"සුළඟට මිමිනූ රහසක් 🌺🐝"

"සුළඟට මිමිනූ රහසක් 🌺🐝"



………………………………………………………………………………………………………………✍️ KG & Yasasi ✍️……………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………





🧑:-

සුවඳ හමනා බිඟුන්        බමනා...

සොඳුරු මල් නිති නෙත  ගැටෙන්නේ...

හදේ කොතැනක නොසිටිනා   මුත්...

ඇයි ද නුඹටම හිත   ඇදෙන්නේ...


👩:-

සුවඳ හමනා බිඟුන්        බමනා...

මල් ලඟම නොවැ හිත      රැදෙන්නේ...

හදේ රැඳෙනට වරම් නැති       මුත්...

දැනුණු තැනමයි හිත         රැඳෙන්නේ...


🧑:-

නුපුරුදුයි මේ හැඟුම් මා         හට...

බොළඳ සිතිවිලි නොවැ නැඟෙන්නේ...

මහද මඬලේ උපන්         සෙනෙහස...

නුඹට මදි වෙයිදෝ            සිතෙන්නේ...


👩:-

නුපුරුදුම වූ හැඟුම්       හිතකට...

බොළඳ යැයි කෙලෙස ද      කියන්නේ...

නුඹේ හද තුළ උපන්          සෙනෙහස...

මහමෙරක් ලෙස මට      දැනෙන්නේ...



🧑:-

නුඹේ සියුමැලි සිනිඳු පෙති       දැක...

 බඹර කැළ නුඹ වෙත      ඇදෙයිදෝ...

රොනට වඩිනා බිඟුන්         අතරේ...

මමත් එක් බඹරෙක්ම        වේදෝ...


👩:-

බොහෝ මල්වල සිනිඳු පෙති       දැක...

රොනට බිඟු ඇදෙනවා      නොවෙදෝ...

රොන් අරන් යන බඹරු         අතරේ...

මල රකින කෙනෙකුත්      නොවේදෝ...


🧑:-

තණ අගක රැඳි පිනි බිඳක්      බඳු...

දිවි මඟක් අපටත්       හිමීදෝ...

සදාකාලික නොවූ          ලෝකේ...

සදා කෙලෙසක පෙම්     කරම්දෝ...


👩:-

තණ අගක රැඳි පිනි බිඳක්      බඳු...

දිවි මඟේ ලග        රැදෙනවාදෝ...

නොමැකෙනා පෙම් කවක්  ලෝකේ...

ලියා එකටම නික්ම        යමුදෝ...



Report Page