🖤🖤

🖤🖤


______________සාංසාරික කරුමයක්🖤

සමහර හිත් වලට අපි බැදෙන්නෙ අහේතුකවම... හේතු නැතුවම ළං වෙලා හේතු නැතුවම ආදරෙන් බැදිලා හේතු නැතුවම දාලා ගියාම... අඩන්නැතුව ඉන්න හේතුවක් හොයන එකත් සෑහෙන්න අමාරුයි.

එත් එයාට තිබ්බා මගෙ ජීවිතේට එන්නැතුව ඉන්න. නැත්තම් ආවට පස්සෙ යන්නැතුව ඉන්න………

__________________

"මිනිස්සුන්ට ඇබ්බැහි වෙනව තරම් කරුමයක් මං නම් ජීවිතේටම දැකලා නෑ බං.. පුදුම පවක්නෙ ඒක.. මාර විදවීමක්"

"හ්ම්ම්ම් "

කියන්න වචන නැතිකොට මම එහෙම කිව්වෙ. එයා මගෙ හොදම යාලුවා. අවුරුද්දකට කලින් මට හම්බුනේ ඒත් දැන් එයා මගෙ හොදම යාලුවා.

"හ්ම්ම් නෙවෙයි නිකමට හිතපන්කො එක මනුස්සයෙක්ට ඇබ්බැහි වෙලා ඒ මනුස්සයා දාලා ගියාම අනික් එකා විදවන තරම. අපි මේ ආත්මෙ විදින හැම දෙයක්ම ගිය ආත්මවල කරුම බං. එකෙක් ඒක ගෙවල ඉවර කරද්දි අනිකා තව පවක් එකතු කරගන්නව ඒකව රිද්දපු නිසා. කවුරුවත් නිසා පව් පුරවගන්නෙ මොකටද බං. ඔය එකෙක්වත් ලබන ආත්මෙ ළග ඉන්නෑනෙ එකතු කරගත්තු ටික තනියම ගෙවන්න එපැයි. අනික තව ණයකාරයො ඕනතරම් ඇති හම්බෙන්න.. ඉතින් හිතපන්කො එකෙක්ටම ඇබ්බැහි වෙන එක කරුමයක් නෙවේද කියල..."

"ඔව් ඔව් එහෙම තමයි"

කියන්න වචන නෑ .මම මොනව කියන්නද? මමත් එයාට ඇබ්බැහි වෙලා. එයා නැති දවස් ගෙවුනෙ කල්පයක් වගේ. ඒත් තාමත් කියාගන්න බෑ ආදරේ ගැන. බයයි යාලුකමත් නැතිවෙයිද කියල. ඒත් කොහොමද තනියමම දරාගන්නෙ මම. මම දැන් ඒ හිනාවට, ඒ ගතුගුණ වලට, ඒ ආඩම්බරකමට ඇබ්බැහි වෙලා.

_____________________

"ඉක්මනට කියහම් බං වෙලා යනව මොකද්ද කියන්න ඕනෙ කිව්වෙ?"

තවත් හංගන් ඉන්න, බලන් ඉන්න බෑ කියල හිතුනු නිසාම මං ඒ වගේ තීරණයක් ගත්තෙ. ඔව් එයාට කියන්න. ආදරෙයි කියල..

"මේ...ම්ම්..මං...මේ...මං ඔයාට ආදරෙයි"

ගැහුවොත් ගහයි බැන්නොත් බනී කියල හිතාගෙන ඇස් දෙකත් වහගෙන කියල දැම්මෙ අකමැති වුනොත් කරන්නෙ මොකද්ද කියල නොදැන.

ඒත් නොහිතපු විදියට ඇස් වහගෙන වුනත් මට දැනුනෙ මගේ කන්පෙත්තක ඒ හුස්ම වදිනව.

"කොච්චර කල් බලන් හිටියද ඕක කියනකන්.. ම්ම්ම්.. දැන් ඉතින් මගේ විතරයි.. ආදරෙයි සුද්දී"

ඔව් එයා කැමති වුනා. ලස්සනම ආදරයක් මට ලැබුනේ.. එදා ඉදන් අවුරුදු හයක් පුංචි පුංචි රණ්ඩු මැද්දෙ ලස්සනට ජීවිතේ ගලාගෙන ගියේ මං එයාගෙම වෙන්න දවස් ලං කරල.

ඔව් එදා.. අපේ කසාදෙට කලින් දවස. එයත් එක්ක ඉන්න ඕන වුනා හවස් වරුවම මට. ඒ අතේ එල්ලිලා සෑහෙන්න ඇවිද්දා. ඉවරයක් නැතුව කියව කියව කෝලම් කර කර එයාටම වද දුන්නා.

"අයිස් එකක් ඕනෙ.."

ඇස් දෙකත් ලොකු කරන් මම කිව්වෙ දැන් අරන් දෙන්නෑ කියල දැනගෙනම.

"ඇයි හෙට හචිං අරින්නද.. මගෙන් ගුටි නොකා ඉන්නව.. අයිස් කන්නෑ අද.."

ඒ තරවටුවක්.. නපුරා.. බය වෙයි මම..

"බැහැ බැහැ ඕනෙමයි.. මම ගෙදර යන්නෑ නැත්තම්. හෙට කොහෙන්හරි කෙල්ලෙක් හොයං බදින්න.."

මටත් ඇත්තටම තරහයි. ඇයි දෙයියනේ එකක් කෑව කියල මොකද වෙන්නෙ.එයාටත් කේන්ති ගිහින්..

"මේ පාරෙ ඉන්නෙ කියන එකත් මට අමතක කරවන්න එපා සුදූ.. කට වහගෙන යං අද අයිස් කන්නෑ එච්චරයි.."

සද්දෙටම කියල එයා මගේ අතින් අල්ලගද්දි මමත් අත ගසල දැම්මෙ රවාගෙන.

"බැහැ බැහැ බැහැ මට ඕනෙමයි"

පොළවෙ අඩි හප්පලා මම කියද්දි එයාට තවත් කේන්ති ගියා.

"මොන මගුලක්ද අයිසෙ මේ... තමුසෙට දැන් අයිස් එකනෙ ඕනෙ.. ඉදපන් අද මං තමුසෙට අප්පිරිය වෙන තරම් අයිස් කවනව ආයෙ ජීවිතේට ඉල්ලන්නැතිවෙන්න.. එක දවසක් ඉවසන්න බෑනෙ ශිට්.."

කේන්තියෙන්ම කියල මගෙ දිහාවත් නොබලා එයා ගියෙ අයිස් එක ගේන්න. මගෙත් එක්ක තිබුනු කේන්තියට පාර බලන්නෙවත් නැතුව පනිද්දි හයිස්පීඩ් ආපු බස් එකකට හැප්පිලා එයාව විසික් වෙලා ගිහින් වැටුනෙ මගෙ ඇස් ඉස්සරහම..ඒ මුලු ඇගම ලේ වලින් පෙගිලා.. මං නිසා...මං නිසා එයාට එහෙම වුනේ.. මාව පරිස්සම් කරන්න ගිහින් එයාට එයාවත් නැතිවුනා.පුලුවන්ද මට එච්චර ලොකු දඩුවමක් දෙන්න එයාට.. සදහටම ඇස් පියාගෙන ..

___________

මමයි ආදරේ කලේ ඉස්සෙල්ලම.. මමයි ආදරෙයි කිව්වෙ ඉස්සෙල්ලම.... මමයි මුරණ්ඩු වුනේ....

ඉතින් මමම නෙවෙයිද එයාව මරාගත්තේ...

හෘද සාක්ශියට එකගව මට ආපහු සැනසීමෙන් ඇහැක් පියාගන්නවත් පුලුවන් වෙයිද...

___________________

මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න එපා පුතේ.. ඒක කරුමයක්..

කිසිම දෙයක් අපිට අයිති නෑ. සංසාරෙ කොතනකදි හරි අපි නිසා විදවපු අය ඕනතරම් ඇති තවම අපිට මුණ නොගැහුන. ඉතින් ඒ හැමෝම දවසක ඔයා ඉස්සරහට එනව ඔයාගෙ පව් ගෙවාගන්න උදව් කරන්න.. තව කෙනෙක් නිසා පව් පුරවගන්න එපා.. ලබන ආත්මෙ හරි සැනසීමෙන් ඉන්න.

මනුස්සයෙකුට ඇබ්බැහි වෙන්න එපා......

|සාධු.......සාධු......සාධු....|

ලස්සනට ඇහෙන සාධුකාර මැද්දෙන් බණ අවසන් කරල මම අඩිය තිබ්බෙ බෝ මලුවට.. හිත කලබලයි.. භාවනාවක් වඩන්න හොදම වෙලාව මේ.. කලබල හිත සන්සුන් කරගන්න.. ඇබ්බැහිකම් වලින් මිදෙන්න අමාරු සමහර අවස්තාවල ජීවිතේ අපිට ලස්සන මාර්ග මුණගස්සනව. ඉතින් මම දැන් ඒ මාර්ගයේ සංසාර ගමන කෙටි කරගන්න පියමනිනව.

තවත් ඕන්නෑ ඇබ්බැහිකම්.

|මොකද මිනිස්සුන්ට ඇබ්බැහි වෙනව කියන්නෙම කරුමයක්|

Report Page