🙂

🙂

Choko


මත්පෙති ගැනීම

නීති විරෝධී ලෙස අලෙවි කරන මත්පෙති වර්ගවලට ඇබ්බැහි වූ තරුණ තරුණියන් අතරත් ලිංගික ආශාව අධිකයි. මේවායින් ශරීරය තුළ උත්තේජනයක් ඇති වන අතර දිගින් දිගටම ගැනීම තුළින් උත්තේජනය වැඩි කලක් රඳා පවත්වා ගත හැකි නිසා මේවාට ඇබ්බැහි වූ තරුණියන් කිසිදු ලජ්ජා බයකින් තොරව අධික ලෙස ලිංගික සේවනයෙහි යෙදීම සිදු වෙනවා.

පෞරුෂ දුබලතා


අධික ලිංගික හැසිරීම් පළ කරන තරුණියන් තුළ ඇතැම් විට පෞරුෂ දුබලතා ද තිබිය හැකියි. ළමා වියේදී මව්පියන්ගේ නිසි ආදරයක් රැකවරණයක් හිමි නොවීම හෝ කුඩා කල අතවරවලට ලක්වීම මත නව යොවුන් වයසට එළඹුණු පසු ළමා වියේදී හිමි නොවූ ආදරය රැකවරණය වෙනත් පිරිමියෙකුගෙන් ලබා ගැනීමට උත්සාහ කළ හැකියි. මෙවැනි තරුණියන් තුළ හටගත හැකි පෞරුෂ විෂමතාවයක් වන්නේ මායිම් පෞරුෂ ආබාධයයි. මෙවැනි යුවතියන් තමාට මුණ ගැහෙන පෙම්වතාගේ චාටු බස්වලට ඉක්මනින්ම රැවටෙන අතර ඒ නිසාම පෙම්වතා වෙතින් අමාරුවේ වැටෙනවා. අන්තිමේ තමන්ට අහිමි වූ ආදරය සොයා විවිධාකාර පෙම්වතුන්ගේ ඇසුරට පත්වී ඔවුන් කෙරෙහි විශ්වාසය තබා වැඩි පිරිමින් සංඛ්‍යාවක් සමග ලිංගිකව එකතු විය හැකියි. අනතුරු මගින් මොළයට හානි සිදුවීම කිසිදු මානසික ආබාධයක් නැතිව වුවත් හදිසි අනතුරක් වැටීමක් වැනි දෙයක් මගින් මොළයේ ඉදිරිපස පිහිටි කොටස්වලට හානියක් වුණොත් කිසිදු ලජ්ජාවක් බයක් නැතිව ඕනෑම කෙනකු හා ලිංගිකව එකතු විය හැකියි. අපගේ ලිංගිකත්වය පිළිබඳ හැඟීම් පාලනය කරන්නේ මොළයේ ඉහත කී කොටස්වලින්. මේවාට හානිවීම මත ලිංගික හැඟීම් පාලනය කිරීමට මොළයට නොහැකි වෙනවා.අසාමාන්‍ය අන්දමේ දැඩි ලිංගික ආශාවක් පළ කිරීමට හේතු බොහෝ විටම මේවායි. ඒ අනුව එබඳු කෙනකුට කායික හේතුවකින් තොරව එවැනි ලක්ෂණ ඇති වන්නේ නම් මනෝ වෛද්‍යවරයකු හමුවීම සුදුසුයි.


ලිපිය ලියන්න පොඩ්ඩක් අතපසු උනා. ඒකට සමාවෙන්න.😌✋


Kasu✍°

Report Page