⭕️❌

⭕️❌

Dasantha Amarasinghe

😮👻😔🤔


 බොහෝ කලකට පෙර, යුවළක් තම කුඩා පුතා සමඟ එකට ජීවත් වූන නමුත් මේ දෙදෙනා දරුවා ඉපදීමටත් පෙර, එකිනෙකාට රණ්ඩු සරුවල් වෙම්න් පහර දීම් දක්වා ආරවුල් ඇති කර ගත්තා...😮

 වසර ගණනාවක් පුරා, අම්මා සහ තාත්තා සෑම අවස්ථාවකදීම, සෑම දිනකම මේ ආකාරයට දබර උනා...දික්කසාද වීමට අවස්ථාව තිබීයදීත් ,අවසානයේදී, එයාල තම පුතා වෙනුවෙන් එකට සිටීමට තීරණය කරා..


 දරුවාට වයස අවුරුදු 5 වෙනකොට දෙමාපියන් ගේ අඬ දබර ඉතාම වැඩි වෙලා එකිනෙකාට සම්පූර්ණයෙන්ම වෛර කරන තත්ත්වය ට පත් වුනා....

  නමුත් දරුවාගේ ආදරණීය අම්මා තාත්තා හැටියට ඔවුන් ඒසියල්ල විද දරාගත්තා...😔

 

නමුත් නොසිතූ අවස්ථාවක මේ සියල්ල වෙනස් උනා .. එක් රාත්‍රියකදී මව සහ දරුවා ඇඳට නිදාගන්න ගියාට පස්සේ ,ඔහුට පාලනය කර ගත නොහැකි වූ ආවේගයන් තම බිරිඳ මරා දැමීමට තරම් ඔහු සාහාසික වෙලා තිබුණා😔😔


. බිරිඳ ව මැරුවට පස්සේ ඔහු සිරුර පටවාගෙන අසල කන්දකට ඔහුගේ මෝටර් රථයේතබා ගෙන ගොස් කිසිවෙකුට නොදැනෙන්නට සිරුර ගෙන ගොස් දමනවා ..😮😔


 ඔහු සිරුර මඩ වගුරකට දමා එය දුගඳ හමන මඩ වඟුරේ ගැඹුරට නොපෙනී යන අයුරු බලා සිට නැවත ගෙදර ආවේය.


  ඔහු උදේ ඉදල රෑ වෙනකම් නෑව, නමුත් ඔහු තම ශරීරය කොච්චර අතුල්ලල හේදුවත්  මඩ වගුරේ එන ස්වභාවික සුවඳින් මිදීමට නොහැකි විය ... ඔහු නිදාගතත් ද කල්පනාවට ආවේ පුතා තම මව ගැන ඇසුවහොත් ඔහු කරන්නේ කුමක්දැයි යන්න පිළිබඳව ය..


 - අම්මා කොහෙද? පුතා ඇසූ විට

 - ඇය ගමනක් ගියා.. ඔයා නිදාගෙන ඉන්න විට ඇය ගිය බව පැවසුවේය. දරුවා අස්වැසීමට නොයෙකුත් දේ කියමින් ඇය ලඟදිම එනවා කියා පුතුට කියන්නට විය..


 නමුත් තම මව ගැන ඔහු නිතරම අසන්නට වීම නිසා ඔහු තම පුතුව සහෝදරයාගේ නිවසට රැගෙන යාමට තීරණය කළේය.

 ටික දවසකින් මේ දරුවාව නිවසට රැගෙන ආවත් අම්මා ගැනනම් එයා ඇහුවේ නෑ... තාත්තට ඒක අමුතු දෙයක් වුනා ,ඒත් එයා ඒක පුතාට දැනෙන්න ඇරියෙ නෑ...අම්ම අමතක වෙලා නම් හොඳයි ..නිසා ආයෙත් මතක් කරන්න න් හිතුවේ නෑ...


 පසුදා ඔවුන් උදේ ආහාරය ගනිමින් සිටින විට ඔහුට තම බිරිඳගේ සිරුර විසි කළ මඩ වගුරෙහි සුවඳ දැනෙන්නට උනා ..එම සුවඳ ඔහුව අසනීප කරන තරමටම පැතිරී ගියා...ඒක හින්දා ඔහු සුවඳ විලවුන් වර්ගයක් ගෙන එය නිවස පුරාම ඉස්සා...ඒ ගඳ යන්න....


 දවසක් පුතාත් එක්ක සාලයේ සෙල්ලම් කරමින් ඉන්නකොට බඩේ පොඩි වේදනාවක් දැනෙන්න පටන් ගත්තා. ඔහු දරුවා සෙල්ලම් කරන කාමරය අසලින් යන විට, සෑම දිනකම පුතා කලබලයෙන් වගේ ඔහු දිහා බලන බව ඔහුට තේරෙන්නට උනා. දරුවා ඔහු දෙස බලන විට පියා නිතරම තැති ගැන්වෙනවා..පුතාට මොනව හරි දැනිලවත් වෙන්න ඇති කියලා..🤔

  ඉතින් ඔහු හිතුවේ වෙච්ච දේ පුතා දන්නවාද නැත්නම් කොහොම හරි අම්මගේ කෑගැහිල්ල ඇහුනවත් ද කියලයි....

 බැරිම තැන ඔහු ..පුතා ගෙන් අහනවා...

.,

 - ඔයාට මගෙන් අහන්න දෙයක් තියෙනවද? කියලා ..

 -ඔව්

 - ඒක ඔයාගෙ අම්මා ගැන මොනව හරිද ?

 -ඔව්

 - 

 - පුතා පහත් හඬින් කියන්නට උනා..

 -- ඔහු ඉන් ව්‍යාකූල උනත් ඒබවක් නොපෙන්වා...

 ඉතිං කියන්න යැයි පුතාට කිවේ ..ඔහුගේ ගැටලුව මොනවගේ දැයි කුතුහලයෙන් ....😮


 ඊට පස්සේ පුතා මේ ගැන බොහෝ වෙලාවක් කල්පනා කර කර ඉඳලා කෙලින්ම ඇස් දිහා බලාගෙන මෙහෙම කිව්වා.

 "මට දැනගන්න ඕන වුනේ ඇයි ? ඔයා 

 දවස පුරාම අම්මාව ඔයාගේ පිටේ පිටේ එල්ල ගෙන ඉන්නේ... කියලායි..".😔

 මොකක් වෙන්න ඇතිද?

 


Supernatural ⭕️❌


Report Page