්සයා නේද මේ.. මෝඩයා.. දැන් මතකත් නෑ තරහ වෙලා හිටියද කියල.

"මන්දී....හ්..."

මං එයා ළග නිවෙන එකම වචනෙ. "මන්දී" හැමෝම දෙව් කියද්දි එයා විතරයි මට මන්දි කිව්වෙ. ඒ වගේම එයා මට නම කියල කතා කරන්නෙ සීරියස් දෙයක් කියන්න ඕන වුනාම.

හුම්ම් හුම්ම්...

"තමුසෙ ඇත්තටම හොද කෝලමකට නටවන්න ඕයි..."

"ර් ර් ර් පිස්සා මෝඩයා මෝඩ ඌරා... මං හිතුවෙ ලොකූ දෙයක් කියන්න යනව කියලා.."

පිස්සෙක් වගේ හිනාවෙනව ඒ පාර.

"වැදගත් දෙයක් තමා ඉතින් ඒක. තමුසෙ මගෙ කෝලමනෙ.. මං නටවන්නම්..."

අතකුත් කම්මුලට තියාගෙන බෙල්ලත්බ්නවාගෙන දගකාර බැල්මක් දාං එයා කියද්දි සත්තයි ඒ බෙල්ලෙ එල්ලෙන්න හිතුනා. ඒත් මේ හෙඩ්‍රස් නිසා බෑනෙ නැත්තම් මං ඒක කරනව. ඒ නිසාම මම ඒ අත තද කරල අල්ලගත්තා.

"හරි හරි ඔයාගෙ කෝලම තමාහ්...."

ඒ අතේ පැටලිලා මම ආවෙ නැටුමට යන්න. නිදහසේ හුස්ම ගන්න පුලුවන් පිරිමියෙක් ළග හැම කෙල්ලෙක්ම කෝලමක්... කොල්ලෙක් හොයන්නෙ අම්මෙක් වගේ කෙල්ලෙක්ම නෙවේ... තමන් ළග විතරක් දග වෙන හුරතල් වෙන කෝලමක්...

ඉතින් එයා ළග කෝලමක් වෙන දෙපාරක් හිතන්න.... නෑ එහෙම කවදාවත් ඕන්නෑ......

ඒ ආදරේට නිර්වචන දෙන්න ඒ තරමටම ආදරේ දෙන්නවත් මම දන්නෑ.

ඒත් මම දන්න එකම දේ..

ඒ හුස්ම යට එයාගෙම කෝලම වෙන්න...🙊🙈

♡♡♡♡♡

හුස්ම යට කවි තිව්වෙ පණ ගැහෙන නාඩි

පපුව මැද රිද්දුවේ ලාබ මල් කිනිතී

මල් සුවද දැන්නුවේ පණ නුඹයි දැනුනී

හිත ළගම දග වුනේ පුංචි පිනි බිදිති..

කෝලමහ්........

නුඹ කියන වචන ළග නැවතුනේ මෙතන..

තව ආස ඔය තුරුලෙ කෝලමක් වෙන්න....

Written by •®•

Report Page