😎😜🥰

😎😜🥰

Me

නුවර හරී ලස්සනයි ලූ..........හවසට....


හවසට දළඳා මාළිගාවට ගිහින් හරි ආසයි නෙළුම් මල් වට්ටියක් පූජා කරලා වැඳලා එන ගමන් වැව රවුමෙ සනීපෙට වාඩිවෙලා ඉඳලා....Cappuccino එකක් බීලා උනුවෙන්....හිරිකඩ වදිද්දී සිංදුවක් මුමුන මුමුන එන්න.....හැබැයි ඒක මාතර ඉඳන් යන්න බෑ....ඒ feel එක එන්නෙ නෑ එතකොට....පේරාදෙණියටම යන්නෝනී...😊


දැන් ඉන්න යාලුවෝ ඉන්නව කියන විදියටම ඉස්සරහටත් හිටියොත්....ඉඳී කියන විශ්වාසෙ තියෙනවා දැනට...එයාල එක්ක ම....ඒ නැතත් තනියම හරි ඒ අත්දැකීම ගන්නම ඕනී....🤩හැබැයි කැම්පස් නම් යන්නෝනි එයාල එක්කම තමා🥰


ඒක ආසාවකටත් වඩා ලොකූ හීනයක්...ලොකූ අරමුණක් කිව්වොත් හරී...අම්මා ඉස්සර එයාගෙ බෝඩිම් ජීවිතේ ගැන කියන දේවල්...දළඳා පෙරහැර අවුරුද්දක් පතා ම බලන එක...not fromT.V....live experience 🥰😍


Campus rag කන්න...හන්තාන කන්ද නගින්න..අලුත් අලුත් මිනිස්සු අඳුරගන්න...ලස්සන ම කාලෙ ලස්සනට ම ඉන්න..මගේ වචනෙන් කියනවා නම් ෆුල් ආතල් එකේ ඉන්න...ඒක තමා මේ දවස්වල ඔලුවෙ දුවන්නෙ...


හැබැයි....campus යන්න කලින් මගේ ලොකු ම ආසාව...ආසාව නෙවි එහෙම කියන්න බෑ...මගේ දැනට ළඟම ගෝල් එක...3A's with a .................😌🙈😎


අනිවාරෙන් ම කරන්න ම ඕනි

             මගේ තාත්තගේ මහන්සියට සධාණයක් ඉශ්ට කරන්නෝනි.හැමදාම උදේට හවසට පන්තිය ගාවට ම එක්කන් යන එකේ වටිනාකමට...සල්ලි ඉල්ලන්නත් කලින්"හෙට දෝනිට කීයක් ඕනි ද?"කියලා අහන ඒ වචන ටිකට...ඉල්ලන ගානටත් වැඩියෙන් දීලා ඉතුරු ටික තියාගන්න කියන ඒ විශ්වාසයට...පොඩි තුවාලයක් හැදුනත් ඇවිත් ඕක ඔතනම හොඳ වෙයි වෙන කොහේවත්‍ යන්නේ නෑ කියලා ඒ මිනිත්තුවට මාව හිනාගස්සලා යන ඒ වචන ටිකට..රෑ වෙනකන් ඉද්දී හෙටත් පන්ති නේද අහලා දැන් නිදාගන්න කියල පොඩ්ඩක් රවලා බලලා කාමරේ ලයිට් එකත් නිවල යන ඒ ආදරේට...වටිනාකමක් දුන්නෙ නැත්නම් මන් මහ පුදුම ආත්මාර්ථකාමී දොණියෙක් නේද🙂


මගෙ අම්මගේ මහන්සියටත් සාධාරණයක් ඉශ්ට කරන්නෝනි නේද මන්...?

           මන් පොඩ්ඩක් හරි අවුලෙන් කියලා තේරුණ ගමන් මුකුත්ම අහන්නෙ නැතුවම මාව තුරුල් කරගෙන ඉද්දි මන් එහෙම අවුලෙන් ඉන්නෙ කොච්චර නම් පොඩි දේකටද...ඇයි මන් එහෙම ඉදලා අම්මවත් අවුල් කළා නේද කියලා හිතෙනව මට....ඉතින් ගොඩාක් දවසට එතනින් ම මගේ අවුල ඉවරයි...ඒ ආදරේට....මහන්සි වෙලා ගෙදර ඇවිත් හවසට පොඩ්ඩක් නිදාගද්දි මන් නිදාගන්නකන් ළඟටම වෙලා තුරුල් කරගෙන ඔලුව අත ගගා මට නින්ද යනකන් ළඟට ම වෙලා ඉන්න අම්මගෙ මහ පුදුම ආදරේට....කන්නෙ නැතුව ඉද්දී කන දෙයක් අහලා අහලා හදල දෙන.....එත් නැත්නම් කඩේට ගිහින් හරි ගෙනත් දෙන...නැත්නම් කන්නෙ නැතුව තේ ඉල්ලද්දි බැන බැන හරි හදල දෙන ඒ තේකක වටිනාකමට...මන් ආයෙ එයාලට වටිනාකමක් දෙන්නෝනි නේද..?


මට මොනාද අඩු...???

   අම්මගෙ තාත්තගෙ ආදරේ ඕනිවටත් වඩා වැඩී....වැඩිය නොපෙන්නුවත් කොච්චර රණ්ඩු උනත් අයියගෙ ආදරේ ගොඩා......යී..ඒක හොඳට ම දැනුනෙ...එදා.... අයියා $$$$$ @@@ ගැන කියපු වෙලාවේ....මන් යාලු උනාට තමුසෙට දැන් ම බෑ හරිද😘😙ඒ වචන ටික අදටත් ඇහෙනවා මට🙊❤️😒😁....online උනත් හම්බුන මගේ බොක්කියි බොක්කයි😘❤️හැමතිස්සෙම හයියට ඉන්නවා...online හම්බුන අක්කලා අයියලා සෙට් එකහ්...අනිත් යාලුවො සෙට් එකහ්....මගේ සංගීත පව්ලනෙ ඒ ගොල්ලො... තව ඉස්සර ඉදන්ම ඉන්න මගෙ set ekh😌❤️....ආදරේ හැමතැනින ම හම්බෙනවා...ඇඋජ් ඉතින් ඉදල ඉදලා වෙන පොඩි හිත් රිදීම් වලට වටේ පිටේ අයවත් අව්‍ල් කරන්නෙ නෙහ්...ඒක හරි පව් වැඩක් නේද..?🥺ආදරේ හැමතැනින්ම හම්බෙනවා නම් ඇයි මේ පොඩි පොඩි දේවල් වලට කඳුලු පුරවගෙන ආ.....????ar u mad seriously 😒💔

ඉල්ලන කොටම සල්ලි හම්බෙනවා නම්...ඕනි පොත් පත් ඇඳුම්.....etc අවශ්‍ය ජාති ඔක්කොම හම්බෙනවා නම්...........ඇයි බැරි..?🥲


එහෙනම් මෙච්චර කල් වැඩ කළා තමා...නැත්තෙ නෑ...but..මේ මගේ maximum නෙවි...මට තව පුලුවන්....අවශ්‍ය තැනට යන්න නම් ඔක්කොම දෙන්න වෙයි...දැන් නැති energy කවදට ගන්නද ආ...???කන කාලෙ අඩු කරලා වැඩ පටාන් ගමූ.....කරන් ආපුවා තව වැඩි දියුණු කරගමූ...


යාලුවෝ ටිකවත් ඇදගෙන ගේම ගහමූ😎🤓💪



           TARGET😉🤫👇

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

Engineering faculty of PERADENIYA👣👩‍🎓

Report Page