1 කොටස 👆

1 කොටස 👆


*නොමියෙනා ප්‍රේමයේ කිරුළ අපටයි උරුම*👑

•°¯`•• ❤️ආදරෙයිද මන්දා❤️ ••´¯°•

- 1කොටස -

🧢දැං කිව්වනේ උබට නෙවේ ඕක එව්වේ.
🌼ආ එහෙමද
🧢ඔව් කවුද හිතුවේ මේ මරාලෙට වැදෙයි කියලා.
🌼තමුසේ ඔය මරාලේ කිව්වේ මටද ආ
🧢ඔව් තොට තමා...
ඉන්නෙනම් දහයට ගනින්න බෑ වගේ.මං හිතුවේ අහිංසක කෙල්ලෙක් කියලා.කොච්චර කිව්වත් මේකිට තේරෙන්නෑනේ.ඒක වැරදීමක් 😡
🌼වැරදීමක් පුහ් 🤨
💖දැන් ඔය වලිය නතර කරගනිල්ලකෝ
අන්න සිතුම් උබටයි ටිකට් එක ඇදෙන්න යන්නේ
🧢මට ඒ මොකෝ බම්🙄
💖අන්න කිසල් එවපු රොකට් එක සයුරි ප්‍රින්සිපල් ගාවට අරන් යනවලු.ඒත් ඒකි හිතන් ඉන්නේ රොකට් එක එව්වේ ඔයා කියලා.මං කොච්චර කිව්වත් පිලිගන්නෑනේ.
👽මොකා.....
💖ඔව්ව් 😃
🧢අඩේ බලහන් කිසල්
උබේ වැඩ නිසා මට වෙන දේවල් ඇට පනුවා.කොහෙන් හරි මටමයි කෙලවෙන්නේ 😥
💖දැන් ඉතින් නහයෙන් අඩන්නේ ගිහින් සයුරිට ශේප් පාරක් දාපං🤣
🧢ශික් හොදට හිටපු මට අන්තිමේටම කෙල්ලෝ නලවන්නත් සිද්ධ වුණා.🤧
💖නියමයි
👽උබ හිටාන්කෝ.
යමං යමං ඒකී ප්‍රින්සිට කියන්න කලින් මොනාහරි කරමු.
🧢යමං යමං ඉක්මනට මගෙ රෙදි ගැලවෙන්න කලින්.අපි යනෝ
පව් මුන්ටනම් පිස්සු ඩබල්
එහෙම කියලා මං ගියේ රිතූ ඉන්න දිහාවට
ආ..මං ජාන්වි අපූර්වා කොඩිතුවක්කු😊.කිසිම දෙයක් සීරියස් හිතන්නැතුව මගේම විදිහට ඉන්න සාමාන්‍ය කෙල්ලෙක්. සරලවම කිව්වොත් දෙනදෙයක් කාලා වෙන දෙයක් බලාගෙන් ඉන්න චුට්ටක් නපුරු කෙනෙක්. ☺️රිතූ කියන්නේ මගේ බෙස්ටි.ආදරේට රිතූ කිව්වට එයාගේ නම රිතුනි සුබාශි ජයවික්‍රම.මගේ දුක සැප දෙකම එයා තමා ඉති.හැබැයි ඉතින් අපි දේන්නා සම්පූර්ණයෙන්ම වෙනස් දෙන්නෙක්.හැම දේ ගැනම දෙපාරක් හිතන ඔන්නවටත් වඩා හිතන කෙනෙක් තමා එයා.අපි දෙන්න එකට එක් වුනාම ඉතින් රන් රස සේ පෑහේ😋
ම්ම්ම්.එතෝට සිතුම් යනු මගේ බෙස්ටා නම් විය.එයා මගේ බෙස්ටා වීමනම් දිග කතවක්...ඒක ඕන්නෑ.සිතුම් කියන්නේ සෙල්ලක්කාර,දඩබ්බර චරිතයක්.(මගේ බෙස්ටා වුනාට පස්සේනම් ඔය ගති ටිකක් අඩුයි😃)සිතුම් කිව්වොත් නොදන්න කෙනෙක් නෑ.එයා ඒ තරමටම ප්‍රසිද්ධයි.ලස්සන කොල්ලෙක් වගේම චූටි චණ්ඩියෙක්.ඊලග එක්කෙනා තමා කල්ප..
🍀මොකෝ බං වුනේ ජාන්වි
💖දන්නැද්ද බම්
🍀සිතුමා පව්
💖හොද වැඩේ
ඔයා වගේ වැඩවලට සප් දෙනවනම් ඕන කට්ටකට රෙඩි වෙලා ඉන්නනෝනේ ඉති 🤣
🍀ඒ වුනාට උබ සයුරි සයුරි ගෑවට මමනම් හිතුවේ සිතුම් ආයෙත් පාරක් උබට ලයින් කියලා
💖පිස්සුද බම් 🙄ඌ මගේ බෙස්ටා.ඒ ඉස්සර.දැන් ඌ දන්නවා මං ගැන.
🍀හ්ම් හ්ම්.උබ ඉති ට්‍රැක් බුරුල් නට් එකක්නේ 🔩️
මොනා කරගත්තද දන්නෑ
දහම් පාසල් ප්‍රින්සිට සිතුම් කියලද දන්නෑ සයුරි කියලා තියෙන්නේ.උගේ මොනිට බැජ් එක ගලවයිද දන්නෑ
💖මොනා වුනත් පව්
කිරිකලේට බූමිතෙල් ගැහුවා වගේ උටත් උන වැඩේ.
ට්‍රිං ට්‍රිං 📢
🍀ඔන්න බෙල් එකත් ගැහුවා.
💖අපෝ යමන් යමන් අදනම් ගාටන්න බෑ.හෙට ඉස්කෝලේ වැඩ කැටියයි.
🍀යමූ.
දහම් පාසල් ඉවරවේලා.මායි රිතුයි ගෙදර එන්න ආවේ හරියට දුවගෙන වගේ 🏃 . හෙට තියන වැඩ කැටිය මතක් වෙද්දි දුවනවා නෙවේ දිවවෙනවා😃.සිතුම් එනකල් ඉන්නැද්ද?අඩේ උන් බඩගානවනේ.අපි යං.හැබැයි මොකක් වුනාද දන්නෑ
🍀පස්සේ අහමු බං දැං යමන්
රිතූ මාත් එක්කම ඇවිල්ලා තුංමංහන්දියෙන්
හැරුනා මං ඉතින් දිව්වා සීයට පාගලා 🏃.

🧢ඇති යන්තම් ඒක ගොඩින් බේරුනා
👽මොන වුනත් ඒකි උබ කිටපු ගමන් ඒක පිලිගත්තා.ඒකි මට කෙසේවෙතත් උබටනම් කැමතියි වගේ.
🧢අපෝ එපා මටනම්
ඒ ගෑණිව උබම තියාගනින්
👽මොකෝ එහෙම කියන්නේ උබ දන්නවනේ මං ඒකිට කොච්චර කැමතිද කියලා බ##
🧢අඩේ සිරා ගන්න එපා
උබේ උන්මාද චිත්‍රාව උබම තියාගනින්
උබෙයි මගෙයි කැමැත්ත එකම නෙවේනේ
👽යං බන් සිතුමා උබ ඔය කවුරු එනකල්ද බලන් ඉන්නේ.
🧢ජාන්වි
👽ඒකිට මොකක්ද වැඩක් තියනවා කියලා ඉක්මනට යනවා කිව්වේ
🧢එහෙමද
👽ඔව්
මේ ඒක නෙවේ උබ තාමත් ඒකිට කැමතිද?
🧢පිස්සුද 🙄
එහෙම එකක් නෑ
👽උබ ඔය රවට්ටන්න හදන්නේ මාව නෙවේ
උබේම හිත
🧢අනේ මන්දා
මට පේනේ ඒකි මාව මගඅරිනවා වගේ
👽අඩේ එහෙම එකක් නෑ අපතයයෝ
මල සමයං
ඒකි හැමදාමත් දකින්නේ උබව හොදම යාලුවා විදිහට
🧢අන්න රවීන්ලා අඩගහනවා යමං

💖අම්මෝ අම්මේ ඉක්මනට බත් එක බෙදන්ඩෝ
ආපු ගමන් අම්මට අණ දිදී මම දිව්වේ බාත් රූම් එකට වොශ් එකක් දාගන්ඩ.
👵මොකෝ කෙල්ලේ අද මේ මෙච්චර හදිස්සියෙන්.
💖අම්මේ ඉස්කෝලේ වැඩ ගොඩායි අප්පා
👵ගමන හෙට කියලා තමා උබගෙත් තදියම ඉතින්
💖හරි හරී අම්මා 😋
👵හරි තමා
ටක් ගාලා වොශ් එකකුත් දාගෙන කටට දෙකට බතුත් ගිලලා මං ලෑස්ති වුනේ වැඩට ඉදගන්න......
එතකොටම මා ප්‍රිය සොයුරා (මගේ මල්ලී) එතනට ආවා.
මගේ ප්‍රියාදර මල්ලි තමා ඉතින් කානුවකින් ගෙනල්ල අරන් හදාගත්ත ගොන් තඩියා.නම සදෙව්.චුට්ටක් අහිංසක කෙනෙක් තමා එයා.හැබැයි ඉති මාර කේලමා.හැබැයි ඉති මං මගේ ජීවිතේ ගොඩාක් දේවල එයාත් එක්ක බෙදාගන්වා.ඒ වගේම රහස් රකින්නනම් එයා මරුවට දන්නවා 😋
🤶අක්කී....
💖මොකෝ
මං එතෝටම දැක්ක අත පිටිපස්සේ මොනාදෝ හංගගෙන ඉන්නවා.මොනා වුනත් මූ මේක කාමරේට අරන් ආවේ හොරෙන් හොරෙන් 🤨







සදෙව් මල්ලි හොරෙන් හොරෙන් කාමරේට අරන් ආවේ මොනා වෙන්නැද්ද?🧐
ඊලග දිගහැරුමෙන්👇මම් තිනූ




Report Page