⭕️❌

⭕️❌

Dasantha Amarasinghe

සමූහයේ යහලුවෙක් පුද්ගලිකව මට එව්ව අත්දැකීමක් බෙදාගන්නයි යන්නෙ අද 


මගේ හස්බන්ඩ් යාපනෙ වැඩ කරන්නෙ හස්බන්ඩ් මාවාත් යාපනේට එක්ක ගියා. එහෙ ගිහින් අපි කුලියට ගෙදරක් අරගෙන තාමා හිටියෙ. කුලියට ගත්තු ගේත් ගොඩක් ලොකු ගෙදරක්.. අපි ගිහින් සතියක් විතර කිසිම ප්‍රශ්නයක් නැතුව හිටියා....

 

මගෙ හස්බන්ඩ් උදේටයි දවල්ටයි කැමට ගෙදර එනවා.. මම එදා කොහොම හරි කරවල බැද්දා හස්බන්ඩ් දැන් එයි කියලා ඒ ටයිම් එකට මම බත් බෙදන්න කියලා ලැස්ති වෙද්දි එලියට ගියා ගිහින් ආයෙ කුස්සියට එද්දි මගෙ පස්සෙන් කව්දෝ ආවා වගෙ මට තේරුනා ඒත් මම එච්චර ගනන් ගත්තෙ නැ. හස්බන්ඩ් ට මම රැ ආවාහම කිව්වා මට මෙහෙම සිද්දියක් උනානෙ කියලා හස්බන්ඩ් කිව්වා එහෙනම් පන්සලට ගිහින් අපි පිරිත් නුලන් දාන් එමු කියලා. පිරිත් නූල දාලා ගෙදර ආවා අපි ගෙදරින් එලියට යනකොට යන්නෙ කාමරෙ දොර වහලා කාමරෙ දොර ඇරගෙන එනකොට කාමරෙ බිත්තර පිලී ගදයි ගොඩක් ඒක ඒ සෙනිකයෙන්ම ගියා. හස්බන්ඩ් මන් බය වෙන නිසා මුකුත් නොකියා උගුඩුවෙක් වෙන්න ඇති කියලා කිව්වා . ඒකත් එහෙන්මම අමතක උනා... 


ඔහොම මාසයක් වගෙ ඉද්දි යාලුවෙක්ගෙ වෙඩිං එකකට කොළඹ ආවා ඒ ඇවිල්ලා යන්න කලින් අපි යන්න ඉදපු දවස් කොහොම කොහොම හරි පරක්කු කෙරෙව්වා. කොහොම හරි යාපනෙ ආයෙ අපි දෙන්නා ගියා. ගියෙ සිකුරාදා රැ සෙනසුරාදා එලිවෙන්න බලාගෙනයි ගියෙ. ගෙදරට ගියහම එලියෙදිම අමුතු ගදක් දැනුනා ඒත් ගෙට ගියහම එහෙම අව්ලක් උනෙ නැ අපිට මහන්සියටත් එක්ක අපි නිදාගෙන හස්බන්ඩ් සෙනසුරාදා ආයෙ උදෙ වැඩට ගියෙ නැ එයාගෙ වැඩපොලේ පාටිඑකක් තියෙනවා රැට කියලා. අපි ඒ පාටි එකටත් ගියා.. ගිහින් එලු මස්, කුකුල් මස්, හරක් මස් මේවා හැම දේම තිබ්බා මම මස් කන කෙනෙක් නෙමෙයි.. හස්බන්ඩ් පාටි එකේදී තියෙන හැම මස් ජාතියක්ම කැවා කාලා ගෙදර බලු පැටියෙක් ඉන්න නිසා ඌටත් අරගෙන ආවා බත් එකක් . එදාත් රැ හොදට අපි සතුටින් හිටියා පහුවෙනිදා ඒ කියන්නෙ ඉරිදා උදෙ 11 විතර මුකුත් ප්‍රශ්නයක් නොවී හොදින් හිටියා. මායි මගෙ හස්බනුයි අතර වචන වගයකින් පොඩි ප්‍රශ්නයක් ගියා ලොකුවට නෙමෙයි හැබැයි. ඒත් ආයෙත් වෙ හවස 6ට විතර ආයෙ මම මගෙ හස්බන්ඩ් කුස්සියෙ රොටි පුච්ච පුච්ච ඉද්දි රැට කන්න මම එයා ලගට ගිහින් කියලා තියෙනවා 'මාව අද රැට උබ මරනවා අද රැට මරනවා කියලා'. ඒ කියලා මම කාමරෙට යද්දි මම හයියෙන් ගිරි යටින් කැ ගහලා හස්බන්ඩ් බය වෙලා ඇවිල්ලා රොටි පුච්චන්න අරන් තිබ්බ පිහියයි දොරට දාන පොල්ලයි අරගෙන ඒ එන අතරෙ හස්බන්ඩ්ගෙ පිටේ නියපොතු පාරවල් තුනක් ගහලා තියෙනවා එවෙලමයි ඒක වෙලා තියෙන්නෙ. මන් කැ ගහන එක කොහොම හරි කාමරෙට දලා නවත්තලා එයා ආයෙ එයා කුස්සියට ගියා. ( මම දන්නැ මට එහෙම කැ ගහන්න හිතුනෙ ඇයිද කියලා මම එච්චර හයියෙන් කැ ගහුවා නම් උගුරවත් රිදෙනවා ඒත් එහෙම කිසිම දෙයක් නැ මට ඒ ටික හරියටම මතක නැ මම කැ ගහපුවා මතකයි.) හස්බන්ඩ් ආයෙ කුස්සියට යද්දි මාව කූල් කරලා ගියෙ. 


මම ටිකක් ඇදෙ හාන්සි වෙලා හිටියෙ ඉන්නකොට දොරවල් ලොක් වෙනවා ඇහුනා මම හිතුවෙ බල්ලා එන නිසාද දන්නැ කියලා අපි ඉදපු ගෙදර කුස්සියට යන්නත් වෙනම දොරක් තියෙනවා ඒ ලගම ආයෙ තවත් දොරක් තියෙනවා. දොරවල් දෙකම ලොක් උනා ඒ අතරෙ මට කාගෙදෝ මන්දා බෙල්ලක් හිර කරනවා වගෙ ඇහුනා. මම ඉක්මනට නැගිටලා දුවගෙන ගිහින් බලද්දි දොරවල් සෙරම වහලා හස්බන්ඩ් යතුරුත් අරගෙන ඒත් එක දොරක යතුරක් ගන්න අමතක වෙලා ඉස්සරහ සාලෙ දොර ඇරගෙන කුස්සියෙ දොරට ගැහුවා. ඒ ගහලා හස්බන්ඩ් ඇවිත් දොර ඇරියා. ඇරලා ආයෙ කුස්සියට එයා ගියා මම දොර ලග හිටියෙ මොකක්ද උනෙ කියලා හිත හිත. ඊට පස්සෙ මම කුස්සියට යන සෙනික හස්බන්ඩ් බෙල්ලෙ වැල දාගෙන ඉන්නවා කුස්සියෙ එල්ලිලා මම රෙදි වනලා තිබ්බෙ ගේ ඇතුලෙ ඒ වැල අරගෙන තාමා හස්බන්ඩ් එල්ලිලා හිටියෙ. මම ඒ ඉක්මනට හස්බන්ඩ්ව ලනුවෙන් කපලා දැම්මා හස්බන්ඩ් බිම වටුනා මම පස්සෙ හස්බන්ඩ්ට වතුර දාලා කොහොම හරි නැගිට්ටගෙන කමරෙට එක්කන් ගිහින් යාලුවොන්ටත් එන්න කියලා හස්බන්ඩ්ව හොස්පිටල් එක්කන් යන්න ලැස්ති කෙරෙව්වා හස්බන්ඩ් ඒ එල්ලුනු විදිහට එයාගෙ ඇගෙ මලපහ ඉදන් ගිහින් තිබ්බා හස්බන්ඩ් යාලුවො ආවාහම හොදට කතා කරා කිසිම අමාරුවක් නැති විදිහට එදා රැ අපි ඒ ගෙදර යාලුවෝ ගියහම හිටියා හස්බන්ඩව ඩොක්ටර් කෙනෙක් ඇවිත් චෙක් කරලා කිව්වා හොස්පිටල් ගිනියන්න තරම් අමාරුවක් නැ කියලා.. 


ඉරිදා රැත් හිටියා මම එලිවෙනකන් ඇහැරන් හිටියෙ උනු දේවල් එක්ක ආයෙ හස්බන්ඩ්ට කරදරයක් වෙයිදෝ කියන බයට.. සදුදා උදෙ මට චුට්ටක් නින්ද ගියා ඒ නින්ද ගිය ටිකට මට මගෙ ඇග උඩට කව්දෝ ඇවිත් බෙල්ල මිරිකුවා වගෙ දැනිලා මට ඇහැරුනා හස්බනුත් හොදටම නිදි පස්සෙ එවෙලෙ ඉදලා මම අඩන්න ගත්තා. අඩන එක නවතින්නෙම නැතුව රැ වෙනකනුත් ඇඩුවා රැ 8ට වගගේ මගෙ හස්බන්ඩ්ගෙ යාලුවෙක් කතා කරලා කැවාද අයියෙ ඇහුවා , කැවෙ නැ කැම එකක් ගෙනත් දෙන්න කිව්වා හස්බන්ඩ්. 


පස්සෙ 9ට වගෙ ගෙනත් දෙන්නම් කිව්වා. මට ඒ වෙලාවෙදි ඔලුව විකාර වෙලා පිස්සු හැදෙන්න වගෙ පාර දිගේ දුවන්න හිතුනා.යාලුවා කැම එක දෙන්න ගේට්ටුවට ගහලා කතා කරහම විස්තරෙ කිව්වා හස්බන්ඩ් . වයිෆ් උදෙ ඉදලා අඩනවා කියලා. යාලුවා කිව්වා අපෙ ගෙදර යමු කියලා අපි බඩුත් ලැස්ති කරන් එයා එක්ක ඒගොල්ලන්ගෙ ගෙදර ගියා. 


අපි එයාලාගෙ ගෙදර ගියහම දෙන්නාගෙම ඔලුව විකාර වෙච්ච ගතිය හැම දෙම නැති උනා.. පස්සෙ අපි ඒ ගේ කුලියට ගන්න කලින් ඒ ගෙදර ඉදපු කට්ටියගෙන් විස්තර අහලා බැලුවා ඒ ගෙදර මීට කලින් ඉදපු කට්ටිය හැමෝම පව්ල් ප්‍රශ්න වෙලා ගිහින් තියෙන්නෙ අපිට උනා වගෙ ගොඩක් අත්බූත සිද්දීන් වෙලා තියෙනවා පස්සෙ ආරංචි උනෙ ඒ ගෙදර මිට අව්රුදු 4කට කලින් ගැණියෙක් බෙල්ලෙ වැල දාගෙන මැරිලා තියෙනවා ඒ එල්ලිලා තියෙන්නෙත් මගෙ හස්බන්ඩ් එල්ලුනු තැනමයි.. 


යාලුවාගෙ ගෙදරට ගියහම හස්බන්ඩ් මත් එක්ක කිව්වෙ ඒ ගෙදර ඉද්දි එයාටත් එයා දිහා සාලෙ ඉදලා කව්දෝ බලන් ඉන්නවා වගෙ දැනිලා තියෙනවා බාතෲම් එකට යද්දි එක පාරටම ඇගෙ හිරිකඩු පිපෙනවා වගෙ දෙවල් හස්බන්ඩ්ටත් වෙලා තියෙනවා ඒ දෙවල් මටත් ගොඩක් වෙලා තියෙනවා. ඒ ගෙදර මීට කලින් ඉදපු මිනිස්සුන්ටත් වෙලා තියෙනවා කියලා අපි හොයලා බැලුවාහම ආරංචි උනා.. හස්බන්ඩ් පස්සෙ යාලුවගෙ ගෙදර ගෙදරදි කියනවා එයා බෙල්ලෙ වැල දා ගත්තෙ නැ එයා ලනුවක් ගැට ගහලා බෙල්ල දාලා තිබ්බා විතරයි එයාව කව්දෝ තල්ලු කරා වගෙ කියලා එයාට බෙල්ල වැල දා ගන්න ප්‍රර්ශ්නයක් තිබ්බෙ නැ කියලා එයා කියනවා ඒක එයාගෙ ඇගෙ කව්ද්දෝ ඉදලා එයාට ඒක කෙරෙව්වා වගෙ කියලා.. අපි ඒ ගෙදරින් සදුදා රැම ආවා බස් එකක කොළබ. කොළබ ආවාට පස්සෙත් හස්බන්ඩ් කියනවා එයාගෙ ඇගෙ කව්දෝ ඉන්නවා වගෙ කියලා.. ඒ දෙවල් වලට කරන්න ඕනෙ දෙවල් කරලා දැන් හස්බන්ඩ් හොදින් ඉන්නවා. අපිට හිතා ගන්න බැ ඒ උනු දෙවල් ගැන.. හස්බන්ඩ් එදා පාටියට ගිහින් මස් ජාති කාලා ගෙදරටත් ගෙනාපු නිසාද මේක උනේ කියලා තවම හිතනවා. මොකක් උනත් හස්බන්ඩ් මැරෙන්න ගිහින් බේරිලා තියෙන්නෙ 99යකින් කියලා නම් තෙරෙනවා .


Supernatural ⭕️❌

Report Page