🖤

🖤


ක්ලාස් එකේ අවසාන ඩෙස් එකේ කොනේම වාඩිවෙලා...

රවුම් ඇස් කරකව කරකව වටපිට බලනවා...

නොදන්නවා නෙවෙයි...හැම තත්පරේම ඔය ඇස් හොයන්නේ මාවම කියලා...

කොච්චර මාව හෙව්වත් ඔය ඇස් ඉස්සරහට නොඑන්නේ උබට වගේම මටත් ඔය ඇස් දැක්කම පාලනයක් නැතුව යන නිසා...

අවුරුදු දෙකකට කලින්නම් ඔය ඇස් මගේම විතරයි ..ඒත් කෝ දැන් එහෙම අයිතියක්...

ආසයි ඉස්සර වගේම ඔය ලොකු රවුම් ඇස් අස්සෙ කිමිඳෙන්න...

ඒත් කෝ ඉඩක්...

මම දුන්නු ආදරේ උබ මරලා ඉවරයි...

දැන් තියෙන්නේ හැම තත්පරේකම මාව අවුලන අපේ මතක විතරමයි...

මෙච්චර දුකක් දීලා තියෙද්දිත් තාමත් මේ හිත උබටම ආදරේ කරනවා...තේරුම් ගන්න බැරි දේත් එ්කමයි..

මූන පුරාවට වැටුනු කෙහෙරැළි කන පිටිපස්සට දාගෙන ආයෙමත් මාව හොයනවා...කළුපාට ඇස්වල කඳුළු පිරිලා...

එදා එහෙම කතාවක් ඔයා නොකිව්වනම් මෙච්චර විඳවීමක් අපි දෙන්නටම නෑ ...

ඒ කඳුලු පිරිච්ච ඒ ඇස් අස්සෙන්ම මං දිව්වෙ අපේ අතීතෙට..

………………………………………

නේඡාන්..අපි මේ සම්බන්දෙ නවත්තමු..

" අකුනු හතඅටක් පිපිරුවා වගේ...

කොහොමනම් විශ්වාස කරන්නද...

අම්මට පස්සෙ වැඩියෙන්ම ආදරේ කරන කෙල්ල...අහේතුකවම යන්න හදනවා...හීනයක් වගේ.."

"අහස්‍යා..මොනවද මේ කියන්නේ...

මොකද්ද එකපාරටම උනේ.."

"මට සමාවෙන්න නේඡාන්..මට මේ බැඳීම තව දුරටත් තියන් ඉන්න බෑ..මට ඔයාව ෆීල් වෙන්නෙ නෑ..."

මගේ ඇස් දිහාම බලාගෙන අහස්‍යා එහෙම කිව්වෙ කිසිම හැඟීමක් නැතුව...

හුස්ම ගන්නත් බැරි තරමටම මාව ශොක් වෙලා..මේ වගේ උත්තරයක් කවදාවත්ම බලාපොරොත්තු උනේ නෑ...හිත රිදුන තරමක් වචන වලින් කියාගන්න බැරි තරම්..

" මට ඔයාව ෆීල් වෙන්නෑ.."

ඒ වචන ටික ආයෙ ආයෙම හිත අස්සේ දෝංකාර දුන්නා...කොහොමනම් දරාගන්නද..."

ඇත්ත ....වෙන අය වගේ උබව හුරතල් කරේ නෑ...බොලඳ ආදරවන්තයෙක් වෙන්න මට බෑ අහස්‍යා..ඔයා ඒක දන්නවා...මාව මේ තරම් දුරටවත් කියවපු එකම කෙල්ල ඔයා...

" හරි...අපි මෙතනින් නවතිමු..

*හැමදාමත් මං ආදරෙයි *අහස්‍යා.."

එහෙම කිව්වත් බලාපොරොත්තු උනේ අවසාන වෙලාවෙදිවත් අහස්‍යා වෙනස් වෙයි කියලා...ආපහු හැරේවි කියලා. ..ඒත් ඒ ඇස්වල අද කිසිම හැඟීමක් ලියවිලා නෑ...

තවත් එතන නොයිඳ ආපහු හැරිලා මං අාවෙ කඳුලු නුහුරුම ඇස් වලින් එලියට එන්න දඟලන කඳුළු කැට හිර කරලා තියාගන්න ගමන්...

••••••••

"මචන් යමන් ක්ලාස් එකට...'

අතීත මතක අස්සෙ අතරමං වෙලා හිටපු මං ගැස්සිලා ගියේ මලින්තයාගෙ කෑ ගැහිල්ලට...

ක්ලාස් එකට ගිහින්

කෙල්ල හිටපු පැත්තට එහා පැත්තෙ ඩෙස් පේලියෙන් ඉදඟත්තෙ ඒ ඇස් දිහාට එක බැල්මකුවත් නොයවාමයි...

ඒ ඇස් කඳුලු වලින් පිරෙන්න ඇති...

හිතකින් නෙවේ රිද්දන්නේ...බැඳීමක් නෑ කියලා දැනෙනකොට ඔය ඇස් ද්හා බලාන ඉන්න අමාරුයි ....

මුළු වෙලාවෙම ඒ ඇස් තිබ්බෙ මං ලගමයි කියලා මට දැනුනා...උගන්නපු කිසිම දෙයක් ඔලුවට යන්න නැතුව ඇති...

ක්ලාස් ඉවරවෙලා උබට කලින්ම යන්න හැදුවේ හැමදාමත් උබ කතා කරන්න උත්සාහ කරන නිසාමයි..ඒත් ඒ හැම දවසකම මගේ වචන ගොලුවෙලා..

යාලුවොත් එක්ක එලියට යනකොටම ,

කෙල්ල මගේ අතකින් තද කරලා අල්ලගත්තා...

"නේඡාන් මට ඔයත් එක්ක කතා කරන්න ඕනි..."

හුස්ම නතර උනා වගේ...

ඒ බෝල ඇස් කඳුළු වලින්ම දිලිසෙනවා...

"කියන්න"

අහක බලාගෙන මම කිව්වේ..

" ම..ට ස.මාවෙන්...න නේඡාන්...ඔයාව තනිකරාට...ඒ වැරැද්දට හැම තිස්සෙම මං දඬුවම් වින්දා...දැන් ඇති නේඡාන්..තවත් විඳවන්නනම් බෑ...මට ඔයාව ඕනි..ප්ලීස් මට සමාවෙන්න..."

" ඔයාව ෆීල් වෙන්නෙ නෑ කියලා කිව්වට ...දන්නවද , අපි වෙන් උනාම තමයි මට තේරුනේ ඔයා මාව කොච්චරක්නම් පරිස්සම් කරාද කියලා...වචනෙකින්වත් රිද්දුවෙ නෑ..ඒ ආදරේ අද මට ගොඩාක් දැනෙනවා නේඡ්...මට සමාවෙන්න "

ඒ සුදු කම්මුල් තෙමාගෙන කඳුළු පොකුරු බිමට වැටෙනවා...කෙල්ල වේගෙන් වේගෙන් හුස්ම අරන් අමාරුවෙන් ඉකිය පාලනේ කරගෙන..බලාගෙන ඉන්න බැරි නිසාම මං ඒ මූන දෝතට අරන් කඳුළු පිහදැම්මා...

"අහන්න අහස්‍යා...ඔයා ගියාට පස්සෙ මං ගොඩාක් දුක් වින්දා...නැගිටින්න බැරි තරමටම කඩන් වැටුනා...සෑහෙන අමාරුවෙන් මං හිත හදාගෙන හිටියේ..

ඔයා ආයෙත් මගෙ ඡීවිතෙට ඇවිත් ආයිමත් යන්න ගියොත්...එදාට මං මෙහෙමවත් ඡීවත් වෙන්නැතිවෙයි...හැබැයි එකදෙයක්...

ඔයාට ඇරෙන්න වෙන කිසිම කෙනෙකුට මේ හිතේ ඉඩක් නෑ..

*හැමදාමත් මං ආදරෙයි*

හම්බවෙන්න තියනවනම් කවදාකහරි අපි ආයෙමත් ලංවේවි...එතකන් ඉවසමු අහස්‍යා ...

දන්නවද ඔයා ලස්සනම කවියක්...

තාම හරියට නොලියවුනු...

ඉතින් මං කවදකහරි එන්නම්..කවිය සම්පූර්ණ කරන්න...

එතකන් අපි කවිය නොලියා ඉමු..."

ඒ ඇස් සතුටට දිලිසෙනවා...

මට දැනෙන්නේ ආයෙමත් ඡීවත් වෙනවා වගේ...

ආයෙමත් අපි ලංවෙමු...මං ඉක්මනටම ඔයා ලඟට එන්නම් අහස්‍යා ...ඔය කවිය සම්පූර්නෙන්ම ලියන්න...මං එනකම් බලන් ඉන්න......❤️

|° ඉතින්....ලියාගන්න බැරි කවි කමයි ලස්සනම...|°

🖤අහසි🖤

Report Page