🖤🖤

🖤🖤


ආදරෙත් විදවීමක්ලු....🖤

උබ මගෙ අතේ එල්ලිලා..

ඔව් උබ...

මගේ ආදරේ..

හැමදාටම මගේ හිතේ අයිතිකාරි වුනු උබ මගෙ අතේ එල්ලිලා...

"මොනවද අරං ඕනෙ දැන්? "

"ම්ම්හ්හ්... සුදු ඇදුමක් ඕනා..."

"හ්ම්ම් යන්කො එහෙනම්"

උබ මගේ අත බදාගෙන කවුරුහරි ඇවිත් උදුරගෙන යයි වගේ. එහෙම්ම ළගම තිබ්බ ටෙක්ස්ටයිල් ශොප් එක්කට ආවෙ ඇදුමක් ගන්න.

"මේක හොදයිද.."

ෆිටෝන් රූම් එකේ ඉදන් උබ එළියට ආවෙ සුදු පාට බිම ගෑවෙන ගවුමක් ඇදලා දෙපැත්තෙන්ම අත් දෙකෙන් අල්ලගෙන. කලු පාටින් මල් වැලක් ගිය ඒ ගවුමට උබව මට පෙනුනෙ සුරංගනාවියක් වගේ.ලස්සනයි..

"ම්ම්ම් ඒක නම් ලස්සනයි"

"හා එහෙනම් මේක ගමු"

උබ ආපහු ඇතුළට ගිහින් දොර වැහුවෙ මම ෆෝන් එකට මූණ ඔබාගද්දි. නිකමට වටපිට බැලුවෙ තව කෙල්ලට හරියන ලස්සන එකක් තියෙයිද බලන්න. ඒත් මම දැක්කේ..

"අශේරා....."

නිකම්ම කටින් ඒ නම පිටවුනේ ඒ රූපෙ දැක්කම.

ඔව් එයා..

මගේ පළවෙනි......

නෑ.......

එයාගෙ පළවෙනි ආදරේ වුනේ මම...

අශේරා.....

මම මොනව කිව්වත් උබ මාව අතෑරියෙම නෑ අශේරා..

කොච්චර කැමති නෑ කිව්වත් හැමදාම ආදරෙයි ආදරෙයි කිය කිය පස්සෙන් ආපු තරම්

හැගීමක් නෑ කියද්දි මගෙ ඉස්සරහම අඩපු තරම්

බලෙන්ම මං ගැන හොයපු තරම්

මටම පුදුමයි උබෙ ඔය දරාගැනීම ඉවසීම ගැන..

ඒ ඇසුත් ගැස්සුනා මාව දැකලා

"දිමන්ත........ ඔයා මෙහෙ...."

මගෙ ළගට ආවෙ කිසිම ගානක් නැතුව. හැගීමක් නැතුව ඇති දැන් මං ගැන.

මටත් නෑ බං.. උබ මට නංගියෙක් යාලුවෙක් වගේ.. එතනින් එහාට කවදාවත් හිතිලම නෑ මට උබ ගැන.

"අශේරා.. ඉතින් කොහොමද...."

මමත් වෙනසක් නොපෙන්නුවෙ ඇත්තටම ප්‍රශ්න කෝටියක් හිතේ තියෙද්දි. මොනව වුනත් උබ මගෙ පරනම යාලුවා. ඉතින් දැන් මොනවද කරන්නෙ කොහෙද ඉන්නෙ කොහොමද ජීවිතේ..

ප්‍රශ්න කෝටියක්..

"හොදයි දිමන්ත... ප්‍රශ්නයක් නැහැ. ඔයාට කොහොමද..."

"මාත් හොදින් ඉන්නව අශේරා වරදක් නැහැ... ඉතින් හ...."

"අයියේ........."

උබ පිටිපස්සෙන් ඇවිත් මගෙ අතේ එල්ලුනා. ශෙහාරා...... උබෙ ඇස් එයා ළග. දන්නව උබ බයයි මාව නැති කරගන්න.

මතක් වුනා ඉස්සර උබයි අශේරායි එකට පිස්සු නටපු හැටි. උබල දෙන්න හොදම යාලුවො. උබ හැමදාම උත්සාහ කලේ අශේරා ගැන මගෙ හිතේ ඉඩක් හදන්න..

ඒත් දෛවය...

ඒක ලිව්වෙ වෙනම කතාවක්...

උබටවත් අශේරටවත් මටවත් ලියන්න ඕන වුන කතාව නෙවෙයි....

ඒක ලිව්වෙ වෙනම කතාවක්..

අශේරා ගැන කිසිම හැගීමක් ඇති නොවුනු මගෙ හිත ගියේ උබට...

ශෙහාරා.......

මගෙ හිත ගත්තෙ උබම විතරයි....මට ඕන වුනේ උබම විතරයි.

මගෙ අතේ එල්ලිලා ඉන්න කෙල්ලව දැක්කම අශේරගෙ මූණ වෙනස් වුනු හැටි....

ඒ ඇස් වල කදුලු පිරුනෙ තත්පරෙන්

ඉතින් දන්නව

උබ තාමත් මට ආදරෙයි..

ඇයි අශේරා උබ ඔහොම විදවන්නේ....

ආදරේ දෙන්නැති හිතක් මත්තෙම නැහි නැහී ආදරේ හොයන්නේ..

මට තේරෙන්නැහැ

ගෑනු ආදරේ හොයන්නෙම තමන්ට රිද්දන පිරිමි පපුවක.

ආදරේ කරන ඔක්කොම අතහැරලා ඇයි ඒ වගේ එකෙක් මත්තෙ නැහෙන්නෙ

මට තේරෙන්නැහැ.

තවත් බලන් ඉන්න බැහැ උබේ කදුලු මට

වට්ටන්න බැරි නිසා ඒවා ඇස් අස්සෙ පොරකනව.

මොනව වුනත් උබ මගෙ හොදම යාලුවා

නංගි වගේ.

"ඔය දෙන්නා කතා කරන්නකො මං එන්නම්"

ශෙහාරාව අශේරා එක්ක තනි කරල මම මෙහාට ආවත් දෙන්නා දිහාම බලන් හිටියා. අශේරාගෙ හිතේ ඇත්තෙ කේන්තියක් වෙන්නත් ඇති. ඒත් ඒ කෙල්ල එහෙම හිතයි කියල හිතන්නත් බෑ.

ශෙහාරා අශේරාගෙ අත අල්ලගත්තෙ ඒ ඇස් වලත් සීරුවෙන් කදුලු පෙළගැහෙද්දි..

මං බලාගෙන හැම දේම ඒ දෙන්නට නොදැනීම..

ඇහෙනව මට ඒ දෙන්නගෙ කතාව..

"අශී මට සමාවෙන්න..... ඔයාගෙ ආදරේ..මම......මම....."

කියාගන්න බැහැ කෙල්ලට ඇඩෙනව..

"අනේ ශෙහා....ඔයා මගෙ යාලුවා.. ඇත්තටම මම සතුටු වෙනව එයාගෙ හිත ඔයා ළග පරිස්සම් වුනු එක ගැන නොදන්න තැනක තිබුනට වඩා..."

"ඒත්.. අශී ඔයා එයාට කොච්චර ආදරේ කළාද.... මම ඒක...."

දෙන්නම අඩනව. දෛවය උබ නම් පුදුමාකාරයි. ආදරේ නිසා කීදාහක් මිනිස්සු සදාකාලිකවම විදවනව ඇතිද.. ආදරේ කරන කෙනා ඇස් ඉස්සරහම වෙන කෙනෙක්ට අයිති වෙද්දි, කොච්චර ලොකු වේදනාවක් දැනෙන්න ඇතිද.. මේ ලෝකෙ හැමෝටම උරුමක්කාරයෙක් කොහේ හරි ඉන්නවනම් ඇයි ඒ කෙනාවම මුලින්ම හම්බවෙන්නැත්තෙ කියන එක මට අදටත් ප්‍රශ්නයක්..

"ශෙහා මේ අහන්නකෝ.ඔයා දන්නව මම එයාට ආදරේ කරපු තරමයි කරන තරමයි. මට එයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන් කිව්වට එයා වෙනුවෙන් එයාවම අතාරින්න වෙයි කියල මම හිතුවෙ නෑ ශෙහා.. එයා ගැන මගේ හිතේ තියෙන තැන කීදෙනෙක් ජීවිතේට ආවත් ඒ කිසිම කෙනෙකුට ගන්න බැහැ. දෙන්නත් බැහැ. ඒත් එයා ඔයාගෙ ඔයා හරිම වාසනාවන්තයි. මොන ආත්මෙක දි හරි එයා මගේ වෙයිනේ. එතකන් බලන් ඉන්නව."

අශේරා උබ.... උබට පිස්සුද ඇත්තටම ඔහොම ආදරේ කරන්න මට දැන දැනම ආපිට උබට මුකුත් හම්බෙන්නෑ කියල. ඇයි බං ඔය විදවන්නේ.. අපි හැමෝම පව්කාරයි අශේරා.. හිතනවද උබේ කදුලු දැක දැක අපි සතුටින් කියල.. අපි හැමෝම පව්කාරයි...

"අශී... මං ඔයාට පොරොන්දු වුනා ඔය දෙන්නා වෙනුවෙන් ඕනම වෙලාවක මට ඕනම දෙයක් කරන්න පුලුවන් කියල. ඔයා කියන ඕනම වෙලාවක මම එයාව අතාරිනව කියල... සමාවෙන්න අශී මට සමාවෙන්න...... මට...... දැන් හැරෙන්න බෑ....

මම......

මම....."

කෙල්ල ඇස් වලින් පෙන්නුවෙ බඩ. ඔව් එයා ප්‍රෙග්නට්. අපි දෙන්නගෙ ආදරේ ඒ කුසේ පණ ගැහෙනව. දන්නෙ නෑ අශේරට කොහොම දැනෙනවද කියල.

"සුභ පැතුම් ශෙහා.... සතුටින් පරිස්සමින් ඉන්න. මං කියන ඕනම දෙයක් කරනව කිව්ව නේද.. කැමතිනම් දෝණිට මගේ නම තියන්න. යන්නම්...."

ඇස් වල කදුලු පිහ පිහම උබ යන දිහා මං බලන් හිටියෙත් වේදනාවෙන්. සත්තයි පළවෙනි පාරට අද උබ මාව රිද්දුවා. කෙනෙක් ආදරේ විදිද්දි තව කෙනෙක් විදවනව. දෛවය උබ එක එක්කෙනා වෙනුවෙන් ලියන්නෙ එක එක විදියෙ කතා. අපි හැමොටම එකම කතාවක් නැහැ. හැබැයි අපි ගොඩක් වෙලාවට ගොඩක් අයගෙ කතාවල කොටස්කාරයො.

ශෙහා ඇවිත් මගෙ අතේ එල්ලුනේ ඒ ඇස් වලත් කදුලු ආපහු පුරවගෙන. ලාවට හිනාවක් දාලා එයත් එක්කම ආවෙ ආපහු වැරදිලාවත් අශේරව නම් මුණගැහෙන්න එපා කියල හිතල. මොකද ඒකෙන් රිදෙන්නෙ එයාට විතරක් නෙවෙයි. අපි තුන්දෙනාටම.........

මොකද ආදරේ කියන්නෙම විදවීමක්.....•

🖤දෛවය අපි වෙනුවෙන් ලියන්නෙ එක එක විදියෙ කතා. අපිට ඕන විදියට නෙවෙයි එයාට ඕන විදියට. ඉතින් එන විදියකට මුහුණ දෙමු.ලස්සනම කතාවක් කවදහරි ලියවෙයි.🖤

Written by•®•

Report Page