❤️

❤️


ගැහැණිය ❤️

කැමතිම හුරතල් වෙන්න

දැනෙන පපුව උඩ... 

හිස තියාන සැපට නිදන්න.

ඒ පපුවේ රෝමකූප අතර... 

කිතිකැවෙන්න

තනියම හිනාවෙන්න...

දැනෙන ඒ පිරිමි ඇඟිලි තුඩු අතර...

සනීපෙට හිස පිරි මැද ගන්න...

අතර... නළල සිප ගන්න.

නොවිවර දෑස් මත....

හරිම සැහැල්ලුවට...


ඒ හැම තැනකම තියන හැඟීම්...

වචන වලට ග්‍රහණය කරගන්න බැරි... 


"ආත්මය පසාරු කරන් යන...

 ප්‍රේමයේ හී... පහරයි.


ඒ හැඟීම සම්මත හෝ අසම්මත කියන,

රාමුවට අදාලම නැහැ...

අදාල වෙන්නේ....

ඒ හදවත් දෙක කොතෙක් දුරට...

ග්‍රහණය වෙනවද කියන දේ විතරමයි.

ඒ හැඟීම අසම්මත නම්....

ගැහැණිය ඒ වෙනුවෙන්... 

ඔනෑම කැප කිරිමට උනත් සූදානම්.

ජිවිතයෙන් උනත්...

ඒකයි සිතුවිලි , හැඟීම් ප්‍රබල වෙන්නේ.

කතාවට කියන්නේ...


"හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා" කියලා.


ඒ වෙනුවෙන්....

ඇයට ආත්මශක්තියක් තියනවා පිරිමියට වඩා

ඒකයි අදටත් ඇය තනියම හෝ දරුවෙක් සමඟ තනි වී.... ප්‍රේමයට වෛර කරන්නේ...

හිත ඇතුලෙන් ප්‍රේමයට ලෝබ වෙමින්.

පිරිමි හිතන්නෙම....

ගැහැණිය හරිම කාමුකයි කියලා.

ඔව් සහතික ඇත්ත...

දැනෙන හදවත විඳගන්න....

ප්‍රේමය , රාගය , කාමය විතරක් නෙමෙයි...

ඔහුට අයිති හැම අංශු මාත්‍රයක් ම.... විඳින්න ගැහැණිය පෙරේතයි, ලෝබයි අවස්ථාවාදී....

දැනෙන හදවතක් බෙදා ගන්න... 

ගැහැණිය හීනෙකින්වත් හිතන්නෑ...

ඒකයි කතාවට උනත්...

"හිත හොඳ ගැහැණිය හැමදාම බඩිං" 

කියලා කියන්නේ.

ගැඹුරට හිතුවොත් හිතන්න දේවල් ගොඩයි.

ඒ නිසා නොසිතා ඉමු...

හිතුවොත් ඇති වෙන්නේ... "දුක" නිසා.


Copied

Report Page