🌠🌠🌠

🌠🌠🌠

Nihansa

අප්‍රෙල් 14 බදාදා සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන සිංහල අයට වගේම මුස්ලිම් අයටත් විශේෂ දවසක්. ඒ රාමසාන් උපවාස සමය ආරම්භ වෙන්නෙත් අප්‍රෙල් 14 බදාදා නිසා. සිංහල හින්දු අලුත් අවුරුද්ද ගැන බහුතරයක් සියලු ආගමිකයන් දැනන් ඉදියට මේ රාමසාන් උපවාසය සහ රාමසාන් උත්සවය ගැන දන්නේ ටික දෙනයි. සමහර වෙලාවට වැරදි මත ඇති වෙලාත් තියෙනවා සමාජයේ මේ ගැන. ඉතින් රාමසාන් උපවාසය හා උත්සවය ගැන අපි කතා කරමු.


රාමලාන් මාසය ඉස්ලාම් බැතිමතුන්ට විශේෂ මාසයක්. මේ මාසෙදි ඔවුන් රාමසාන් උපවාසය එහෙමත් නැත්තම් නොම්බි ඇල්ලීම කරනවා. නොම්බි අල්ලන්නේ මෙහෙමයි. කතා කරන භාෂාවෙන් කිව්වොත් උදේ 4 ඉඳන් හවස 6.30 වෙනකම් නැත්තම් ඉර බහින වෙලාව වෙනකම් කිසිම ආහාරයක් ගන්නේ නැතුව ඉන්නවා. ආහාර විතරක්ම නෙවෙයි වතුර , කෙල බිඳක් පවා උගුරෙන් පහළට යවන්නේ නැති එක නියම උපවාසයක් කියලා කියන්න පුළුවන්. මේ උපවාසය සියලු දෙනාටම අනිවාර්ය නෑ. කුඩා දරුවන්, මහලු උදවිය, ගැබිණි මව්වරුන්, අසනීපයෙන් පසුවන්නන්ට මෙයට සහභාගී නොවිය හැකියි. බඩගින්නේ සිටින මිනිසුන් ගේ දුක, අසීරුතාව හඳුනා ගැනීම තමා උපවාසය කරන එකේ අරමුණ වෙන්නේ. මේ උපවාස කාලයේ මුස්ලිම් ජනතාව දුප්පතුන් ට ආහාර දීම, දාන මාන ආදී කටයුතු සිදු කරන කාලයක්, ඕනෑම කෙනෙක්ට උදවු කරන අතර සමාව දී වැරදි අමතක කරන මාසයක්. ඒ වගේම රාමසාන් මාසය ඔවුන්ගේ ආගමානුකුලව කුරාණය කියවමින් පල්ලියේ යාඥා වලට සහභාගී වෙමින් ගත කරන මාසයක්. උපවාසය අවසානයේ රාමසාන් උත්සවය සමරන අතර මුස්ලිම් ජනතාව මේ කාලය තුළ ඉතාමත් සතුටින් ඉන්නවා කිව්වොත් නිවැරදියි. රාමසාන් උපවාසය කියන්නේ ඔවුනගේ ආගමට අනුව සීලයක්. එය නිවැරදිව කිරීමෙන් විශාල පිනක් රැස් කර ගන්න පුළුවන් කියන එක ආගමේ සදහන් වෙනවා.


ඉතින් අප්‍රේල් 14 සිංහල අයට විතරක්ම විශේෂ දවසකුත් නෙවෙයි. වෙනදාට සිංහල යාළුවන්ගේ ගෙවල් වලින් අවුරුදු කාපු මුස්ලිම් අයට මේ පාර නම් කොකිස් කන්න වෙන්නේ රෑට තමයි. සමහර විට වැරදි අඩුපාඩු ඇති එහෙම තියෙනවා නම් කමෙන්ට් කරන් යන්න. තව මේකට එකතු වෙන්න දේවල් තියෙනවා නම් ඒවත් කියාගෙනම යන්න. ඉතින් සුභ අලුත් අවුරුද්දක් වගේම සාර්ථක උපවාසයක් ප්‍රාර්ථනා කරනවා.



Report Page