💖🥺

💖🥺


උබ එදා මට එච්චර දුකක් දීලාහ්

අද අහනවා බන්

උබ එක්ක තරහින්ද කියලා.....

මොනාද බන් තව මට කියන්න ඉතුරු වෙලා තියෙන්නෙහ්

හිතේ තිබ්බ දුකටයි

තරහටයි දෙකටම

එදා මූනට කියන්න හිත හදා ගත්තේ

මේක නවත්තමු කියලා

හිතේ හිරකරන් ඉදපු ඒ ආදරේට තිත තියලා නෙමේ බන්........

ඒත්

එදා මට ඒකහ් කරන්න උනා

දරා ගන්න බැරි දුකක් හිතේ තියන්

ලොකු හුස්මක් අරන් කතා කරේ උබ එක්කහ්

අන්තිම වතාවට කතා කරනවා කියලා හිතන්.....

උබ ඇස් දිහා බලනකොට

හිතේ හිර කරන් ඉදපු කදුලු එලියට පනින්න පොරකනකොට

ඒක කාටවත් නොපෙනෙන්න

හිත ඇතුලේ එදා උබ ඉස්සරහ

කෝම හන්ගගත්තද කියල

මට තාම හිතා ගන්න බෑ බන්....

ඇස් දිහා බලන් කතා කරද්දි

උබේ මුනවත් බලන්න බැරි තරමට

හිත රිදිලා තිබ්බේ

ඇතුලෙන් පිච්චෙන්න වගේ

කෑ ගහලා අඩන්න හිතෙද්දි.......

මොකක් කරන්නද

කියලා හිතා ගන්න බැරුව

ලෝක දෙකක් අතරෙ අතරමන් උන මට

ඒ වෙලාවෙන් එහා දෙයක් ගැන හිතා ගන්න බැරි උනාහ්

ආදරෙන් කතා කරපු අන්තිම වචනය දෙක

එදා ඒ කතා කරපු වචන ටිකහ් කියලා දැනෙද්දි

උබව බදන් කෑ ගහලා අඩන්න හිතුනා.......

ඒත් වැරදි මන්ද.....

ඒක හිතන්නෙ කොහොමද

පොඩ්ඩක් මට තේරුම් කරලා දියන්.....

වැරැද්ද කරේ මන්ද කියලහ්.......

එදා දැනුන වේදනාව නිසාහ්

අදටත් දුකක් නෑ බන්

එකම හිතකට ආදරේ කරපු මටහ්

ඒ වෙනුවෙන්

උබ දීලා ගිය තෑග්ගට

ගොඩක් ස්තූතියි බන්

හිත රිදෙනවා තමයි.......

අදටත්......

උබ අහද්දි තරහින්ද උබ එක්ක කියලා

පොඩ්ඩක් හිතපන් ඒ වෙලාවට

මන් කොච්චර අසරන වෙනවද කියලහ්........

මටත් අහන්න පුලුවන් බන් ඕනිනම්

තරහින් ඉන්න හේතුව මොකක්ද කියල උබෙන්.....

අහන්න බෑ බන්

මොකද...

මන් දන්නවා එදාට උබට මට දෙන්න උත්තරයක් නැ කියලහ්.......

අදටත් කවුරුහරි උබට බනිද්දි

අහන් ඉන්න බෑ බන්

උබ ගැන හිතලා මන් වැරැද්ද මගේ කියලා පිලිගත්තටහ්......

මන් දන්නවා බන් උබට කවදාවත් ඒක කරන්න බෑ කියලහ්.....

උබ දිහා අදටත් නොබලන්නෙ

අමතක වෙලා නෙමේ බන්

උබ දිහා බලන්න බැරි කමට.........

උබ ඉන්න තැනින් යනකොට...

කරන්න දෙයක් නැති කමට......

බිම බලන් යනවහ්.....අමතක උන ගානට ඉන්නවහ්.....

උබට ආදරේ කරන තරම් දන්නෙ මන් බන්.....

ඒක උබට දැනෙයි.....

උබේ හිතේ තියන දේවල් උබට ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරත්

මට බෑ බන් උබ මගෙන් වෙන් කරන්න කියලා ප්‍රාර්තනා කරන්නහ්.......

උබ දන්නවදහ්.....

කමක් නෑ කියලා මන් නැවතුනු තැන් වල

හිත පිරෙන්න දුක තිබ්බා...ඇස් වලට මදී නොකියන්න කදුලු තිබ්බා...

එදාහ්

උබ ඉස්සරහ කතා කරද්දි....

කදුලු හිතේ හිර කරන් ඉදිය විදිය දන්නෙ මන් බන්......

කවුරු මොනා කිව්වත්....

මන් ගැන දන්නෙත් මන් බන්.....

එදා දවසෙම ඇඩුවෙහ්

ආයෙ අඩන්නෙ නෑ කියලා හිතට පොරොන්දුවක් දෙන ගමන්.....

උබ දිහා අදටත් කෙලින් නොබලන්න.....

ඇස් දිහා බලන්න බැරි තරම් අසරන වෙන්න

හේතුවහ්........

උබ නොදන්නවා උනාට උබමයි මැණිකහ්......🥺

අඩලා අඩලා ඇස් හෙම්බත් උනහම

උබව මතක් වෙන වාරයක් ගානෙම

උබ ඉස්සරහ කෙලින් හිට ගන්න

කෝම පුලුවන් උනාද කියලා

අදටත් හිතා ගන්න බෑ බන්.....

උබ කියපු ඒ කතා......

ඇත්තටම වචනෙකින් දෙකකින් මගේ හිත හදපු තැන්

ගොඩක් බන්.....

ඒත් හිතුවටත් වඩා ඉක්මනින්

උබ ගියේ

තද හුලගකට නූලක් කැඩුන සරුන්ගලයක්

පා වෙලා යන්න වගේ බන්.....

අදටත් උබ ඉස්සරහින් යනකොට

බිම බලන්

අමතක වෙලා වගේ යන්නේ

උබට ආදරේ නැතුව නෙමේ බන්......

අමතක වෙලා නෙමේ බන්......

හිත හදා ගන්න බෑ බන්

උබේ මූන දකිනකොට.....

අඩනවා නෙමේ ඇත්තටම

ඇස් දෙකට කදුලු එනවා.....

උබව දැන් මට අයිති නෑ නේද කියලා දැනෙන වාරයක් ගානෙම බන්.....

මගේ හිතේ තියන දුක ඔයාට දැනෙන්නෙ නෑ බන්......

මේක ඔයාට ලැබෙන්නෙත් නෑ කියලා දන්නවා බන්.....

ඒත් අදටත් එදා වගේම ආදරෙයි උබට........

අමතක උන ගානට උබ ඉස්සරහ හිටියට......



✍️By @Dil... ✨🖤😍

Report Page