😁Posh😁

😁Posh😁



ලංකාවේ බහුතරයක් ඉන්නේ සාමාන්‍ය ජනතාව.

බොහොම අඩුවෙන් තමයි පොහොසත් මිනිස්සු ඉන්නේ.

ඒත් ගොඩාක් මිනිස්සු

තමන් දැනටමත් දියුණුයි කියලා පෙන්නන්න දගලනවා.

කොටින්ම කිව්වොත් පොෂ් වෙන්න දගලනවා.

ඒත් ඇත්තටම එයාල දන්නේ නැහැ

ඒක මහා පුස් ජිවිතයක් කියලා.

මන් අද කතා කරන්නේ උන්ටනම් නෙමෙයි.

මන් කතාකරන්නේ

ඕන්න ඔය එලොවටත් නැති මෙලොවටත් නැති මිනිස්සු හින්දා,

විදවන මිනිස්සුන්ට.

ඇත්තමයි බන් උන් මහා විකාරයක්.

නිකමට හිතපන්,

තමන්ගෙ දියුණුව වෙනුවෙන් කට්ට කන්නේ නැතුව.

දැනටමත් තමන් දියුණුයි කියලා

පෙන්නන්න හදන මිනිස්සු කොච්චර මෝඩද?

උන්ට සාර්ථකත්වය වෙනුවෙන් කට්ට කන්න තරම්

ශ්‍රේෂ්ට හිතක් නැහැ.

හැබැයි උන් හින්දා

සාර්ථක වෙන්න කට්ට කන මිනිස්සු පොඩ්ඩක් පසු බහිනවා.

හේතුව,

එයාල හිතනවා.

මෙච්චර දේවල් කරලත් මට මොකුත් නැහැ.

මොකුත් නොකල අරුන්ට හැමදේම තියෙනවා කියලා.

ඔව් බන්.

උන්ට තියෙනවා.

ස්කෝලේ කාලේ

අම්මලට වද දීලා දීලා

ලස්සන ඇදුම් සපත්තු අරව මේවා ගන්නවා.

එතන ඉදන් ඕවත් දාගෙන

clz ගිහිල්ල

අර real විදිහට ඇවිල්ලා ඉගෙනගන්න හදන එකාව චාටර් කරනවා.

එතනින් ඌත් කඩා වැටෙනවා.

ඒත් පොෂ් කියන්නෙම

පුස් කියලා දන්න එකා අරූට යටි හිතෙන් හිනා වෙනවා.

කවදාහරි දවසක අර පොෂ් එකා කිට දාගෙන

බස් වල රස්තියාදු වෙවී

office එකක පොඩි ජොබක් කරන්න යද්දී.

අර පොෂ් නැති

real විදිහට ඉන්න

පට්ටෙට වැඩ කරපු එකා ගෙදරට

ඇදන් ඉන්න ඇදුම පිටින්ම ගිහින් අර

office එකේ ලොකු පුටුවක වාඩි වෙනවා.

අරූ බස් එකේ යද්දී

මූ යන්නේ land cruiser bmw වගේ වාහන වල.

අනික අර පොෂ් එකාට

ජෙන්ට අනිවා උනාට

පොෂ් නැති එකාට

ගෙදරට අදින Short ත් ඇති.

ඊළගට loan ගහල ගහල

ගෙවල් හදලා මැරෙනකම් අර loan ගෙවනවා.

හැබැයි හරි විදිහට හැදිච්ච එකා

තමන්ගේ සල්ලි වලින් පට්ට ගෙයක් හදනවා.

හැබැයි ඌ උගේ ගේ හදන්නේ

උට ඕනි විදිහට මිසක්

රැල්ලට යන විදිහට නෙමෙයි.

ඔන්න ඕකයි බන් ඇත්ත.

යන්තම් ඇටෙන් පොත්තෙන් එළියට එද්දී

විකාර ඔලුවට දාගෙන

target එකකට යන අයවත්

කන්න හදන උන් ඉන්නේ දැන්.

පරිස්සම් වෙයන්.

ඇත්ත තේරුම් ගනින්.

පොෂ් මිනිස්සු දිහා බලල

උන්ව උබේ හිතට විහිළුවක් විදිහටම දාගනින්.

උන්ව accept කරන්න නම් යන්න එපා.

උබලටත් ඕවගේ මෝඩ මිනිස්සු හින්දා අව්ල් ගියානම්

උන්ගේ පුස් ජීවිත ගැන තේරුම් අරගෙන

උබගේ ජීවිතේ හරියට ගෙවපන්.

Good Luck

😎Mr. Curious😎

Report Page