🖤

🖤


අප හමු නොවුනානම්.....🖤

Short Story by | Poorni |




.........බාහුංසහස්ස මභිනිම්මිත සායුධංතං


ගිරිමේඛලං උධිතඝෝර සසේන මාරං 


දානාධි ධම්ම විජිනා ජිතවා මුනින්දෝ


තංතේජසා භවතුතේ ජය මංගලානී.........


ලස්සනයි... ඇත්තටම කෙල්ල හරිම ලස්සනයි. හමේ පාටටම මැච් වෙන ගෝල්ඩන් කලර් ඔසරි එක. මාල හත දාලා ඉරහද තියල. සුරංගනාවි...


ඇත්තටම පුදුමාකාර ලස්සනක්. ඒත් මොකද්දෝ වැරැද්දක්... 

හිනාවෙන උබෙ ඇස් කදුලු එක්කම රතු වෙලා. කදුලු ගැළපෙන්නෑ කෙල්ලෙ උබට... අද ලස්සනටම ඉන්න ඕනෙ දවස. ඒ ඇස් මගෙ ඇස් අස්සෙම මොන මොනවදෝ හොයනව.


මං දිහා නෙවේ උබෙ මහත්තයා දිහා බලං ඉදපන්... ඌ උබව මටත් වඩා හොදින් රකීවි බං...


උගෙ ආදරේ මම තරම් කවුරුත් දන්නැතුව ඇති.

ඉතින් උබව ඇහැක් වගේ රකීවි.


ඒකමයි විශ්වාසෙන් අතෑරියෙ උබව..

සමාවෙයන්..


________

"අඩෝ බං අරුන් රැග් එකට අල්ලගෙන වගේ.. යමන් යමන්"


සන්තුවා කෑගහද්දි මාත් සෙට් එක එක්කම එතන්ට ඇදුනෙ කෙල්ලො සෙට් එකක් අපේ එවුන් රැග් එකට අල්ලගෙන නිසා.


"හම්මට අහස් බොසා... වරෙන් වරෙන්.. අපි මේ නම්කිලා ටිකට උගන්නන්න කියල බැලුවෙ."


මාත් හිනාවක් දාගෙනම ගිහින් කොට බැම්මෙන් වාඩි වුනේ කෙල්ලො ටික දිහාම බලාගෙන.


ඒ අතර හිටපු උබ.... 

ළා රෝස පාර දණිස ළගට තියෙන ගවුමක් ඇදලා. අර කියනව වගේ වශී වෙන්න තරම් දිග මහත කලු කොණ්ඩයක් නම් උබට නෑ හැබැයි. පිට මැද්දට තියෙන ස්ට්‍රේට් කරලා කලර් කරපු කොණ්ඩෙත් කඩා දාගෙන. හුළගට උබෙ මූණ පුරාම කොණ්ඩෙ. තත්පරේට දෙතුන් පාරක් ගැහෙන ඇස්... අතේ එක ඇගිල්ලක සිල්වර් කලර් රින්ග් එකක් දාලා. මං හිතන්නෙ ස්ටයිල් එකට.. මොකද්දෝ අමුතුම ලස්සනක් උබෙ...


"ඒහ් රෝස ගවුම.. කාඩ් එක මොකද්ද..."

ලස්සන වගේම කටහඩත් ඇතිද මන්දා..


ඒ පාර බයෙන් බයෙන් බිම බලන් ඉන්නව.


"ඒ හලෝ කන් වල වංගුද... කාඩ් එක මොකද්ද තමුසෙගෙ..."


"එහෙම එකක් නෑ.."

හිනා යන්න ආවෙ ඒ කිව්ව විදියට.. ලස්සන හීනි කටහඩක්. හරිනෙ දැන් ආසාව... මේකිට වශී වෙනවනෙ යකෝව්...


"කාඩ් එක බට්ටි හරිනේ... දැන් යනව..."


"අඩෝ අඩෝ මොනාදබං ඔය දාන කාඩ්.. අනික ඇයි යන්න කියන්නෙ තාම මුන්ව රැග්කලේ නෑ.."

මගේ සෙට් එක මහ හයියෙන් කෑගහද්දි උබ ඉන්න තැනම ගල් වෙලා වගේ මගෙ දිහා බලන් ඉන්නව.


"හරි හරි බං පව්නෙ යන්න දීපන්..." මං හිනාවකුත් දාං කියද්දි මුන් ඔක්කොම හෙන නෝන්ඩි බැල්මක් දැම්මෙ. සැක්...


"අම්මෝ අම්මෝ මුගෙ කරුණාව.. ම්ම්ම්ම්... අපි දන්නව ඉතින් ඔය ගොනා ටික ටික හැරෙන්නෙ අර බටු පැළේ කන්න කියල ඈ... ඉදලා ඉදලා මූටත් මල්සරා හොදම එකෙන් විදලා තියෙන්නෙ..."


මුන් ඔක්කොම මාව බයිට් කරනව ඒ පාර රැග් එක පැත්තක තියල.


"නංගි යන්න...."

කියපු පමාවට යාලුවවත් ඇදගෙන උබ දිව්වෙ මට හිනාවක් යද්දි..


"අයියේ..හ්... තෑන්ස්..හ්..හ.."

පිටිපස්සෙන් දුවගෙන ඇවිල්ලා පහුවෙනිදා හති දදා මට තෑන්ක්ස්ලු.. අම්මේ පිස්සුව..


"අයියෝ ඕක මොකද්ද.. මම අහස්.."


"රශූ.. මං කිව්වෙ රශිනි මන්දිරා..හැබැයි හැමෝම කියන්නෙ රශූ."

හිනාවෙද්දි හීනි වෙන ඇස්.. වළගැහෙන කම්මුල්.. දකුණු පැත්තෙන් නළ දතක්.. උබ නම් මාව පිස්සු වට්ටනව..


"යන්නම් අයියේ..."


"හා"


හිනාවෙවීම උබ දුවගෙන යන දිහා බලන් හිටියෙ එතකොටත් මම උබට වශී වෙලා.


අන්තිමට අපි හොදම යාලුවො උනා. හැමෝටම රශූ වුන උබ මට විතරක් මන්දි වුනා.. මගේ මන්දී...උබ හැම දේම හංගන්නැතුව කිව්වෙ මට. අයියෙක්ට වගේ.. ඒත් මම උබට ආදරේ කලා. කියන්න බය වුනා. යාලුකමත් නැතිවුනොත්.. හැමදාම ඔය ඇස් අස්සෙ අතරමං වෙන්න මම හරිම ආසයි.. පොඩි එකෙක් වගේ උබ මගේ අතේ එල්ලිලා කෝලම් කරද්දි හිතෙන්නම ඉබගෙන ඉබගෙන යන්න. ඒත් උබට මම යාලුවෙක් එච්චරයි..


"අහසෝ....ඒ මහසෝනෝ.."


"මොකද බං...."


මගේ අතකට මූණ තද කරගෙන කෙල්ල කියවන්නෙ. ඉතින් ආදරේ හිතෙන්නැද්ද...


"මං කෙනෙක්ට ආදරේ කරනවා.."


"මොකක්..."


පපුවම හාරලා හුස්මක් හුස්මක් ගානෙ ඇදලා ගන්නව වගේ දැනෙද්දි කෙල්ලව මගෙ අතින් අයින් කලේ මොනව වුනත් අයිති නැති හීනයක් නේද මේ කියල මතක් වෙද්දී.. මම පරක්කු වැඩිඇති.. ඒ හිත කෙනෙක් හොරකම් කරලා.


"කාටද....?"


කටහඩේ වෙව්ලීම පාලනය කරගෙන මම ඇහුවෙ. 


"එනෝකෝ කියන්න..."


අතකුත් තියල කන ළගටම ඇවිල්ලා රහසින් කියන්නයි හදන්නෙ. ඒ කවුරු වුනත් කොහෙන්හරි ගෙනත් දෙනව කියල හිතාගත්තෙ කෙල්ලගෙ සතුට එතනනම්..


"මං ආදරේ කරන්නෙ අහස් කියන නපුරු මනුස්සයට. හැබැයි එයා මට ආදරේ නෑ වගේ.. පුලුවන්නම් සෙට් කරල දෙනවකෝ..."


හීමිට කියල අහක බලාගත්තෙ මමත් පුදුමෙන් බලන් ඉද්දි. දෙවියනේ මේ කෙල්ලත් මට ආදරෙයිද.. ඉතින් තවත් මොනවද.. අහක බලන් ඉන්න කෙල්ලගෙ කම්මුලක සිපුමක් තිබ්බෙ කෙල්ල ගැස්සිලා මං දිහා බලද්දී.


"උත්තරේ හම්බුනාද මන්දී..... ඔන්න මං අහස්ව ඔයාට සෙට් කලා.. දැන් හරිනේ..."


මං ආසම ඒ ලස්සනම හිනාව. ඇස් පිහාටුත් හිනාවෙනව.. 


ඒත් තාමත් හිතෙනව එදා මම අකමැති වුනානම් උබට කියල..


________


"මට ඔයාට දෙයක් කියන්න තියෙනව.."


ඇස් වල කදුලු පුරවගෙන මගෙ දිහාම බලාගෙන උබ කියද්දි සත්තයි මට හිතුනෙම ඔය මූණම ඉබින්න. ඕන දේකට එකට මූණ දෙමු කියන්න. ඒත් බැරිවුනා.. මමත් අසරණයි එදා.


"මටත් දෙයක් කියන්න තියෙනව මන්දී..."

එකපිට එක රැළි ගහන මහ මුහුද දිහාම බලාගෙනයි මම හිටියෙ. උබෙ ඇස් දිහා බලන්න තරම් ශක්තියක් නෑ මට.


"ඔයා කියන්න ඉස්සෙල්ලා ඊටපස්සෙ මම කියන්නම්."


"අපි මේක නවත්තමු මන්දී... අපි දෙන්නා ගැළපෙන්නෑ.. මට බෑ මේක තවත් මේ විදියට කරගෙන යන්න.."


උබ දිහා නොබලම මම කිව්වෙ කදුලු එක්ක ගුලි වෙලා තියෙන උබෙ ඇස් දිහා බලන් ඉන්න බැරිකමට. රතු වෙච්ච කම්මුල් තෙමාගෙන කදුලු ගලනව..


"මොනවද අයියේ කියන්නේ... මං.. මං කොහොමද ඔයා නැතුව ඉන්නෙ.. මම මැරෙයි දෙවියනේ...හ්හ්..."


උබ අඩනව.. දරාගන්න බෑ මටත්. මමත් මනුස්සයෙක්.. ඒත් කරන්න දෙයක් නෑ මන්දී.. අපේ පාරවල් වෙනස්.. අපේ ගමන වෙනස්.. කොච්චර උත්සාහ කලත් එකපාරක යන්න බැරිවෙයි.


"කියන දේ තේරුම් ගන්නව මන්දී.. ගැළපෙන්නැති තැනක බැදීමක් පරිස්සම් නැහැ. මට බෑ තමුසෙ විදවනව බලං ඉන්න.. ඒ නිසා තේරුම් ගන්නව. අපි දෙන්නගෙම හොදට කියන්නෙ. මේක මෙතනින් නවත්තමු. අද ඉදන් මන්දි වෙනයි අහස් වෙනයි. ඒ දෙන්නා දෙන්නෙක් එක්කෙනෙක් නෙවෙයි.. කවදාවත් එහෙම වෙන්නෙත් නෑ."


උබට පුලුවන් උපරිම රිදෙන්නැති. මටත් රිදුනා ඒ වගේම. උබ එහෙම්ම එතන තිබ්බ බෙන්ච් එකට කඩන් වැටුනෙ අත් දෙකෙන්ම මූණ වහගෙන.


"මට ගෙදරින් ප්‍රපෝසල් එකක් ඇවිත්......"


උබ ඉකි ගගහා අඩනව. ප්‍රපෝසල් එකක්.. උබ කියන්න කලින් මම ඒක දන්නව මන්දි.. මට සමාවෙන්න. උබේ කදුලු පිහින්න, උබෙ හිත හදන්න මට අයිතියක් නෑ.


"හ්ම්ම්ම්.. කැමති වෙන්න.. කොහොමත් දැන් මට ඔයාගෙ ජීවිතේ තීරණවලට ඇගිලි ගහන්න් බෑනෙ. ඔයා කව්ද මම කව්ද.. යන්නම් මන්දි.. පරිස්සමින් ගෙදර යන්න.."


උබ දිහා එක සැරයක් ආපහු නොබලා මම ආවෙ එක පාරක් හැරුනොත් ඔය ඇස් ඉස්සරහ මට මාවත් අමතක වෙන නිසා.. සමාවෙයන්...


__________


"පොඩී........ පොඩී...... උබ මොන ලෝකෙද භල්ලෝ...."


"ඕ අයියෙ කියහන්.."


"මගෙ ෆෝන් එක දීපන් උබ අතේනේ..."


"ආහ් ඉන්න..."


සාක්කුවෙන් ෆෝන් එක අරන් අයියා අතට දුන්නෙ උබ මං දිහා බලන් ඉන්නෙ කියල ඇස් කොනින් පේද්දි.


"රශිනි මට විනාඩියක් දෙන්න.."


අයියා කෝල් එකක් අරන් ටිකක් එහාට යද්දි මමත් ආපහු හැරුනේ උබ මාව අසරණ කරන නිසා.


"ඔයා ඒක දැනන් හිටියා නේද අහස්...ප්‍රපෝසල් එක ගැන.."


මගෙ අතකිනුත් අල්ලගෙන.. හැමදාම මම මගාරින ප්‍රශ්නෙ අද කොහොමද මගාරින්නේ.. ඔය ඇස් වල කදුලු..රිදෙනව අපි දෙන්නටම..

________


"පොඩී....."


"ඕ කියහන්...."


"කෙල්ලගෙ ගෙදරින් කැමති වුනා බං.."


අයියා... ඒ මගෙ අයියා.. ඒ ඇස් සතුටින්ම දිළිසෙනව. ඒ කෙල්ලවත් නොදැන අවුරුදු පහක් තිස්සෙ ඒ කෙල්ලට ආදරේ කරපු තරම්. ඒ ආදරේ ලැබෙනවනම් අයියට වඩා සතුටු වෙන්නෙ මම.


"හම්මට උබටත් ජයසිරි මංගලම්නේ... කෙල්ල එකපාරින් කැමති වුනාද බං"


"කෙල්ලව හම්බුනේ නෑ බං.. අම්මලා කතා කලේ. අම්මලා නම් උඩින්ම කැමතී.. ගෙදරින් කිව්වා කෙල්ල කැමති වෙනවමයි කියල. ඒත් බයයි බං.."


අයියා වෙනුවෙන් නොකරන දෙයක් තියෙයිද මම.. උස්සන් ඇවිත් හරි බන්දනව ඕකිව..


"බය නොවී හිටහන් අයියේ.. මම සෙට් කරල දෙන්නම්. කොහෙද ඉතින් උබ අවුරුදු පහක් තිස්සෙ ලව් කරනව ෆොටෝ එකක්වත් පෙන්නලා තියේයැ. පෙන්නපන්කො.."


හිනාවෙවීම අයියා ෆොටෝ එක පෙන්නද්දි හුස්ම හිර වුනා වගෙයි දැනුනේ.. ඒ... ඒ...


" රශිනි මන්දිරා බං නම.. නම වගේම ලස්සනයි නේ.. සුරංගනාවියක් වගේ..."


ඔව් ඇත්ත. උබ සුරංගනාවියක්..ඒත් කොහොමද.. අයියා ආදරේ කරල තියෙන්නෙත් උබට.. මම කොහොමද උබව එහෙම අතාරින්නේ.. අයියගෙ හිත රිද්දන්නේ.. මට සමාවෙයන් බං...හැමදාම මම වෙනුවෙන් හිටපු මගේ අයියා වෙනුවෙන්.. ඒ ඇස් වල හිනාව වෙනුවෙන්.. අයියා වෙනුවෙන් උබව අතාරින්න වෙනව..


____________

ඒ නිසයි එදා උබ මට ප්‍රපෝසල් එක ගැන කියන්නත් කලින්ම මං උබව අතෑරල දැම්මෙ. දෙපාරක් රිද්දනවට වඩා උබ එකපාරින් අතාරීවි කියලයි හිතුනෙ.


"කියන්න අයියේ මට ආදරේ නැද්ද පොඩ්ඩක්වත්..."


ආදරෙයි බං ආදරෙයි. මුලු ලෝකෙටම ඇහෙන්න කෑගහලා වුනත් කියන්න පුලුවන් මට ආදරේ තරම. ඒත් දැන් බෑ.. දැන් හැරෙන්න බෑ.. උබ මගෙ අයියගෙ වයිෆ් එච්චරයි..


නෑ කියන්න ඔලුව වනලා ඔය ඇස් වල පෝළිමේ කදුලු කඩන් වැටෙද්දි මගෙ අත උබෙ අතින් මුදවගෙන ආපහු හැරෙන්නැතුවම ආවෙ ඔය ඇස් ඉස්සරහ මට මාවම අමතක වෙන නිසා. ඉබින්න හිතෙනව බදාගෙන ඒත් දැන් උබ වෙන කෙනෙක්ගෙ.


එදා උබව රැග් කරන්න ගිය දවසෙ මම උබව නොදැක්කනම්...

ආදරේ නොකලනම්..

උබ ආදරේ වුනත් මම උබට අකමැති වුනානම්...


අද අපි දෙන්නම සතුටින්..


උබේ හිත රිදිලා මං ලගට සැනසීම හොයාගෙන ආපු වෙලේ මම කලේ උබව තවත් රිද්දපු එක. උබ හිතන්නැති එදා මම කියයි කියල එන විදියකට අපි දෙන්නම එකට මූණ දෙමු කියල. උබේ කදුලු පිහලා තුරුල් කරගනී කියල. ඒත් මට උබෙ ඇස් වල කදුලු පිහදලා ඔය හිත හදන්නවත් බැරිවුනා. 

මම උබව තවත් රිද්දුවා.


දැන් උබ කව්ද...

අයියගෙ වයිෆ්..


අක්කා කියන්නද..


නෑනා කියන්නද...


නංගි කියන්නද...


මන්දි කියන්නද......


මම දන්නෑ.. ඒත් එකම දෙයක් දන්නව..

අද ඉදන් අපි දෙන්නම මැරි මැරී ඉපදේවී..

වෙන අයට වගේ මට උබව මගාරින්න බෑ..

ඉතින් විදවයි අපි දෙන්නම...


♡♡♡♡♡

අප හමුනොවුනානම් 

මේ තරම් දුකින්

නොයින්න තිබුනා 

කදුලු නැතුව හිනාවෙලා 

හිදින්න තිබුනා 


යාලුකමට එහා ගිහින්

අපිට ආදරේ හිතුනම

මගේ කනට කොදුරා නොකියන්නට තිබුනා

කැමති වුනත් මට අකමැති

වෙන්නට තිබුනා


අප හමුනොවුනානම් 

මේ තරම් දුකින්

නොයින්න තිබුනා....


හිනාවෙච්ච ඇස් පිහාටු

කදුලු එක්ක ගුලි වුනාම

හිත හදන්නවත් නුඹෙ ළග

හිදින්න තිබුනා..

රිදුනු හිතට තවත් දුකක්

නොදෙන්න තිබුනා....


අප හමුනොවුනානම්

මේ තරම් දුකින්

නොයින්න තිබුනා

කදුලු නැතිව හිනාවෙලා

හිදින්න තිබුනා..


♡♡♡


Written by Poorni❤

Report Page