.......

.......

__༺༼❁මනඃකල්පිත❁༽༻_

සංසාර භවයන් කිහිපයක් පසුකරමින් සැරිසරන්නා වූ මේ මහා විශ්ව සාගරය තුළ මම මෙන්ම ඔබත් කුසල් දහම් වඩමින් මේ උතුම් වූ මනුෂ්‍ය බවය ලබා ගන්නට ඇති. උතුම් වූ පුණ්‍යකර්මයන් අනන්තවත් සිදුකරන්නට ඇති. ගත මෙන්ම සිතත් දහම් සිතින් සනසාලන්නට ඇති. 


සැබැවින්ම දහම් මාර්ගයේ ගමන් කරමින් ලබන්නා වූ ආධ්‍යාත්මික ශක්තිය ජීවිතයක ලබන සුවිසල් වූ ජයග්‍රහණයකි. මන්ද යත් ගතට ⁣මෙන්ම සිතටත් එමගින් ලැබෙන්නාවූ මිහිර අපමණයි. 😊


මිනිසත් බව ලැබු අප සියලුම දෙනා ඒ උතුම් වූ තථාගත ධර්ම මාර්ගය තුළ මෙන්ම තමන් අදහන්නා වූ ඕනෑම ධර්ම මාර්ගයක් තුළදී නොයෙක් ආකාරයේ පුණ්‍යකර්මයන් රැස් කරගනී. නමුදු සමාජයක් රටක් ලෙස එක්ව ජීවත් වීමේදී තරගකාරී ජීවන රටාව තුළ නොයෙක් ආකාරයේ අර්බුද වලට මුහුණ දීමට සිදු වීම සාමාන්‍ය සංසිද්ධියකි. එහිදී කායික මෙන්ම මානසික වශයෙන් සමබරතාවයක් පවත්වාගනිමින් කටයුතු කරන්නට හැකි නම් නිතැතින්ම ඔබ ධර්ම මාර්ගගත උතුම් මනුෂ්‍යයෙකි. 🥰


🥀 කෙනෙකු රවන විට ඔබට සිනාසිය හැකි නම්,

🥀 අපහාස, චෝදනා හමුවේ සිනාසී මුහුණ දිය හැකි නම්,

🥀 නින්දා ප්‍රශංසා සමසිතින් විදදරාගත හැකි නම්,

🥀 ජය මෙන්ම පැරදුමත් හමුවේ නොසැලී සිටින්නන්ට හැකි නම්,

🥀 කදුලක් නෙතග රැදුන කෙනෙක්ට සිනහවක් ගෙනෙන්නට හැකි නම්,

🥀 ජීවිතයට නුසුදුස්සන් තෝරා ⁣බේරා ඔවුන්ව මුලුමනින්ම ඉවත් කරන්නට හැකි නම්,


මේ විශ්වය තුල සිටින්නාවූ අති විශේෂ පුද්ගලයෙක් ලෙස ඔබ අන් අය අතර කැපී පෙනෙන චරිතයක් වනවා නොඅනුමානයි. 


මතකතබා ගත යුතු වන්නේ යහපත ඔබ වපුරන විට ඔබට යහපතත්, අයහපත වපුරන විට අයහපතත් ඔබ කරාම නැවත පැමිණෙන බවයි.


අවංකත්වය සහ සත්‍යවාදිත්වය තුළින් අව්‍යාජත්වය ගොඩනගාගන්නා විටදී නිතැතින්ම රැස් කරන්නා වූ කුසල ධර්මයන් නොපෙනෙන බලවේගයක් සේ ඔබව සුරක්ෂා කරයි....


✍️

සදුනි මල්කා.

Report Page