🥀✨😊

🥀✨😊


කඳුළු දන්නෙ ඇස් කෙවෙනි පුරවන්න විතරයි. නැතුව ගලාගෙන යන්න නෙමෙයි. හැඟීම් එන්නෙ පෙන්නන්න නෙමෙයි. ඇඟිලි තුඩු අග ඉඳන් ටයිප් වෙන්න විතරයි. හ්ම්ම්ම්.... ඒ මගෙ හැටි. මගෙ හැඟීම්වල හැටි.... මං හරි නිදහස් චරිතයක්..... දන්න හැමෝම හිතන හැටියට මට මොංගල්.... තනිකර ම පිස්සියක් මං... හැමෝම කියන්නෙ මං හරි සතුටින් ඉන්න චරිතයක් ලු... ඒත් එහෙම නැති බව කවුරුත් ම දන්නෙ නෑ...

හ්ම්ම්ම්ම්ම්.... කවුරුත් ම දන්නෙ නැති ආදරයක, විරහවක හිර වෙච්ච කෙල්ලෙක් මං... මං ආදරේ කරන්නෙ දවසක් විතරක් දැකපු මිනිහෙක්ට.... ඔව්... ඇත්ත.... මම ආදරේ කරන්න ගත්තෙ උඹෙ අදහස්වලට.... ඒත් උඹ මට මුලින් පෙන්නපු චරිතෙට වඩා හරි වෙනස් චරිතයක් බං... අනිත් අතට, උඹට තියා සක්‍රයාටවත් බෑ මාව තේරුම් ගන්න.... ඔව්..... ඒ උඹ කියන විදිහ... ඔව් ඇත්ත වෙන්න ඇති. කවුද කැමති තාපසියක් වගේ කෙල්ලෙක්ට, පොඩ්ඩක් ඇත්තන් හිත රිදවගන්න කෙල්ලෙක්ට.... මං උඹට ආදරේ කරන්න පටන් ගතංතෙ මට උඹව ලැබෙනවා තියා හම්බවෙන්න වත් බැරි වෙයි ඛියලෑ හිතාගෙන.... කොහොමත් මට ඉස්සර ඉඳන් උවමනා වුණේ පිච්චි පිච්චි ආදරේ කරන්න. උඹ කාටත් ඉෂ්ට කරන්න බැරි වුණ මගෙ ආසාව ඉෂ්ට කරා... 

මං උඹට ආදරේ කරේ පිස්සුවෙන් වගේ... ඒත් උඹ විශ්වාස කරනවා නම් විශ්වාස කරපං, උඹෙ හැම දුකකදි ම මං උඹට වඩා කඩාගෙන වැටුණා... ඒත් මං උඹෙ පස්සෙන් ඉඳන් උඹට හයියක් උනා... උඹට මතකද අපි පැය ගණන් කතා කරපු විදිය. උඹව මට නැති වෙන බව මං දැනගෙන හිටියත් මගෙ හිතට කල් යද්දි උඹ දිහා බලලා සැනසෙන්න බැරි වුණා... කොච්චර තාපසියක් උනත් මං තවම පෘතග්ජනයෙක්.. මට උඹෙන් වැඩිපුර අවධානය ඕනි දවස්වල ම උඹ මගෙන් ඈතට යන්න ගියා... 

ගිහින් බලපං... ඉන්බොකස් එක... උඹ අන්තිමට මට කතා කරලා තියෙන්නේ කවද්ද කියලා...

හැම සිතුවිල්ලක ම උඹ ම හක්කොලං කරද්දි මං උඹට වදයක් නොවී ඉන්නෙ හරි අමාරුවෙන්....

උඹට බෑ කවදාවත් මාව තේරුම් ගන්න ...

මං ඒක දන්නවා කිරි ගහට කෙටුවා වගේ...

උඹට ළං වෙන්න ඕනි කමක් ඇති වුණත් මට ළං වෙන්න මං හැමදාම උඹට බල කරන්නෙ ෆෙන්ඩ්ස් සෝzන් එකේ ඉන්න...

ඒ මගෙ හැටි...

ලැබෙන දේත් නොලැබෙන තැනට වැඩ කරන්න මං හරි දක්ෂයි.....




උඹව මතක් වෙන හැම වෙලාවෙම මගෙ ඇස් කෙවෙනි තෙත් වෙන්න ගන්නවා....

ඒත් දන්නවද බං... උඹ හින්දා මගෙ ඇස් දෙකෙන් එක කදුළු බිංදුවක් වැටිලා නෑ...

ඒකයි මිනිස්සු හිතන්නෙ මට ආදරයක නෑ කියලා...

ඒත් මං කොහොම කියන්න ද මං උඹට පණටත් වඩා ආදරෙයි කියලා...

මං ලෝකෙට ම කෑගහලා කියන්න ද මං ඔන්ලයින් හම්බුණ උඹට ආදරෙයි කියලා...

අනික උඹට අයිතිකාරියක් ඉද්දි....

මං උඹට ආදරෙයි... උඹ මොකෙක් උනත්... උඹ මොනවා කරත්...

උඹ අමු බේබද්දෙක් උනත්... මං උඹට ආදරෙයි....

ආදරේ අන්ධයිලු...

මගේ කතාවෙදි ඒක සීයට දෙසීයක් ඇත්ත....

උඹ මොන වැරැද්ද කරත් මට බෑ උඹව හිතෙන් අයින් කරලා දාන්න...

එතනදි මං හරි අසරණයි බං...

ඒත් උඹ මගෙ ලඟට ආවත් මට බෑ උඹව බාර ගන්න...

අපි දෙවිදියක ආසාවල් තියෙන මිනිස්සු...

උඹ ආස ම කිස් කරන්න, කෝල් එකක් අරං කටට නිවනක් නැතිවෙන්න කියවන්න, යන යන තැන්වල ෆොටෝස් එකතු කර කර ඒවා එඩිට් කරන්න...

ඒත් මං ආස ම උඹෙ පපුවට හේත්තුවෙලා ඉන්න, උඹ හුස්ම ගන්න සද්දෙ අහං ඉන්න, උඹත් එක්ක රට වටේ ගිහින් මතක එකතු කරන්න, නැතිව ලෝකෙට පේන්න වැඩ කරන්න නෙමෙයි...



ඔව්.. උඹට මගෙ ආසාවල් විහිළුවක්... උඹ උඹේ කෙල්ලත් එක්ක උඹේ ආසාවල් සම්පූර්‍ණ කරද්දි මං තවම උඹ එනකල් බලන් ඉන්නවා... 

උඹෙ නමට ම පේ වෙලා...

මුළු ලෝකෙට ම හොරෙන්.....


ආදරෙයි.....😊🥀✨

Report Page