💐

💐


ගැහැණියක ගේ සිනිදු තොල් පිරිමියෙක්ගේ බෙල්ල දිගේ සරාගිව එන කොට


රාගය පිරුණු රෝමන්තික මධ්‍යම ‍රාත්‍රියකට මම ආරාධනා කරනකොට උ බ ලග තිබුනේ පුදුම හික්මිමක්


ඹබරෙකුට තහනම් ගහක පිපුණ මලක් මම වෙනකොට උ බ ඒ මලින් රොන් ගත්තේ පුදුම ආදරෙකින් 


එක්ටැම් ගේක හිර උන උන්මාද චිත්‍රා වගේ උන්නු මාව බලන්න උබ ආවේ මහා රෑට මහා දවාල අපිට අකැප නිසා


පැත්තටම හිටපු ලොක්කාගේ එකම දුව හොදට ඉගෙන ගත්ත දුප්පත් පැලක එකෙක්ට කැ පුවත් දෙන්නේ නෑ කියනකොට උ බ හිනා උනේ හරි අහිංසක විදිහට 


කාටත් නොපෙනෙන්න උබ මගේ කාමරේට මහා රැට බඩ ගන්නේ අයිති නැතත් අතාරින්න ලෝබ බැදිමකින් උ බත් මාත් වෙලිලා අවසන් නිසා


මහා රෑක ගින්දරයි පුළුණුයි එකට තියෙනකොට දුහුල් රෑ ගවුමේ පටි මගේ අතින්ම පහත වැටෙන හැම මොහොතකම උ බ එවා අයේමත් මගේ උරහිසේ රැදෙව්වේ උණුසුම් හාදුවකින් උබේ හැගිම් වහාගෙන 


මම ඇවිලුණු බව දැන දැන හැගිම් මැරුණු එකෙක් වගේ හැසිරුනේ ඇයි කියලා එදා රෑ වෙනකම් නොතේරුනේ ඇයි කියලා මම දැන උන්නේ නෑ


සල්ලි වලින් ලංසු තියලා හරි ලොකු ගානකින් මගේ කසාදේ තින්දු කරලා තිබුනේ කාටද කියලාවත් මන් දන්නේ නෑ


ගිනි ගන්න හැගිම් වලින් මම පිරෙන හැමදාකම උ බ ගියා...මම ඇද බදා ගත්තා...


කසාදේ තින්දූ වෙලා දවලක් රැයක් නැතුව ඒ නොදැකපු මගේ වෙන්න ඉන්න කසාද මි නි හා අපේ ගෙදර මේ තට්ටුවට බඩගෑවේ ඒ ය කාගේ දේපලක් වගේ


හිත උ බ ගාවම තියෙනකොට 


ලෙඩ ඇදේ ඉන්න අම්මා නිසා උ බට දවස් දෙක තුනක් මාව බලන්න එන්න බැරි වෙනකොට අ රූ මගේ කමරේට රිංගුවේ මොකෙද්ද මන්දා සතෙක් වගේ


එදා වෙනදා වගේම උ බට එන්න වෙන එකක් නෑ කියලා හිත හිතා ඉන්නකොට 


උ බ මතක් වෙලා එක වතාවක් හෝ සිප ගන්න ආසවක් ඔය පපුවට තුරුල් වෙන්න ආසවක් ඔහේ ගලන් එනකොට 


මගේ කාමරේ උ ගේ වගේ රිංගන් මගේ තොල් වල ඇගිලි ගෙනිච්චේ පිස්සුවෙන් වගේ


මුලින් පිළිකුල් උනත් ගිණියම් වෙලා තිබුන හැගිම් එක එක මතුවෙනකොට ඒ ආසවන් වල මම ගැඹුරටම කිමිදිලා තිබුනේ අඩ අදුරේ උනත් උ බ එළියේ කවුළුවෙන් බලන් ඉන්නවා කියලා දකිනකොටයි 


මගේ ඇස් වලින් මොනා කිය උනාද කියලා මමවත් නොදන්නකොට 


උදේ පාන්දර මගේ ඇදේ ජපන් කොඩි ලෙලදිලා තිබුනා


මට මාව පිළිකුල් වෙනකොට


උ බ අයේ මේ තට්ටුවට බඩගෑවේ නැති වෙනකොට 


මට මාවත් මරාගන්නම හිතුනා


ලංසු තියපු මිනිහා ගැන අරංචි නැති වෙනකොට 


වමනේ ක්ලන්තය නිසා මාව ගෙනිච්චේ හොදම දොස්තර ගාවට 


අර මිනි හා නැති උනත් ඌ මට තැගි දිලා ගිහින් තාත්තා කියන වචන අයිති මිනි හාගෙන් පළිගන්න


ඒ එන අතර මග ලොකු බැනර් එකක තිබුනේ උ බෙයි තව ගෑණූ කෙනෙක්ගෙයි ෆොටෝ වලට 


නිවන් සුව ලැබේවා කියලා.....


කෑගහාගෙන වාහනෙන් පැනලා පිස්සෙක් වගේ උ බව හොයනකොට 


එදා රෑ මාව බලන්න ඇවිත් යනකොට උ බට හිටියේ එකම නෑයා නොයෙන ගමන් ගිහින් 


මම වෙන මිනිහෙක් එක්ක ගිහින් 


දවස් දෙකකට පස්සේ උ බෙයි අම්මාගෙයි මි නි හොයා ගන්නකොට


ඒ පුංචි ගෙදර වහලේ උ බ එල්ලිලාලූ


හැගිම් නිසා 


සල්ලි නිසා


ජිවිත හතරක් විනාස උනා කියලා මතක හැමදාම මම එක්කම තියෙයි


මමත් එනවා මේ ලේ ටික නොවුනා නම් කියලා අවසන් පාරට මම උ බව බලන්න ඇවිත් උ බට කිව්වා....


ආදරේ කියන්නේ හිත ඇතුලේ හරි ලස්සනට පරිස්සම් කරන එක !!


නෙත්මිණි මල්ලවආරච්චි

Report Page