🖤🖤🖤🖤

🖤🖤🖤🖤


💔_V_A_L_E_N_T_I_N_E_💔


"මොකද්ද බං ඔය මලක් දිහා බලං භාවනා කරන්නෙ උදේ ඉදන්...."

බෙස්ටි එහෙම අහද්දිත් හිනා වෙලාම අතේ තිබ්බ රතු පාට පේපර් රිබන් මල දිහාම බලං හිටියෙ මතක ගොඩක් ඇස් ඉස්සරහ මැවිලා කදුලු වලින් ඇස් දෙක බොද වෙලා යද්දි.


"මොකද්ද ඕකෙ විශේෂත්වෙ කියපන්කො. මට හොරෙන් වැලන්ටයින් නිසා කවුරුහරි කොල්ලෙක් උඹට චොකලට් එකක් වත් දුන්නද ඈ ..." ඇස් දෙකත් කරක කරක මේකි අහද්දී මට හිනා ගියේ.


"අවුරුදු දෙකකට කලින්" හිස් අහස දිහාම බලාගෙන මම කිව්වෙ.


"මොකක්!.......අවුරුදු දෙකකට කලින්!...."


"හ්ම්ම්... ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දෙ.. අද වගේ දවසක හම්බුනේ..."


ආපහු මල දිහාම බලාගෙන මතක් කලේ එදා දවස. ජීවිතේට අමතක වෙන්නෙනම් නැතිවෙයි.


කිසිම හේතුවක් නැතුව කලින් දවසෙ ඉදලම තරහ වෙලා ක්ලාස් එකට ඇවිල්ලත් ඔරව ඔරව හිටපු මනුස්සයා ඉන්ටවල් එක දුන්නු ගමන් යාලුවෙක් අතේ චොක්ලට් එකක් එවලා. රතු පාට රෝස මල් තිබුනු රැපින් පේපර් එක්කින් පැක් කරලා ඒකට උඩින් රතු පාට පේපර් රිබන් මලක් අලවලා ලස්සනයි. හිමීට පැකින් එක කඩද්දී දැක්කෙ චොක්ලට් එකට උඩින් ලියුමක්.චොක්ලට් එක කාගෙදෝ අතට දීලා ඉස්සෙල්ලම ගත්තෙ ලියුම. තනියම හිනාවෙවී ලියුමත් කියවලා චොක්ලට් එක දිහාට හැරෙද්දි චොක්ලට් එකේ කෑලිත් නෑ. සෙට් එකම එකතු වෙලා වැඩේ දීලා. අනිත් කොළ කෑලිත් එක්කම ලියුමත් විසික් කලේ ළග තියාගන්න බැරි නිසා. ඒත් මල.... 


අවුරුදු දෙකකට පස්සෙත් තාමත් මං ළග හරිම පරිස්සමින් තියෙනව. ඊටත් වඩා පරිස්සමින් හිත යට මතක සෑහෙන්න ගානක් තියෙනව.

 ඒත්......

ජීවිතේ ලස්සනම කාලයක් ලස්සනම මතක වලින් පුරවපු එයා අදටත් නොදන්න කෙනෙක් වගේ මගෙ ඉස්සරහම ඉන්නව. හිතුණු වෙලාවට ළං කරගන්නයි හිතුනු වෙලාවට ඈත් කරන්නයි මාව හිතක් නැති සෙල්ලම් බඩුවක් කියලද දන්නෑ හිතන් ඉන්නෙ. කොහොම වුනත් අවුරුදු දෙකකට කලින් ලස්සනම වැලන්ටයින් එකක් මටත් තිබුනා. ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙල්ල මම කියල හිතපු අවුරුද්දකටත් වැඩි කාලයක්. හැබැයි හිතුවෙ නෑ දවසකින් හැම දේම වෙනස් වෙලා ලස්සනම මතක වලින් පිරුනු ඒ කාලෙට වඩා වැඩි කාලයක් විදවීම් වලින්ම පිරෙයි කියල. අදටත් මතක් වෙනව එයාව නැති කරගත්තෙ මමමයි කියල. වැරැද්ද මගේ කියල. පොඩ්ඩක් ඉවසුවනම් සමහරවිට අදටත් එයා මගේම වෙන්න තිබුනා. කාලය හරහා යන්න පුලුවන්නම් අනිවාරෙන් යනව. ගිහින් හැමදේම වෙනස් කරනව. ඒත් ඒක හීනයක්ම විතරයි.


අතේ තිබුනු පේපර් රිබන් මල අතටම ගුලි කරගන්න ගමන් මම නැගිට්ටෙ තවත් පරිස්සමින් ඒක අරං තියන්න. හැමදාටම ඒක බලාගන්න. 


වැලන්ටයින්..... ඇයි ඔයා අවුරුද්දකට සැරයක් එන්නෙ. සමහරු විදවනව සමහරු විදිද්දි. ඒත් මට සතුටුයි...


මොකද අද එයා මං ළග නැති වුනත්....මතකෙට ගන්න, ළගින් හිටපු දවස් ඕනතරම්. අද නැති වුනත් තිබුනා මටත් ලස්සනම වැලන්ටයින් එකක්....



✨සත්‍ය කතාවක් බව කරුණාවෙන් සලකන්න....😌✨



❤පූර්ණි❤

Report Page