An Unexpected Enemy

An Unexpected Enemy


Story 01


....කවදාවත් හිතුවේ නෑ මෙහෙම දෙයක්!....මට එච්චර ළගින් හිටපු.....එහෙම කරේ මේකටද ආ..හහ් නෑ!



හරිද..? මන් කිව්ව එක මතකයිනේ..ඔක්කොම වෙන්නේ හොදට හරිය...බායි අවී එහෙම කියලා පිටි පස්ස හැරුනා..."


"ජානූ!"


"ජානු මොකෝ මේ..?"


"අහ්හා අයියා කෙනෙක්ම...ට විහිළු ක..රලා...ම...ගගේ ..අයිස් ක්‍රීම් එක..උදුරන් ගියා..."ජානු අඩ අඩා කියනවා


"මොකක්! කවුද ඒ?"


"අර අයියා..."

ජානු කිව්වම අවී ඒ පැත්ත හැරුනා කළු T-shirt එකක් ඇද ගත්ත කෙනෙක් එතනින් යන්නත් එක්ක අවී දැක්කේ ඩෙලිමට සුදු ටී ශර්ට් එකට උඩින් අත් ගාවට දිග රතු කොටු ටී ශර්ට් එකක් ඇදන් හිටපු ශනුද්ව..ශනුද් නම් අවීව දැක්කේ නෑ ශනුද් හිටියේ අවීට පිටු ලාලා..අවී හිතන්නෙවත් නැතුව ශනුද් ළගට ගියා


"Excuse me.." අවී ශානුද්ගෙන් ඇහුවා

ශනුද් පුදුම වෙලා පිටි පස්ස හැරුනා..හැරිල බැලුවම තවත් පුදුම වුණා


"ඔයා!" ශනුද්ට ඉබේටම කියවුණා..ඒත් අවීටනම් ඇහුනේ නෑ


"ඇයි අර ළමයගෙ අයිස් ක්‍රීම් එක උදුරගත්තෙ....ඒ විතරක් නෙමෙ ඇවිදින්න බෑ කියලා විහිළුත් කරලා.."අවී බැරූරුම් විදියට අහද්දි ශනුද් නම් full හොල්මන්


"මොකා..මේ මම.."


'නැතුව ඉතින් මමෙයි..'අවීට එහෙම කියන්න හිතුනත් කට වහගෙන එතනින් ගියා..

'අනෙ මන්දා මේ පිරිමි ළමයි නම්..'කියා හිත හිත


"මොකක්ද අනේ ඒ වුණෙ.."


"අහ්! මන් අර පිරිමි ළමයට බය නැතුව කතා කරපු හැටි මට නම් පිස්සූ...අවී ජානූ ළගට ඇවිත් ඔළුවට ගගහා තනියම කියවනෝ...ශික් ඒත් එයා මොනවත් කිව්වෙත් නෑ..වැදගත් පාටයි ර්..නෑ නෑ පෙනුමෙන් කොහොමද මිනිස්සු මනින්නේ..අනේ ඒත් බයයි ආහ්..ර්..අනේ මන්හදා ඇයි මන්රි එහෙම කිව්වේ මේ පලවෙනි පාර නෙමේනනේ කලිනුත් මෙහෙම වෙලා තීනෝ ඒත් ඓ් පොඩි ළමයින්ගේ මේ ලොකු කෙනෙක්නේ..ඒත්..අහ්හා..කමක් නෑ ඔක්කොම වෙන්නේ හොදට! ඔව් "අවී එහෙම කියවලා අත් දෙකත් එකට එකතු කරන්න තනියම වැනිදා

"නමෝ බුද්ධාය! ර්ර්...අහ් මට නම් පිස්සූ!"


"අක්කේ.."


"ආ ජානූ"


"අක්කා කොහෙද ගියේ.. අක්කා බය වුණාම තමා ඔහොම කරන්නේ.."


"ආහ් නෑ නෑ මන් මෙම පොඩි වැඩකට ගියේ..ආ අනිත් එක මන් අරෙහෙම කරන්නේ බයට විතරක් නෙමෙ..හරිය"


"ආ ඔව් ඔව් මන් දන්නවනේ..හිහී..අපි දැන් යමු බඩිගිනී"


"හාහා"...'ර්ර් මන්නම්හො...ද වෙලාවට මෙතන කවුරුත් නෑ'


"හරි යමූ"


අවී හිනාවෙලා ජානුගේ රෝද පුටුව තල්ලු කරන් ගියා

ශනුද්ඒ නම්ත් ඒක දැක්කේ නැ මොකද ශනුද් ඉන්නේ තැනට ඒ පැත්ත පේන්නෑ..නැත්තම් අවී තනියම කියවපු එක දකින්නවනේ... ඒත් එක්කම කාගේදෝ අතක් ශනුද්ගේ උරහිසේ..


"ආ ලොකූ..."


"ආ ආ කොල්ලෝ ටිකක් පරක්කු වුණා..සොරි ඉතින් මන් නිසා කෙල්ලෙක්ගෙන් ගුටිත් කෑවනේ"


"අහ් ඔව් නෑ.. මොකක්!" ශනුද් එක සැරේ ලොකකූගේ මූන බැලුවා එයා නෝන්ඩියට හිනා වෙනවා


"මොකෝ ආ..?මොකක්ද දැන් අර කිව්වේ"


"නෑ ඉතින් ඇත්තනේ උබ පවු බන්" ලොකූ බොරු අනුකම්පාවක් මවන් ශනුද්ගේ ඔවුන් අත ගගා කියන


"ඒ මේ අයියේ..මන් කාගෙන්වත් ගුටි කෑවේ නෑ මේ බලනෝ හොදට ඉන්නේ"


"ආ ඔව් ඒ නංගී උබට අනුකම්පා කරලා අත් පය කඩලා නෑ"


"අනේ මේ අයියේ.."..'මූට කියලා වැඩක් නෑ මූ කොහොමත් මෙහෙමනේ' ශනුද් තමාටම කියාගෙන ලොකූටත් රවාගෙන ගි


"ඒ ඔහොම ඉන්නෝ" ලොකුත් පස්සෙන් ගියා


"හරි හරි බන් ඕකට ඇරියස් ගන්නෙපා බන් වයසට යනෝ.."ශනුද් මුකුත් නොකියා මූනත් පුම්බන් කාරෙකට නැග්ගා


"යකෝ මන්ය එලවන්න ඕනේ..?"ලොකූ ඩ්‍රයිවින් ශීට් එකට එහා පැත්තේ වාඩි වුන ශනුද්ගෙන් ඇහුවා


"නැතුව මමෙයි" ශනුද් ගානට නොගෙන කියනවා


"උබ මහ නරකයි"


"උබ හරි හොඳ එකානේ"


'යකෝ මූ!' 'හොදා හොදා' එහෙම කියලා ලොකූ වාහනේට නැගලා libary එක ළගින් එන්න පිටත් වුණා ඒත් එක්කම ශනුද්ට කෝල් එකක් ආවා


"ආ හෙලෝ ශවියෝ"


"ආ බන් අයියා ගත්තයි..."ශනුද් උත්තර දෙන්නත් කලින් ලොකූගේ අතේ ෆෝන් එක


"ඒයි!" ශනුද් නෑ ගැහුවා වැඩක් නෑ ලොකූ වාහනේ නවත්තලා බැහැලත් ඉවරයි


"ආ මල්ලි මන් ආවා හැබැයි පව් බන් දේව්"


'මූ නම්'ශනුද් එහෙම හිතලා වාහනයෙන් බහිද්දි ලොකූ කාරෙකට වටේ යනවා ශනුද්ව මග හැරලා


"ආ අයියේ ඒ මොකෝ"


"මෙහෙමනේ....."ලොකූ අවී ශනුද්ට ගැහුවා කියලා හිනා වෙවී කියනවා ඔය අතරේ ශනුද් කොහොමහරි ෆෝන් එක ගත්තා


"ඒ"


"ඒ උබට රිදෙනවද බන්ද" ශවිදු නෝන්ඩිය හිනා වෙවී අහනවා


"අඩෝ"


"හරි හරි බන් I can imagine your situation...මේ අර අහිංසකයට මුකුත් කරන් නෑ පව් බන් හොදේ"


"හහ් උබ! මන් උබව අල්ල ගන්නම්" ශනුද් එහෙම කියලා ෆෝන් එක කට් කරලා ලොකූව කන්න වගේ බැලුවා


"ඒ මල්ලියෝ මේ පාර බන් අර කාරෙකුත් එනවා අර මිනිසුත් ඉන්නවා හොදේ සුදූ.."එහෙම කියලා නෝන්ඩියට හිනා වෙලා වාහනෙට නැග්ගා ශනුදුත් රවාගෙන වාහනෙට නැග්ගා


"ඒ බන් කලින් කිව්වේ තරහ ගන්නෙපා බන් වයසට යනවා වයසින් නෙමේ පෙනුමෙන්..හිහී..හැබැයි උබ ඔහොම ඉද්දිම මාර ලස්සනයි"


"කට වහගෙන යමූද කොච්චර වැඩ තියේද..?දානෙට බඩු ගන්නත් තියෙනවා හහ්..උබම තනියෙන් ගනින් මට නම් එන්න බෑ මන් නිදාගන්නවා හහ්"


"ආව් ආව් ලස්සන" ලොකූට ඕනෙම ශනුද්ව කේන්ති ගස්සන්න..ඇත්තටම ශනුද් එහෙම ඉද්දි ලස්සනයි ඇස් දෙකත් හීනි කරන් නලලත් රුලි කරන් ඉද්දිම නලලට වැටුන කොන්ඩේ ඒ ලස්සන වැඩි කරනවා..ශනුද් මුකුත් නොකියා ඇස් දෙක වහගත්තා ඇත්තටම ශනුද් ඉන්නේ නිදිමතේ එළි වෙනකම් ටෙන්ට් ගහලා..හැබැයි ශනුද් ඇස් වහන් කල්පනා කරේ library එක ළගදි වුන දේ..


"හරිනේ" එහෙම කියාගෙන ම ශනුද් අත්පොඩියක් ගැහුවා


"මොකෝ..?"


"මුකුත් නෑ..මට දෙයක් මතක් වුනා"


"ආ ආ මොකක්ද"


"ලොකූ මට නිදා ගන්න දීපිය.."එහෙම කියලා ශනුද් ආයේ ඇස් දෙක පියා ගත්තා


'හරිනේ චූටි එයා තමා ඒ මල්ලි ගේ අයිස් ක්‍රීම් එක උදුරන් විහිළු කරන්නැත්තේ..ඔව් ඒ මල්ලිට දුක් හිතෙන්න ඇති..පව් මොනව කියලා විහිළු කරාද දන්නෑ..ඉතින් ඒ වෙලාවේ අර එයාගේ අක්කා වෙන්නැති ඔව් එයා ඒ වෙලාවේ අර නැන්දා එක්ක කතා කර කර හිටියේ මන් දැක්කේ..ඔය වෙලාවේ තමා චූටි විහිළු කරන්න ඇත්තේ..ඔව්නේ අර කාපු අයිස් ක්‍රීම් එක ඒ මල්ලිගේ එක තමා..හරි හරි ඊට පස්සේ මල්ලි එයාට කියන්න ඇති මල්ලි චූටිව පෙන්නන්න ඇති ආ හරිනේ චූටි මාත් එක්ක කතා තරලා යනවත් එක්කම වගේ එයා ආවේ වැරදිලා මට බනින්නේ ඇත්තේ..හරි හරි..ඔව් එහෙම තමා වෙන්න ඇත්තේ කමක් නෑ...ඒත්චූ..ටි මෙහේ? අයියට පස්සේ කියනවා ඌ මට විහිළු කරන්නනේ බලන් ඉන්නේ දැන් බෑ පට්ට නිදි මතයි'


"ඒ බන් නැගිටිනවා.දේව්..!"


"ඒයි කුම්බකරනයෝ නැගිටපිය..."එහෙම කියලා ශවිදු ශනුද්ගේ අතෙන් ඇද්දා..අත ගැලවිලා අතට නාපු එක විතරයි..


∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆


හෙලෝ! මේ මගේ 1st story එක... කොහොමද ඒක ලස්සනයිද...ගොඩක් කල් ඉදන් තිබ්බ ආසාවක් මේක..වැරදි අඩුපාඩු ඇති..ඒවා කියන්න..කෙලින්ම කියනවනම් හොද නරක කියලා comment එකක් දාන්න.


THANK YOU EVERYONE...ENJOY MY STORY...SEE U!


∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆∆








Report Page