💕

💕

💖Inhaa💖


"වාව්.. ලයික් ඇන් ඒන්ජල්... සෝ ප්‍රිටී... ඇත්තමයි මිස්.. මගේ අතින් හැඩ වුන ලස්සනම බ්‍රයිඩ් තමා ඔයා.."  



තමුසෙට හිතා ගන්නත් බැරි තරමට අසරණයි.."





හිර කරන් හිටපු ඉකිය හයියෙන්ම පිටවෙද්දි තව ටිකක් තදට සදෙව්ට තුරුල් උනේ කොයි වෙලාවක හරි මේ වේදනාවට මාව මැරිලා යයි කියලා හිතෙද්දි.





"මට තමුසෙව ඕනි ස්වේතා..මන් ආදරෙයි ගොඩක්..මට තේරෙන්නෑ මන් මොනා කරන්නද කියලා..තමුසෙව අරන් ගිහිල්ලත් බෑ..දුක් විඳින්න දෙන්න බෑ..යන්න දීලා හෙට වෙන එකෙක්ට අරන් යන්න දෙන්නත් බෑ..තමුසෙ මගෙනෙ ස්වේතා..කොහොමද වෙන එකෙක්ට දෙන්නෙ.."


"අඬන්න එපා සදෙව්..ම්ම්.."






අතාරින්න බයයි මට.. ඊටත් වඩා ලෝබයි.. අදින් පස්සෙ මේ පපුව මට අයිති නෑ කියලා මතක් වෙනකොට...




සදෙව්.."


"ම්ම්.."


"අන්තිම වතාවට දෙයක් ඉල්ලන්නද මන්.."


"ම්..මොකක්ද ?"


"ඉස්සර කරනවා වගේ මාව තුරුල් කරගන්නවද එකම එක පාරක්.."




එකපාරටම ඒ පපුවට මාව හිර වෙද්දි ඉකි ගගහා ඇඬුනේ මේ වේදනාව තවත් හිතේ හිර කරන් ඉන්න බැරි නිසා... 



මටම පාලනයක් නැතුව කඳුලු ගලාගෙන යද්දි මගේ වෙවුලන තොල් ඒ තොල් වලින් අල්ලගත්තෙ මගේ ඇඬිල්ලට තිත තියලා...




විනාඩියක්... දෙකක්...




නෑ.. මම දන්නෑ කොච්චර වෙලාවක් ගියාද කියලා... දැනගන්න උවමනාවකුත් නෑ.. 




ඒ තොල් මගෙන් ඈත් වෙද්දිම ඇඟිලි තුඩුවලින් ඉස්සිලා බෙල්ලෙ එල්ලුන මගේ තොල් ඒ නලලෙන් තියවුනේ නොදැනුවත්වම...






"මන් ඔයාට ගොඩක් ආදරෙයි සදෙව්..ඔයා හිතනවටත් වඩා ගොඩක් ආදරෙයි.." 






ඒ ටික විතරක් කියලා එහෙමම වාහනේට දුවගෙන ආවෙ නැවතෙන්නැතුවම කඳුලු ඇස් දිගේ පල්ලම් බහිද්දි...





බෑ... මං කොහොමද ඉන්නෙ ඔයා නැතුව. ඔයා නැති ජීවිතයක් ගැන මම හීනෙකින්වත් හිතලා නෑ.. කොහොමද මං ඉන්නෙ. ඔයා නැතුව..




~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~ 





"ස්වේතා... බහින්න අපි හොටෙල් එකට ආවා.." 





අතීතයෙ ගිලිලා හිටපු මං ආපහු පියවි සිහියට ආවෙ අම්මගෙ කටහඬින්..




ලාවට ඇස් අගින් මතු වෙලා තිබුන කඳුලුත් පිහිදගෙනම කා එකෙන් බැස්සෙ ඇතුලට යන්න.. 





ලස්සනයි.. හැමදේම.. මං මැව්ව හීන වලටත් වඩා... 






ඒත්... 





කෝ හිතේ සතුට.. මගේ සතුට ගොඩාරියක් ඈතට ගිහින් මගෙන්. හිතනවටත් වඩා...





හැමදේම ලස්සනට උනා...




මං නීතියෙන් වෙන කෙනෙක්ගෙ උනා...






ඒත් හදවතින්....





හදවතින් මං හැමදාටම සදෙව්ගෙම විතරයි....






~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~  









අවුරුදු දහයක්...  





ලොකු කාලයක්...




හැමදේම වෙනස් වෙලා..





ඔව් මං බැන්දා... ඒත් නමට විතරක්... 





කවමදාවත් ඒ මනුස්සයා මාව තමන්ගෙ වයිෆ් විදියට පිලිගත්තෙ නෑ..




තනිකරම බිස්නස් වෙනුවෙන්... දේපල වෙනුවෙන් උන කසාදයක් ඒක..





ඒ හැම දේකින්ම විඳෙව්වෙ මං විතරයි...





එකේක දවසට එකේක ගෑණු. මට පෙනි පෙනීම ඒ මනුස්සයා වෙන ගෑණු එක්ක යද්දි...




මහ රෑට බීගෙන ඇවිත් ඇඟිලි තොල් පුපුරනකල් මට ගහද්දි....





ඉවසුවා මං...  





මගෙ ඉරණම වෙන්නැති මේ..




ඔයා ඉන්න තැනක සතුටින්නම්... 




මට ඕනි එච්චරයි සදෙව්...  





"ආ... මෙන්න මේක අරන් ගිහින් ගෙදරට ඕනි බඩු ටික අරන් එනවා.." 




හැමදාම මාසෙ මුලදි ඇහෙන වචන ටික... මේ ගෙදර හැම වැඩක්ම කරන්න ඕනි මං. 




දිග සුසුමක් හෙලලා ලෑස්ති උනේ ෆුඩ්සිටි එකට යන්න.. 





කා එක පාක් කරලා ෆුඩ්සිටි එකට යන්න හැරුනත් කකුල් එකතැන ගල් වෙලා ගියේ අහම්බෙන් ඇස් කොනට ගැටුන රූපෙ දැක්කම. 







සදෙව්... 







අවුරුදු දහයකට පස්සෙ..






ඇස් වලට කඳුලක් ආවෙ ඔයා දිනලා තියෙන තරම දැක්කම. 





මට ඕනි උන විදියටම... ඔයා ජීවිතේ දිනලා... දන්නවද... දැනෙන සතුට කියාගන්න වචන නෑ..






ෆුඩ් සිටි එකට යන්න ගිය ගමන නවත්තලා පාර පැනලා එහා පැත්තට යන්න හැදුවෙ අන්තිම පාරට කතාකරනවා කියලා හිතාගෙන...




වටපිටාව ගැනවත් කිසි හැඟීමක් නැතුව දුවගෙන ගිගින් පාර පනින්න හැදුවෙ උබව මගඇරෙයි කියලා තිබුණ බයටම.. 





ඒත් එකපාරටම වේගෙන් ආපු ට්‍රක් එකක වැදිලා මාව විසිවෙලා ගියේ ඇස් නිලංකාර වෙලා යද්දි...





ඇස් උඩින් බරක් තියලා වගේ දැනෙද්දි මට ඇහුනෙ ඒ කටහඬ...





"ස්වේතා... අනේ මැණික.. නැගිටින්න. අනේ.. ඔයාට මොකද උනේ.. මාව දාලා යන්න එපා රත්තරන්.. ස්වේතා..." 





කියන්න දාහක් දේවල් හිත ඇතුලෙ පොරකෑවත් ටිකෙන් ටික ඇස් පියවෙනවා කියලා දැනෙනකොට කියවුනේ එකම එක දෙයක් විතරයි...






"ඊළඟ පාර... ඔයාගෙම විතරයි.." 








හ්ම්ම්ම්ම්... මිහිලි හොයපු සදෙව්ගෙ කතාවෙ අවසානෙ හම්බවුනේ ඉන්හාට... 





දන්නෙ නෑ කොච්චරක් සාර්ථකද කියලා... 




ඔයාලා මිහිලිගෙ කතාවත් කියවලා බලන්නකො.. මේ තියෙන්නෙ ඒක..




ඔබ ආයෙ එනවනම්...





මේක මං ලියපු දෙවනි රිප්ලයි ස්ටෝරි එක.. අපරාදෙ කියන්න බෑ මං ලියපු පලවෙනි රිප්ලයි ස්ටෝරි එක ලීවෙත් අපේ හසියගෙ කතාවකට... 





එතකොට... මගේ කතා කියවන හැමෝටම කියන්න දෙයක් තියනවා.


මගේ කතා සේරම ටික දාලා චැනල් එකක් හැදුවා.. කැමතිනම් ඇවිත් කියවන්න.. 


ලින්ක් එක පහලින් දාන්නම්. එක්සෑම් නිසා කොහොමත් වැඩිය කතා ලියවෙන එකක් නෑ...





මේ තියෙන්නෙ චැනල් ලින්ක් එක... 👇



https://t.me/Crazy_World_08 





දැනුනු හැඟුනු දේ කියාගෙන යන්න.





ආයෙත් එන්නම්.. බුදුසරණයි..





මං ඉන්හා 💖💫



Report Page