⭕️❌

⭕️❌

Dasantha Amarasinghe

කැතරින් නයිට් 😮


පොලිසිය ඇගේ නිවස වටලන විට ඈ සිටියේ ආහාර පිසිමින්.ආහාර බඳුන් තුල මස් පිලිස්සෙමින් තිබුනා.ඒත් ඒ මස් සැබැවින්ම පෙරදා රාත්‍රියේ ඝාතනය වූ ඇගේ පෙම්වතාගේ බව ඒවන විටත් කිසිවෙකු දැනගෙන සිටියේ නැහැ.


ඇය නමින් "කැතරින් මේරි නයිට්".ශුද්ධ වූ මරියතුමියගේ නාමය ඇගේ නමේද කොටසක් වුනත් ශුද්ධත්වය,ප්‍රේමය හෝ කරුණාව අංශුමාත්‍රයක් හෝ හදවතේ නැති තැනැත්තියක් ලෙසයි කැතරින් නයිට් වටාසිටි පිරිස ඇයව හඳුනාගෙන තිබුනේ.නමුත් කැතරින්ගේ ළමාකාලය ඊට හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගත් එකක්.කුඩා කැතරින් දයාවේ අනුකම්පාවේ සහ ආදරයේ උල්පතක් ලෙසින් දක්වන්න පුළුවන්.මාවතේදී අනතුරු වී අසරණව සිටි සතුන්ව නිවසට රැගෙන විත් සාත්තු කර නැවත සුව වූ පසුව නිදහස් කිරීමේ පුරුද්දක් කුඩා කැතරින් සතුව තිබුනා.නමුත් ජීවිත ගමනේ යම් තැනකදී ඇයගේ සිතේවූ සුරදූතිය මියගොස් යක්ෂයා උපත ලබා ඇති බවක් පෙනෙනවා.

ඒ අනුව වැඩිහිටි කැතරින්ව ලෝකයා හඳුනාගන්නේ ප්‍රචන්ඩ ගති ඇති දරුණු ගැහැණියක් ලෙසින්.ඒ නිසාම ඇය වටා සිටි සංගමය කෙමෙන් පටු වී මිතුරියන් කීප දෙනෙකුට පමණක් සීමා වුනා.මුල් අවදියේදී ඇයට පෙම් සබඳතා කීපයක්ම තිබූ නමුත් ඒවා සෑම එකක්ම අවසන් වුනේ ඇයට එරෙහි ඒ ඒ පෙම්වතුන් විසින් දැමූ ගෘහස්ථ හිංසනය චෝදනා ගොනු වූ පොලිස් පැමිණිලි වලින්.


කැතරින්ගේ ප්‍රචණ්ඩ හැසිරීම් නිසා ඇය සමග හාදකම් ඇතිකර ගැනීමට නිර්භීත වූ කිසිවෙකුත් නොසිටි කලක ඇයට හමුවෙනවා ඇයගේ පළමු පෙම්වතා "ජෝන් චිලින්වර්ත්".ඇයගේ දරුණුකම ගැන මිතුරන් ජෝන්හට අනතුරු ඇඟවුවත් ජෝන් ඇයව ජීවන සහකාරිය ලෙසින් තෝරාගන්නවා.කැතරින් එක්දරු මවක් කරන්න ජෝන්ට හැකිවුනා.නමුත් වැඩිකල් නොයාම කැතරින් "ජෝන් ප්‍රින්ස්" නම් පතල්කරුවෙකු සමග අනියම් සබඳතාවක් ඇතිකරගත්තා.ඒ නිසාම "ජෝන් චිලින්වර්ත්" හට ජීවිතය බේරාගෙන ඇයගෙන් ඈත්වීමේ භාග්‍යය ලැබෙනවා.කැමරින්ගේ අසාමාන්‍ය හැසිරීම සමග සැසඳීමේදී ජෝන් ප්‍රයිස් අහසට පොළව මෙන් වෙනස් අයෙක්.ඔහු ඉතාම විනීත,කාර්යශූර,යහපත් අයෙක්.


ජෝන් ප්‍රින්ස් - කැතරින් යුවල හමුවන විට දෙදෙනාම සිටියේ සිය දිවියේ තිස් හත්වන කඩ ඉමේ.ඒ වන විටත් ජෝන් ප්‍රින්ස් දරුවන් තිදෙනෙකුගේ පියෙක්.ඔහු හා දරුවන් තිදෙනා ජීවත්වුනේ ඔහුගේ පෙර බිරිඳගෙන් ඔහුට උරුමවුනු සුවපහසු නිවහනක.කැතරින් හා ජෝන් ප්‍රයිස් ජීවත්වුනේ ඇබරිඩීන්හි පිහිටි ඒ නිවසේ. කැතරින් සේවය කලේ මස් නිශ්පාදනය සඳහා සතුන් මරන සත්ව ඝාතකාගාරයක.ඇතැමුන්ගේ මතය අනුව ඇය රුධිරය දැකීමේ දැඩි කෑදරකම් දැක්වූ බවක් පැවසෙනවා.ඇතැම්විට ඒ ඇගේ රැකියාව නිසා වන්නටත් පුළුවන්.ඒ කොහොමවුනත් ඒ කතාව සත්‍යයක් වූ රාත්‍රියා වුදා වුනා.


ඒ 2000 වසරේ පෙබරවාරි 29 වෙනිදා.කුමක් හෝ හේතුවකට එදින සන්ද්‍යාවේ ජෝන් ප්‍රයිස් සේවය නිමවා රැකියා ස්ථානයෙන් පිටත් වීමට පෙර සිය මිතුරන් අමතා පසුදා උදෑසන තමන් රාජකාරියට වාර්තා නොකලහොත් ඒ නිසැක වශයෙන්ම තම බිරිඳ විසින් තමන්ව අවසන් කර ඇති නිසා බවට.කැතරින් යනු කවුරුන්දැයි දන්නා ජෝන්ගේ මිතුරන් ඔහුට නිවසට නොයන මෙන් පැවසුවත් තමන් නොගියහොත් ඇය තමන්ගේ දරුවන් තිදෙනාට අනතුරක් කරනු ඇතැයි පවසා නිවස බලා පිටත් වෙනවා.

ඒත් ප්‍රයිස් නොදැන සිටි කරුණ වන්නේ ඒ වනවිටත් ඔහුගේ දරුවන් තිදෙනා නිවසේ නොසිටිනා බවයි.කැතරින් විසින් දරුවන් තියෙනා වෙනත් නිවසක රාත්‍රියගත කිරීමටපිටත් කර හැරතිබුනේ ප්‍රයිස්ටත් නොදන්වා.


රාත්‍රී ආහරය ගෙන නිදාගැනිමේ අදහසින් ප්‍රයිස් ඇඳට වැටුනත් කැතරින් සතුව උද්දීපනය වී තිබුනේ වෙනත් හැඟීමක්.ඇය ප්‍රයිස් හට රති කෙලියට ආරාධනා කරනවා.ඒත් ඒ රාත්‍රිය රති කෙලියෙන් අවසන් නොවන දීර්ඝ රැයක්.ලිංගිකව හැසිරීමෙන් පසුව සංසුන්ව නැවත් කාමරයෙන් පිටත් වූ කැතරින් ඉන් පසුව එන්නේ ඊට වඩා වෙනත් දරුණු අදහසින්.

මාංශ වැඩපලේදී ඇය ඉතාම දක්ෂ මස් කපන්නියක්.නයිට්වරයෙකුගේ දෑතට අසිපත හුරු යම් සේද ඒ තරම්ම කැතරින්ගේ දෑතට මස් කපන පිහිය පුරුදුයි.

ප්‍රයිස්ගේ කාමරයට ඇය ආපසු පැමිනෙන්නේ ඒ මස් කපන පිහියත් අතැතිව.ඒ වෙද්දි වෙලාව රාත්‍රී 11ට ආසන්නව තිබුනා.එක්වරම කාමරයට ඇතුළු වූ කැතරින් ප්‍රයිස් හට ප්‍රතිචාර දැක්වීමටද වෙලාවක් නොදී මස් කපන පිහිය 37 වතාක් ප්‍රයිස්ගේ ලය හරහා යවනවා.පපු ප්‍රදේශයට එල්ලවුනු පිහි ඇනුම් නිසා පෙනහළු වලට හානිවූ බැවින් උදව් ඉල්ලා කෑගැසීමට හැකියාවක් ලැබෙන්නෙ නැහැ ප්‍රයිස්ට.දරුණු ලෙසින් ලේ වහනය වෙද්දි ප්‍රයිස් දිවයනවා නිවසේ ඉදිරිපස දොරටුව දෙසට.ඒ නිවසෙන් ඉවතට පැන අසැල්වැසියන්ගෙන් උදව් ඉල්ලන්න හිතාගෙන වෙන්න පුළුවන්.නමුත් ප්‍රයිස්ට ශක්තිය තිබුනේ ඉදිරිපස දොරටුව දක්වා යන්න විතරයි.පිටුපසින් ආ කැතරින් ඔහුගේ දෙපයින් අල්ලා පසුපසට අදිනවා.බිම ඇදවැටෙන ප්‍රයිස් සිය ලේ තැවරුනු හස්තය අවසන් වරට තබනවා ඉදිරිපස දොරටුවේ වීදුරුව මත.ඒත් ඔහු දොරටුව අල්ලා ගැනීමට පෙර බිම ඇද වැටෙනවා.මියයනවා.එතැන් පටන් රාත්‍රිය ගෙවී යන්නේ බොහෝ නිහඬව.


පසුදා උදෑසන හයට පමණ අවස්වැසි නිවැසියෙකු එක්තරා දසුනකින් පුදුමයට පත්වෙනවා.අසල්වැසියා දකිනවා ප්‍රයිස්ගේ සුදු පැහැ මෝටර් රථය ප්‍රයිස්ගේ ගෙමිදුලේ නවතා ඇති ආකාරය.සාමාන්‍යයෙන් කම්මැලි අයෙකු නොවන ප්‍රයිස්ට උදෑසනම සේවයට පිටත් වීමේ පුරුද්දක් තිබූ බව අසල්වැසියා දැන සිටියා.උදෑසන හය වන තෙක් රැකියාවට යෑම ප්‍රයිස් කිසිදිනක ප්‍රමාද කරනැති බව දන්නා අසල්වැසියා පුදුම වන්නේ ඒ නිසයි.සිය අසල්වැසියාට අසනීපයක්දැයි සොයා බැලීමට සිතා ප්‍රයිස්ගේ නිවස දෙසට එන අසල්වැසියාට හමුවෙනවා ප්‍රයිස්ගේ සේවා ස්ථානයේ සිට පැමිණෙන සේවකයෙක්.පෙරදා සන්ද්‍යාවේ ප්‍රයිස්ගේ පූර්ව අනතුරු ඇඟවීම නිසාත්, එදින තවමත් සේවයට නොපැමිනීම නිසාත් කලබල වූ ප්‍රයිස්ගේ මිතුරන් ප්‍රයිස් ගැන සොයාබලන්න එවූ දූතයෙක් තමයි ඒ.

අසල්වැසියා සහ සේවකයා එක්වී ප්‍රයිස්ගේ කාමරයේ ජනේලයට තට්ටු කර බලනවා.ඒත් ඔහුගෙන් ප්‍රතිචාරයක් නැහැ.නිවස තුල තිබුනේ අන්ධකාරයක්.ගුප්ත නිහැඬියාවක්.ඉන් පසුව ඉදිරිපස දොරටුව දෙසට ආ දෙදෙනාට දකින දර්ශනය පෙරදා රාත්‍රියේ වූ ඛේදවාචකයේ සිතුවම ඔවුන් දෙදෙනා ඉදිරියේ මවා පානවා.ඔවුන් දකින්නේ ඉදිරිපස දොරටුවේ වීදුරුවේ සටහන්ව තිබූ ලේ පැහැති අත් සලකුණ.ඒ පෙරදා රාත්‍රියේ මියයාමට පෙර ප්‍රයිස්ගේ දෑතින් සටහන් වූ අත් සලකුණ.ඔවුන් දෙදෙනාගේ දැනුම්දීම මත පොලිසිය වහාම ක්‍රියාත්මක වෙනවා.


පොලිසිය කැතරින්ගේ නිවස වටලන විට නිවසේ කුස්සියේ මාංශ පිසෙමින් තිබුනා.දොරටුව කඩා නිවසට ඇතුළු වූ පොලිසිය දුටුවේ ලෙයින් තෙත්වී තිබූ ගෙබිම.මස් පිලිස්සෙන ගන්ධන නිසා කුස්සිය වෙත ගිය පොලීසිය දුටුවේ බොහෝවිට ජීවිතයේදී ඔවුන් දකින වඩාත් අස්වාභාවිකම සිදුවීම වෙන්න ඇති.

කුස්සියේ වූ මස් එල්ලන කොක්කක එල්ලා තිබුනා ප්‍රයිස්ගේ සම.ලිපමත බැදෙමින් තිබුනේ ප්‍රයිස්ගේ මාංශ.අවනය තුල තැම්බෙමින් තිබුනේ ප්‍රයිස්ගේ පශ්චාත්භාගයෙන් කපාගත් මාංශ කොටස්.නටමින් තිබූ තවත් ජලබඳුනක තැම්බෙමින් තිබුනේ ප්‍රයිස්ගේ හිස.ඒ සියල්ලම අසලින් මේසය මත ලේ තැවරුනු මස් කපන පිහිය ඇතුළු තවත් පිහිදෙකක් තිබුනා.ඒවා ප්‍රයිස්ගේ සිරුර සූක්ෂම මස් කිරීමට ගත් ඒවා.

අපරාධය ඉතාම පැහැදිලියි.කැතරින් ප්‍රයිස්ව ඝාතනය කර සත්ව ඝාතකාගාරයේ රැකියාවෙ ඈ ලද පලපුරුද්ද අනුව ඉතා සූක්ෂමව ඇය ප්‍රයිස්ගේ සිරුරේ සම්පූර්ණ සම ගලවා තිබෙනවා.පසුව ඇය සිදුකලේ කපාගත් මාංශ කොටස් අනුභවය කිරීම.ආකාර කීපයකින් පිසූ ප්‍රයිස්ගේ මාංශ ඇය ඉතාම ප්‍රියමනාප ලෙසින් කෑම මේසයේ පිඟන් මතා බෙදා තිබුනා.ඒ සෑම පිඟානක් අසලම තිබුනා ප්‍රයිස්ගේ දරුවන් තිදෙනාගේ නම් කුඩා කඩදාසිය බැගින්.දරුවන් තිදෙනා පෙරලා නිවසට පැමිණි විට ආහාරයට ගැනීමට ඔවුන්ගේ පියාගෙම මස් ඇය විසින් පිලිගන්වා තිබුනේ එලෙසින්.

තව දුරටත් නිවස පිරික්සීමේදී නානකාමරයේ නාන බේසම අසල වූ ලේ තැවතුරුනු කලු පැහැ කාන්තා රාත්‍රී ඇඳුමත්,නිවස පිටුපස එල්ලා තිබූ ප්‍රයිස්ගේ ඉතිරි මාංශත් සොයාගැනුනා.නිවසේ එක් කාමරයක් තුලින් යමෙක් නින්දෙන් ගොරවන හඬ ඇසී ඒ වෙතට ගිය පොලීසිය දුටුවා ඉතාම සාමාන්‍යය අන්දමින් ගැඹුරු නින්දක නිමග්නව සිටි කැතරින්ව.වෙහෙසකර ප්‍රයත්නයන් කීපයකට පසු ඇයව අවදිකරගත් පොලිසිය ඇයව අත්අඩංගුවට ගන්නවා.


අධිකරණ වෛද්‍යවරයා විසින් ඇගේ රුධිරයේ තිබී යම් ඖෂධ මාත්‍රාවක් සොයාගත්තද එය සියදිවි නසාගැනීමට තරම් ප්‍රමාණවත් ප්‍රමාණයක් නෙමෙයි.ඒ නිසා ඈ අපරාධයෙන් පසුව සියදිවි නසාගැනීමට තැත්කලා යැයි වූ තර්කය ප්‍රතික්ෂේප වුනා.ඉතාම කෙටිකලකින් නඩුව අවසන් වුනේ විනිසුරුවරයා විසින් ඇයට ජීවිතාන්ත සිරදඬුවමක් උරුම කරමින්.ඕස්ට්‍රේලියානු ඉතිහාසය ජීවිතාන්ත සිරදඬුවමක් උරුම වූ ප්‍රතම කාන්තාව වුනේ කැතරින්.ඒ වගේම එරට විත්තිකරුවාගෙන් "කට උත්තර" නොවිමසා ජීවිතාන්ත සිරදඬුවමක් දුන් ප්‍රතම අවස්ථාවද එයයි.


supernatural ⭕️❌

Report Page