🥀

🥀


සමහර ගැහැණු ඉන්නවා,


උඹට වදයක් වෙවි 

හැම නිතරෙම 

උඹ ගැන හොයලා බලන

උඹේ පුංචි දුකටත් 

උඹටත් වඩා 

මහ ලොකුවට වද වෙන 

උඹේ පොඩි වෙනසටත් 

උඹ එක්ක ගේම ඉල්ලන..


මොකක් හරි හේතුවක් 

හොය හොයා 

උඔට නිතර නිතර 

කෝල් අරන් මැසේජ් කරන

උඹ මොන වැරැද්ද කරත් 

දාලා නොයන

දාලා යනවා කිය කියා 

උඹ වටෙිම කැරකෙන

උඹ දාලා ගිහින් 

ආයෙ එන එන පාරට 

උඹව බාරගන්න..


උඹ මඟ හරිද්දි 

අඬ අඬ පස්සෙන් එන 

උඹේ යාළුවෙක් වටේ හරි කැරකිලා 

ආපහු මැසේජ් කරන

උඹ කොච්චර රිද්දුවත් 

වෙනස්කම් කරත් 

ඉවසීමෙන් දරාගෙන 

උඹත් එක්කම ඉන්න..


සමහරවිට 

උඹ නොදන්නවා වුනා⁣ට 

ඒකි උඹේ ආදරේ නිසා 

හුගාක් දේවල් 

නැති කරගන්නැති

ඒත් ඒකිට 

උඹව එපා වුන දවසක් 

නැතුව ඇති..


එක සැරයක් අහලා බලපන්  

උඹට කොච්චරක් 

ආදරෙයිද කියලා

ඇස්වල කඳුළු පුරෝගෙන 

ඒ ආදරේ ගැන කියන හැටි

අහලා බලපන්..


තුරුල් කරගෙන බලපන් 

එක පාරක් පපුවට

උඹට මුළු සංසාරෙටම 

ඇති වෙන්න 

ආදරේ කරන හැටි බලපන්,

ඒක නෙමෙයිද 

උඹට ගැලපෙන ජීවිතය..


ඒකිගෙත් පොඩි පොඩි 

අඩුපාඩු ආසාවල් ඇති

ඒවා දිහා ආදරණියව බලපන්

අතහරින්න බැරිද 

උඹ ලග තියෙන 

ආඩම්බරකම

උඹේ ලොකුකමට වඩා 

ඒකිගේ ආදරේ බර වැඩියි..


ඒ නිසා ඒකි 

සමහරවිට ආදරේ නිසාම 

උඹේ හැම නපුරුකමක්ම 

දරාගෙන පැත්තකට වෙයි

හැබැයි උවමනා තැනදි 

උඹට පන වුනත් දෙයි

ගැහැනු එහෙමයි බං..


ඒකි උඹ වෙනුවෙන් 

හලන කඳුළු වලට 

වටිනාකමක් දෙන්න බැරිද

උඹේ වැරදි අඩුපාඩු 

වෙනස්කම් දරාගත්ත එකට 

වටිනාකමක් දෙන්න බැරිද..


උඹේ අම්මා වගේ 

ඒකි ආදරේ කරනවනම් 

උඹේ හැම වැරද්දම 

අම්මා වගේ අඩ අඩා 

දරාගන්නවනම්...


අන්න ඒකිට 

උඹේ ජීවිතේ

දෙවෙනි අම්මා වෙන්න බැරිද,

උඹේ අම්මට 

ලේලියෙක් වෙනවට වඩා

දුවෙක් වෙන්න 

එහෙම කෙනෙක්ට බැරිද..


ඔය මොනවා තිබ්බත් 

වැඩක් නැනෙ 

උඹ හොයන ලස්සන 

ෆිගර් එක 

දිලිසෙන මූණ 

ඒකිට නැත්තම්

උඹට ඒකීව දශමයක්වත්

වටින් නෑනී..


ඉතිං..,


උඹ ගැන කැක්කුමක්‍ තියෙන

ජීවිතේ උඹත් එක්ක 

එකතු වෙලා 

ගෙනියන්න දගලන 

අහිංසක කෙල්ලෙක්

සුදුසු නැ උඹේ ජිවිතෙට 

ඒ නිසා අතැරපං, 

උඹ හිතන විදියේ

ලෝකෙට ලස්සනටම 

පෙන්නන්න පුළුවන් කෙනෙක්

තෝරගෙන 

විදින්න තියෙන ජිවිතේ 

උඹ විදපං 🌸🖤


Credit goes unknown

Report Page