ⒽⒶⓅⓅⓎ ⒷⒾⓇⓉⒽⒹⒶⓎ ⓇⒺⓈⒽⓎ ⒶⓀⓀⒶ💕

ⒽⒶⓅⓅⓎ ⒷⒾⓇⓉⒽⒹⒶⓎ ⓇⒺⓈⒽⓎ ⒶⓀⓀⒶ💕

Kavee nanga
Happy Birthday Kellh


ඔයා ගැන කොහොම පටන් ගන්නද කියලා හිතාගන්න බෑ අනේ...හරි මෙහෙම පටන්ගමුකෝ🙃


කතාලොකේ දාන හැම සෝන්ග් එකක්ම සාමන්‍යෙන් මම අහනවා... ඒ සින්දු කියන්නේ කවුද කියලවත් මම බලන් නෑ ඉතිම්...අහලා කමෙන්ට් කරනවා... සැතපුන කළ සින්දුවට ඇත්තටම මම ආසා නෑ...එහෙම අහලත් නෑ....හැබැයි එක දවසක් අක්කෙක් හරි නංගියෙක් හරි ඒක කියලා තිබ්බා...ඒ වොයිස් එක මට මාරම ලස්සනයි...ඒ සැනින් මම බැලුවේ නම...නම තිබ්බේ reshani කියලා... වෙන ෆොන්ට් එකකින් ඉමොජි දෙකකුත් එක්ක.....මම ඒ සින්දුව පෝන් එක සේව් කරගෙන හැමදාම ඇහුවා....අනේ මන්දා මට ඒක මාරම ලස්සනයි...එතන ඉදම් මගේ ආසම සෝන්ග් එකක් තමා සැතපෙන කළ කියන්නේ...❤️


එයාගේ නම තියෙන හැම සින්දුවක්ම මම ඇහුවා....මම එයාගේ වොයිස් එකට මාර ආසයි....ඒකේ මහ අමුතු ලස්සනක් තිබ්බා....

එක දවසක් මගේ කෙටිකතාවක් තරගෙකට දැම්මා...ඒකෙදි මම කතාලොකේ එවලේ කමෙන්ට් කර කර හිටපු කෙනෙක්ට මැසේජ් එකක් දැම්මා..ඒ කවුද කියලවත් නම බැලුවේ නෑ ඉතිම් .."Hi, mt vote ekk denn puluwnd...krdryk unnm sry " කියලා දැම්මේ....ඒ දාලා තියෙන්නේ මෙයාට....එතනින් තමා අපි දෙන්නා කතාකරන්න පටන්ගත්තේ....මන් මෙයාට කිව්වත් එක්ක ඔයාගේ සින්දු ලස්සනයි කියලා එහෙම....කොහොමහරි අන්න එහෙම මැසේජ් එකකින් පටන් ගත්ත අපේ චැට් එක අද වෙනකොට කොච්චර දුර ඇවිදින්ද කියනවනම් වට්සැප් වලිනුත් මැසේජ් කරනවා......



අම්මොහ් ඇතිනේ....දැන් හම්බුණ හැටි කීවනේ....



මගේ අක්කට මාර ලස්සනට ඇඩ් හැදීමේ හැකියාවක් තියෙනවා 😹


කැරට් ඇඩ් එක😂 ss දාන්න තිබ්බා කොහෙද ටෙලිග්‍රෑම් නෑනී මන්....😪 ඒක නිසා මට ළමයි කැරට් කියනව තාමත්😒


ඇත්තටම මෙයා වයසින් ලොකු උනාට තාම පොඩි එකෙක් වගේ...


හිහ්...මෙයාගේ ආසම කෑම චීස් කොත්තු....

චීස් කොත්තු දෙනවා කීවොත් ඕන දෙයක් දෙයි....( ඕන දෙයක් කිව්වට හැමදේම දෙන් නැති වෙයි...) 

ඇත්ත වශයෙන්ම කීවොත් මෙයා චීස් කොත්තු පෙරේතියක්😂 මෙයා තරම් ඒවට ආස වෙන කෙනෙක් නැතුව ඇති....


එක වෙලාවකට මෙයාට මාර පිස්සුවක් ගහන්නේ😪ඒ තමයි ඉස්සෝ වඩේ කමු..චීස් කොත්තු කමු කියලා මැසේජ් සීයක් විතර එක දිගට දානවා😒 ඒ වෙලාවට මෙයාට පොඩි හරි ඩිස්ටර්බ් එකක් කරොත් ඒකටත් බැනුම් අහන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ ඉතිම්....


මේ තියෙන්නේ එහෙම දාපු මැසේජ්



තව මෙයා ගැන කීවොත්....


ම්ම්....


ආ මෙයාගේ කොව්වා...😂


කියන්න දුකයි..... 


අක්කටයි නංගිටයි දෙන්නටම කොල්ලෝ ඉන්නවා මේ මට හැර....


මන් පව්ව්ව්...


ආහ් හරි ආයෙත් කතාවට එමු.....


මෙයාගේ කොම්ලා තමයි නුෂ්....අපි නුෂ් කිව්වට මෙයාගේ නම නුෂ්විර සත්සර....


ලස්ස්නයි නේත


එයා තමා මගේ මප්සිනා 😹


අනේහ් එයා ලම්සනයි ඉතිම්....


මෙයාට නුෂ්ව මතක් වෙන හැමවෙලේම නුෂ් මගේ, එයාට ලයින් දාන්න ආවොත් ගහප් පයින්...මගේ කොව්වා හැන්ඩ්ස්ම්...මගේ කොව්වා හොට් කියලා කියාගෙන කියාගෙන යනවා😒


☝️මේ තියෙන්නේ එහෙම වෙලාවක්




හිතාන ඉන්නේ තව පොඩි එකෙක් කියලා...එත් දැන් අවුරුදු 21ක් හොදේ....මට හිතෙන්නේ නම් කොච්චර ලොකු උනත් මේ පිස්සු නටන එක නම් අඩු වෙන් නැති වෙයි වගේ...


කොහොමෙන් කොහොමහරි මගේ මස්සිනා පව්ව්....


එයාට මේ සේරම දේවල් විද දරාගෙන ඉන්න වෙනවනේ ජීවත් වෙනකම්ම....



බට් තාම මට මස්සිනෙක් නෑ...


ඒ කියන්නේ අක්කට කොල්ලෙක් නෑ කියන එක....( ඉන්නවද දන්නෙත් නෑ ) 


කොහොමහරි මෙයා තාම තනිකඩ සංගමෙයේ සමාජිකාවක්....


නුෂ් ඉන්නවා කියලා කිව්වා තමා ඒත් ඒක වැඩක් නෑ..


එයා ex කියලා හිතාගන්නකෝ😒කැමැත්තක් හිතාගම්න...


කෝමහරි මට මස්සිනෙක් නෑ 😪





ඉතින් මෙන්න අවස්ථාව තනිකඩ සංගමයේ සමාජික කොව්වන්ට...


අදම අයදුම් කර මගේ මස්සිනා වීමට අවස්ථාව උදා කරගන්න....🙈


අවස්ථා සිමිතයි...


රෙශානිගේ කොව්වා වීමට නම්,

ලස්සන,කඩවසම් අයෙකු විය යුතු වන අතර

චීස් කොත්තු , ඉස්සෝ වඩේ අරන් දීමට කැමති හා ඇගේ පිස්සු වැඩ දරාගෙන සිටිය හැකි විය යුතුය....


හදවතින්ම ශ්‍රී ලංකා විය යුතුය...🇱🇰


නුවර ප්‍රාදේශයේ වාසය කරන මල්ලිලා දෙදෙනෙක් සිටින අයෙක් විය යුතුමය...


මේ සමගම මගේ මස්සිනා වීමට නම්...


 ගේම් එනම් free fire, pubg වැනි ගේම් ගසන මන්ද මානසියෙකු නොවිය යුතු අතර

අක්කාට පණ මෙන් ආදරය කරන්නෙකු විය යුතුය....


අක්කාව බලාගැනීමට හැකි පුද්ගලයෙක් විය යුතුය....


එසේම වැදගත් කරුණ නම් නෑනලා දෙන්නා වන යෙනූට හා කවීට සැලකිය යුතුය...(ඒ දෙදෙනාට ඔහුගේ ආදරය අවශ්‍ය නොවන බව කරුණාවෙන් සලකන්න)


වයස අවුරුදු 21ත් 25ත් අතර කොල්ලෙක් විය යුතුය...


ඉහත දේවල් වලින් සපිරුණු කොල්ලෙක් නම් අදම අයදුම් කරන්න...


අපේ විනිසුරු මඩුල්ල එනම් තනිකඩ සංගමයේ සභාපති යෙනුලි මෙත්සානි තනිකඩ සංගමයේ ලේකම් කවීෂා පතිරණ සහ එහි සමාජිකාවක් වන රෙශානි නෙත්මා විසින් එක් අයෙකු තෝරා පත්කර ගනු ලැබේ....


වැඩි විස්තර ...📞

කවිෂා - 071 - 890 27 10





හිහ්...😂 👆ඒක සෝක් නේ


අක්කට උදව් කරන් නැතුව බෑනේ ඉතිම්...


මේවට පස්සට සලකන්න ඕනී හරිද 🙃


අඩුපාඩු නෑනේහ් ඒ ඇප්ලිකේශන් එකේ..


අපේ අක්කගේ සමාජ සේවාවක්😂




හරි හරි දැන් ඇති අනේහ්...


අවසන් කරන්නම් ඒනම් ... කියන්න අමතක උන ඒවා ගොඩක් ඇති... 

කමල්ලෑ ඒකට 😐


ඉතිම් අද වගේ දවසකලු මගේ පිම්සු මොම්කල් අක්කගේ උපත සිදුවෙලා තියෙම්නේ...


ඉතිම් කිරි පැණි බේරෙන හැපිම හැපි ලස්සනම ලස්සන උපන්දිනයක් වේවා...


තව ලස්සන ලස්සන සින්දු කියන්න...කතා ලියන්න හොදේ....ඔයාගේ කටහඩ මන් කොච්චර ආසද කියල ඔයාවත් දන් නෑ ඒයි...ඒතරමට මන් ඒකට ආදරෙයි ....


චීස් කොත්තු, ඉස්සෝ වඩේ වැඩි වැඩියෙන් හම්බෙන උපන්දිනයක් වේවා...😂❤️


මගේ ගිෆ්ට් එක...ඒක පස්සේ දෙන්නම් හාද....


ආහ් ඉම්න පොඩිම පොඩි ගිෆ්ට් එකක් දෙම්නම්...



චීස් කොත්තු 😍


ඉස්සෝ වඩේ😍




මන් ගානේ පොඩීම පොඩි ගිෆ්ට් එකක්


ගිෆ්ට් එක හොදයි නේහ්....




සීරියස් කතා කරන්න යම්නේ දැන් 😌



අක්කාස් දැන් ඉතිම් චූටී නෑ හොදේ...


ගොඩක් දුරට ඉගෙන ගෙන තව චූට්ටයි තියෙන්නේ ඉගෙනගන්න


හොදට ඉගෙනගන්න අක්කේ....


කැම්පස් එකට යන්න ඉන්න ළමෙක් විදියට පිස්සු වැඩ නතර කරානම් හරි නේ..😂


කෝමහරි ලේ බැදීමක් නැති උනාට මන් අක්කා විදියට ඔයාව පිලිගන්නවා...

මන් ඔයාට ගොඩාක් ආදරෙයි..

ඇත්තටම ඒක ඔයාට පෙන්නන්න විදියක් නෑ අක්කේ....

මන් ඔයාට ගොඩාක් ගොඩාරියක් ආදරෙයි....

ඊලග ආත්මේ හරි මගේම අක්කා විදියට ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

එහෙම ප්‍රාර්ථනා කරන කීදෙනෙක් ඇතිද නේද....

ඒ හැමෝම ඒකියන්නේ අපි හැමෝම එක පවුලක් විදියට ඉපදුනොත්....මොකද ඔයාට මම මගේ අක්කා කියනවා වගේ තව අය ඉන්නවනේ ඔයාට ආදරේ ඔයාව අක්ක විදියට පිළිගන්න අය....


හරි ඕක ගැන කීවොත් මට ඇඩෙනවා ඒයි..


ඒනම් සතුටින් පරිස්සමින් ඉන්න මගේ අක්කේ...


හිතන පතන හැමදේම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....


ආදරෙයි ගොඩාක් මගේ අක්කට...❤️


Wish you very happy birthday mage akka...


May all your dreams come true...


Stay Safe and happy forever...


You are the best elder sister I have ever met...


I wish you all the best for your future...


Love you soooo much mge akka....❤️


Best wishes from loving sister Kavee..💕




Report Page