⭕️❌

⭕️❌

Dasantha Amarasinghe

☯බෲස් ලී ☯


බෲස් ලී මේ දක්වා ලොව ජීවත් වූ දක්ෂතම සටන් ශිල්පියෙකු ලෙස සැලකේ.කුඩා කාලයේ සිටම සටන් ක්‍රම ඉගෙනීමෙහි නිරත වූ ඔහු යිෆ් මෑන් නම් අතිදක්ෂ සටන් ගුරුවරයා යටතේ වින් චූන් සටන් ක්‍රමය හදාරා එහි කෙල පැමිණියේය.😲

තරුන බෲස්ලී සිසුවා කෙතෙක් දක්ෂයෙකු වූවාද කියතොත් සමස්ත විවෘත චීන බොක්සින් තරගාවලියට එක්වී පහසු ජයක් අත්කර ග්ස්ත්තේය.මෙහිදී වැදගත්ම කරුන වන්නේ ඒ වන විට ඔහු බොක්සින් සටන් කලාව හදාරා නොතිබීමයී.(පුදුමයී ඒත් ඇත්තයී😁)


දිගින් දිගටම සටන් කලාව ඉගෙනීමේ නිරත වූ ඔහු කරාටේ,ජූඩෝ,ටයිකොන්ඩෝ,බොක්සින්,ඊගල් ක්ලොස් ආදී සටන් ක්‍රම 14 ක් පමණ ඉගෙන ගෙන සටන් ක්‍රම විශාරදයෙකු බවට පත්විය.ටයිකොන්ඩෝ කළුපටි පස්වෙනි ශ්‍රේණිය ලබා ගැනීමට ඔහුට ගත වූයේද කෙටි කාලයකි.😲


වෝනර් සහෝදර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ග්‍රීන් හොනට් නම් රූපවාහිනී කතා මාලාව තුලින් බටහිර ප්‍රේක්ෂකයන් වෙත ලංවීමට බෲස්ලීට වරම් ලැබුණි.කෙසේ වෙතත් ඔහුව සටන් කලා විශාරදයෙකු ලෙස ඔසවා තැබීම සිදු කරනු ලැබුවේ හොංකොන් දේශය මුල් කරගෙන හැටේ දශකයේදී නිර්මාණය වූ සටන් චිත්‍රපට රැල්ල මගිනී.🥋


ඔහුගේ අවසාන චිත්‍රපටය වූ එන්ටර් ද ඩ්‍රැගන් චිත්‍රපට මාසගණනක් එකදිගට නොකඩවා සිනමාහල්වල තිරගත විය.


හැටේ දශකයේදී ලොව දක්ෂතම සටන් ශිල්පියා ලෙස සැලකුනු වෝන්ග් ජැක්ටන් සමග දරුණු තරග සටන ජය ගැනීමත් සමග බෲස්ලීගේ කීර්තිනාමය තවදුරටත් ස්තාවර විය.කෙසේ නමුත් වොන්ග් ජැක්ටන් පරාද කිරීමට ඔහුට මිනිත්තු තුනක් සටන් කිරීමට සිදුවිය.ප්‍රතිවාදියා ක්ෂණයෙන් පරාජයට පත් කිරිම දක්ෂ සටන් ශිල්පියෙකු වීමට අත්‍යාවශයම කාරණයක් බව අවදාරණය කල බෲස්ලී වොන්ග් ජැක්ටන් හට තමා පරාජය වූ බව සිතීය.🤐


හැත්තෑව දශකය වන විට ජනප්‍රියත්වයේ මුදුන් හිණි පෙත්තෙහි සිටි බෲස්ලී සටන් කලාව හැදෑරීම දිගටම සිදුකරගෙන ගියේය.යෝගාභයාස ක්‍රම හොදින් ප්‍රගුන කල ඔහුට දෑතේ මාපට ඇගිලි මතින් සිටගැනීමට තරම් සමබරතාව ඉහල නැංවීය.වයස අවුරුදු 32දී අකල් මරණයකට ගොදුරු වන තෙක්ම ලොව වැඩිම ඉපයීමක් කළ සටන් ශිල්පියා වීමට ඔහු සමත් වී තිබුණි.🤑


බෲස්ලීගේ අකල් මරණය අදටද අබිරහසක් වන අතර ඔහු මියගිය බව මිස මියගියේ කෙසේද යන්න පැවසීමට කිසිවෙකු සමත් වූයේ නැත.😩


------------------------------------------------------------------------


Supernatural ⭕️❌

Report Page