🎯🃏🎯🃏🎯🃏

🎯🃏🎯🃏🎯🃏


මින්නේරිය වැව පොළොන්නරුව දිස්ත්‍රික්කය තුල තුල පිහිටා ඇති විශාල වැවක්. එය මින්නේරිය නදිය හරස්කොට ඉදිකරවන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 286 දී මහසෙන් රජතුමා (ක්‍රි ව 276-303 ) විසින්.
වර්ග කිලෝමීටර 18.9 ක පමණ වපසරියකින් යුතු වැව වෙත, මහවැලි ගඟේ සිට ඇලහැර ඇල ඔස්සේ ජලය ගලා ඒම සිදුවෙනවා. වාසබා රජතුමා විසින් ඇලහැර ඇල යෝජනා ක්‍රමය ආරම්භ කර ඇති අතර මහසෙන් රජු වර්තමානයේ තත්වය දක්වා එය ගොඩ නංවා තියෙනවා.
ක්‍රි.ව. 1856, බ්‍රිතාන්‍ය ජාතික ආණ්ඩුකාරවරයෙකු වූ Henry Ward විසින් මින්නේරිය වැව විස්මිත නිර්මාණයක් බවට වාර්ථා කොට තියෙනවා.
මින්නේරිය වැව මහසෙන් රජතුමා විසින් ඉදි කරවීම ගැනත් ජනප්‍රවාද කීපයක් තියෙනවා.
ක්‍රි. ව. 276 දී පමණ මහසෙන් කුමරු අනුරාධපුර රාජධානියේ සිහසුනට පත් වෙන්නේ ඔහුගේ වැඩිමහල් සොහොයුරු දෙටුතිස්‌ රජුගේ අභාවයෙන් පසුව යි.
වෛතුල්‍යවාදය මුල්කර ගත් සංඝමිත්‍ර තෙරුන්ගේ බහට වැඩ කර මහසෙන් රජතුමා මුලදී මහා විහාරය අමනාප කරගත්තේය. එය බොහෝ ප්‍රශ්නවලට මුල්විය. අගනුවර වූ අනුරාධුපුරයේ රැඳී සිටින්නට බැරි තරමට වාතාවරණය දරුණු වූ බැවින් හබරණ කැකිරාව මාර්ගයේ රිටිගල කන්දේ තාවකාලික මාළිගාවක් ඉදිකර පදිංචියට මහසෙන් පැමිණි බවක් කියවෙනවා.
ජනප්‍රවාදවල සඳහන් වෙන ආකාරයට මේ කාලයේදී එක ප්‍රදේශයක ගවයන්ගෙන් දොවා ගත් කිරි ඉතා රසවත් බව ආරංචි වෙනවා. ඒ ගැන තවදුරටත් සොයා බැලූ විට නියං සමයේ තණ කෑමට මුදාහරින ගව පට්ටි ඉතා ඈතට ගොස් තණ කොළ කා වතුර බී පැමිණෙන බවත් දැනගැනීමට ලැබෙනවා.
ගවයන්ගේ පිටේ තල ඇට පිරවූ සිදුරු සහිත ගෝනි බැඳ යවන ලෙස රජු අණ කරන්නේ මේ ප්‍රදේශය සොයාගැනීමේ අරමුණෙන්. පින්න හේතුවෙන් දින කිහිපයකින් අනතුරුව තල ඇට පැළ වී තිබූ අතර, එම මාර්ගය ඔස්සේ ගොස් ගොනුන් තණ කෑ ප්‍රදේශය සොයාගැනීමට හැකියාව ලැබෙනවා.
මෙවන් නියං සමයක වුව ද ජලය රැඳී තිබෙන මේ ප්‍රදේශයේ වැවක් තනවා කුඹුරු අස්වද්දන්නට සුදුසු බව රජු විසින් තීරණය කරනවා.
වියළි කලාපයක් වූ මේ පළාතේ තිබූ විශාල ප්‍රශ්නය ජලය හිඟකමයි. කුඩා වැව් රැසක් සාදා ලොව දැවැන්තම ගඩොල් ව්‍යුහය වූ ජේතවනාරාමය චෛත්‍ය කර්මාන්තයට අත ගසා තිබූ මහසෙන් රජ ලැබුණු මේ ආරංචියෙන් සතුටට පත්වී තිබේ. ඒ බිමේ පස මැටි ගතියෙන් සාර ජලය කාන්දු වී නොයන ආකාරයේ බිමක් බවද ඒ වන විටත් එහි ජලය පිරී තිබීමෙන් සනාථ වී ඇත.
ඒ භූමිය දෙපස කඳු දෙකක් තිබෙන නිසාත් දෙක අතර හොඳ සවි ඇති තිරිවානා තට්ටුවක් තිබෙන නිසාත් ඒවා යාකර බැම්ම තැනිය හැකි බවත් ඒ බවත් සනාථ විය.
මේ ආශ්‍රිත ව වැල් මී තිබුණු බැවින් එළදෙනුන් ඒවා ආහාරයට ගැනීමෙනුයි කිරි රසවත් වී ඇත්තේ. ඒ හේතුවෙන් එම ගම, “මිහිරි කිරි තිබූ ගම” හෙවත් “මිනිහිරිගම”ලෙසත්, පසු ව “මින්නේරිය” ලෙසත් හැඳින්වූ බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා.
තවත් කතාවක සඳහන් වෙන්නේ මෙම ප්‍රදේශයේ ඉතා සරුවට මෙනේරි වැවුණු බැවින් මෙනේරිගම පසු ව මින්නේරිය වූ බව යි.
රජු විසින් නළුදෑකඩ රාළ නැමැති විශ්ව කර්ම වාරි තාක්ෂණවේදියා සමඟ දහසක පිරිසක් වහා ඒ බිමට යවන ලදී.
මින්නේරිය ප්‍රදේශය එකල යක්ෂ ගෝත්‍රිකයන්ගේ භූමියක් වූ අතර එහි නායකයන් දෙදෙනෙක්ගෙන් එක් අයෙක් වැව සෑදීමට විරුද්ධ වූ හෙයින් ඔහු ව මරා දැමීමට රජු කටයුතු කලා.
දෙවන නායකයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැව සෑදීමට ඔහු තම කැමැත්ත පළ කරනවා. නමුත් වැව සාදා නිම කිරීමට ප්‍රථම, සෑම දිනෙකම එකම ස්ථානයකින් වැව් බැම්මේ කොටසක් කැඩීයාම සිදුවෙනවා. මෙය දිගින් දිගටම සිදු වූ බැවින් රජු ඉතා අසීරුතාවයකට පත් වෙනවා.
බොහෝ කලක් මේ සඳහා උත්සාහ කරන නමුත් වැවේ වැඩ නිම කිරීමට මහසෙන් රජුට හැකි වන්නේ නෑ. මේ අතරවාරයේ සිහිනෙන් රජු කරා පැමිණෙන මියගිය යක්ෂ නායකයා
"තොපි මගේ අඩවියට ඇවිත් මා මරා දැම්මා රාජ ලේ ඇති බිල්ලක් දෙන තෙක් ඕක හදන්න දෙන්නේ නෑ"යැයි පවසනවා.
(තවත් ජනප්‍රවාදයකට අනුව නම් රජතුමා එම කරුනු දැනගන්නේ නැකැත් කරුවන් ලවා ඒ ගැන සොයා බැලූ විටකදියි. මේ කාර්‍යය සාර්ථක කර ගැනීමට නම් රජකුමරවකු වැවට බිලිදිය යුතු බව නැකැත් කරුවන් කියා සිටියාලු.)
එහෙත් මහසෙන් රජුගේ බිසව තම පුතු බිල්ලට දීමට අකැමැති වුණා. මේ නිසා රජතුමා කනස්සල්ලට පත් වුණා.
රජු විසින් මෙය රාජකීය පවුලට දැනුම් දීමෙන් අනතුරුව රජුගේ සොයුරිය වන බිසෝ බණ්ඩාර කුමරියගේ පුත්‍රයාව ඒ වෙනුවෙන් බිලි දීමට හැකි බව බිසෝ බණ්ඩාර දේවිය පවසනවා.
අවසානයේ දී කුඩා රාජ කුමාරයාව බිලි දීමෙන් පසුව වැවේ කටයුතු අවසන් කළ හැකි වුණාලු.
තවත් ජනප්‍රවාදයකට අනුව අංග සම්පූර්ණ රජ ඇඳුමෙන් සැරසූ ඒ කුමාරයා මව විසින්ම රජුට භාර දෙනවා. එහෙත් අවසානයේ දරුවා බිලි නොදී ඒ වෙනුවෙන් ප්‍රයෝගයක් කොට වළසෙකු බිලිදී බැම්ම සෑදුවාලු. මෙය නළුදෑකඩරාළලා විසින් කරන ලද ප්‍රයෝගයක් යැයි ඉතිහාස පොත් පත්වල සඳහන්වෙනවා.
ප්‍රයෝගයන් නොදත් රජ ඒ දරුවාගේ මරණය පිළිබඳව අධීක ශෝකයෙන් පසුවුනා. එය දැනගත් පිරිස සමාව ඉල්ලා තමන් කළ ප්‍රයෝගය හෙළි කොට දරුවා රජ ඉදිරියට පමුනුවනවා. බේරාගත් ඒ හිඟුරණ බණ්ඩාර කුමාරයා නැවත රජු ඉදිරියට පමුණුවන

Report Page