තාමත් ආදරෙයි මන්...

තාමත් ආදරෙයි මන්...

𝓇ℯ𝓈𝒽𝒶𝓃𝒾🐼🖤



තාමත් ආදරෙයි මන් Short story 💛🍃




"ලොකු දූ මේක මංගලිකා නැන්දට දීලා එන්න ඉක්මනට ගිහින්"






"ආහ් කෝ දෙන්න අම්මේ. මන් ගිහින් දෙන්නම්. මොනාද මේකේ මේ තියෙන්නේ. ම්ම්ම් සුවද"






"හා හා බලාගෙන ඕක පරිස්සමට ගිහින් දෙන්න. ඕකේ පොලොස් ඇඹුලක් තියෙන්නේ. මිනුක පුතත් අද ගෙදරනේ. පොලොස් කිව්වොත් වෙන මුකුත් ඕනි නෑ ඉතින් එයාටත්"






"හී හා හා අම්මේ මන් ගියා එහෙනම්"






"මිනුක" මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් වුන එයා මට මගේ සහෝදරයෙක් වගේ පුංචි කාලේ ඉදන්ම මගේ ලගින්ම හිටියා. මට මොන ප්‍රශ්නයක් ආවත් මගේ අම්මටයි තාත්තටත් වඩා මන් ගැන හොයලා බැලුවේ අයියා. වෙලාවකට එයා ගැන හිතෙද්දිත් අන්නේ මන්දා හිතට මොකද්දෝ හැගීමක් දැනෙනවා. 






හිතත් එක්ක දාහක් දේවල් තර්ක කර කර මන් මංගලිකා නැන්දගේ ගෙදරටත් ආවා. කවුරුත් පේන්නත් නැති හින්දා මන් සාලෙට ඔලුව දාලා බැලුවේ කවුරුහරි ඉන්නවද බලන්න. ඇත්තටම මට මේ ගෙදර ආගන්තුක තැනක් නෙවෙයි. මට අපේ ගෙදරත් එකයි මෙහෙත් එකයි. කවුරුත් නැති හින්දා මන් කතා කරලම බැලුවා.






"නැන්දේ කෝ ඔයා නැද්ද. නැන්..."





"ආව් අන්නේ මගේ කොණ්ඩේ"





"නැන්දනම් නෑ නැන්දගේ පුතා නම් ඉන්නවා"😋





"ඒයි මගේ කොණ්ඩේ අතාරිනවා මෝඩයා. ඔච්චරයි තියෙන්නෙත්"





"බෑ අතාරින්නේ නෑ. කෝ මට මොනවද ගෙනාවේ බලමු"





"මේවා ඔයාට නෙවෙයි මන් නැන්දට ගෙනාවේ"😏





"ආහ් ඒකත් එහෙමද නෝනා. මෙහෙ දෙනවා ඕක"





"අන්නේ ඕක දෙන්න බූරුවා"






හරි නේ වෙනදා වෙන වැඩේම අදත් පටන්ගත්තා. එයා දුවනවා. මන් එයාගේ පිටිපස්සෙන් එලවනවා. ඇත්තටම කිව්වොත් මට එයා එක්ක දුවන්න තියා හිතන්නවත් බෑ🥺 ඒඋනාට මන් පරාජය බාර ගන්නවද නෑ නේ. මාත් බොරුවට හරි එයාගේ පස්සෙන් දුවනවා ඉතින්. කොයි වෙලේ හරි නතර වෙනකන්.






"පුතා අදත් දුවව අල්ලගත්තද සෙල්ලමට ආහ්"






හරිනේ නැන්දා ආවා. මන් ශේප් එකේ ගිහින් නැන්දා ගාවින් නතර වුනා.






"අන්නේ බලන්න නැන්දා. අපේ අම්මා නැන්දට දෙන්න කියලා පොලොස් එව්වා. අයියා ඒකත් අරන් දිව්වා අන්නේ"






"අයියෝ ඔය දෙන්නගේ රණ්ඩු නම් මට බේරන්න බෑ"






ඒ අස්සේ මට ඒ මෝඩයා දිවත් දික්කරලා විරිත්තනවත් එක්ක






"කෝ පුතා ඕක දීලා යන්න අර අඹ ටික කඩන්න. ඊයෙත් බැරි වුනා නාලිකාට අඹ ටිකක් යවන්න. දුව ආපු එකේ දැන් යවන්න පුලුවන් නේ. ඉන්න මන් තේකක් හදාගෙන එන්නම් දුව"






නාලිකා කිව්වේ අපේ අම්මට. මාත් දත් තිස්දෙකම පෙන්නලා නැන්දට හිනා වෙලා අයියා එක්කම මිදුලට බැස්සේ අඹ ගහ තියන පැත්තට යන්න.





අපේ ගෙදර තියන අඹ වලට වඩා මෙහේ තියන අඹ ගොඩාක් රසායි. ඒනිසාම අඹ හැදෙන කාලෙට අනිවාරෙන්ම අපිටත් අඹ මල්ලක් නැන්දා එවනවා. 





මාත් ඉතින් මොකාදෝ එකා වගේ අයියගේ පස්සෙන්ම ගියා. වත්ත පහලට වෙන්න තමා අඹ ගස් ඔක්කොම තිබ්බේ. කිසිම කතාවක් නෑ. පුදුම නපුරුකමක් මෙයාගේ තියෙන්නේ. මන්වත් මොනාහරි කියන්න ඕනි.





"මේ අයියේ"




"ඕ ඇයි මොකෝ"




"නෑ නෑ මුකුත් නෑ ඉන්නවද බැලුවේ"





මෙන්න ඒපාර පිටිපස්ස හැරිලා මාව අලු කරලා දාන්න වගේ බැල්මක් දැම්මා කියන්නකෝ. චුට්ටක් බය හිතුනා හැබැයි. ඒපාර මාව කන්න වගේ බලන් ඉන්නේ ඇයි මේ.





"ඒ මේ නංගි පොඩ්ඩක් ඉන්නවා. හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා"




ඒපාර මොකද්ද මේ යකා කියන්නේ මට




"අන්නේ ඇයි අයියේ ඔහොම බලන් ඉන්නේ මාව බය කරන්න එපා. අන්...නේ ඇ...යි.... කියන්න කෝ...."🥺





"හරි හරි කලබල වෙන්න එපා ඌ යයි. ඔහොම දගලන්නේ නැතුව ඉන්නවා මැට්ටියේ"





"දෙයියනේ ඌ කියලා නේද කිව්වේ. අන්නේ අනිවාරෙන්ම සතෙක් නේ එහෙනම්. අන්නේ අ......යි.........යා ආආආආ...."😖








මුලු පරිසරයම තුල පැතිරී ගියේ දැඩි නිශ්ෂබ්දතාවයක්. විටින් විට ඇහෙන කුරුල්ලනේ සද්දේ ඇහෙන්න වෙන කිසිම ශබ්දයක් ඒ වෙලාවෙදී ඇහුනේ නෑ. බයටම තද කරලා ඇස් පියාගෙන හිටපු මන් හිමීට හිමීට ඇස් ඇරලා බැලුවේ මොකද්ද වුනේ බලන්න. තාමත් බය වුන පාර පපුවත් එක්ක ගැහෙනවා මගේ.





හිමීට ඇස් දෙක ඇරලා බැලුවම දැක්කේ මන් දිහාම කන්න වගේ බලන් ඉන්න අයියා දිහා. දෙයියනේ මන් මේ මොකද්ද කරන්නේ.



මන් මන් මේ අයියගේ බෙල්ලත් බදාගෙන නේද ඉන්නේ මේ. හනේ මේ මොන ලැජ්ජවක්ද. ඇයි මෙයා මේ මන් දිහාම මෙහෙම බලන් ඉන්නේ. හිතට මොකද්දෝ අමුතු හැගීමක් එද්දි මන් බලාගෙන හිටියේ ඒ දිලිසෙන ඇස් දිහා.



ඒ ඇස් මට වෙනම කතාවක් කියනවා වගේ දැනුනේ. මන් බලාගෙනම හිටියේ ඒ ඇස් දිහාමයි. මෙහෙම අපි දෙන්නා කොච්චර වෙලාවක් ඉන්න ඇතිද. විනාඩි ගානක් නෑ නෑ ඊටත් වඩා වැඩි ඇති සමරවිට. එයා එන්න එන්නම මගේ මූණට නැබුරු වෙනවා වගේ දැනුන නිසා මන් හිටියේ මොනවද කරන්න ඕනි කියලවත් සිහියක් නැතුව.





"ලොකු පුතා............ දුව......."





දෙයියනේ නැන්දා නේද. නැන්දා දැක්කනම් මන් ගැන මොනා හිතයිද. මන් ඉක්මනින්ම එතනින් දුවගෙන ආවේ අයියගේ මූන දිහාවත් බලන්නේ නැතුව. ලැජ්ජාවට මගේ මූනත් එක්ක රතුවෙලා ඇති කියලා මට හිතුනා. මන් ඉක්මනට තේකත් බීලා ආයේ ගෙදර දුවගෙන ගියේ හිතේ මොකද්දෝ අමුතු හැගීමක් ඇවිත් මූනට හිනාවක් එද්දී. අන්තිමට කොහොමහරි අඹ කඩා ගන්නත් බැරිවුනා.



එදා සිද්ධියෙන් පස්සේ දවස් ගෙවිලා ගියේ ඒකාකාරී විදිහට. මන් ආයේ නැන්දලා දිහාවත් ගියේ නැත්තේ තිබ්බ ලැජ්ජවත් එක්කම. ඇත්තටම මට මොකද මේ වෙලා තියෙන්නේ. කවදාවත් නැතුව මන් අයියා ගැන වෙනදටත් වඩා උනන්දුවෙන් හිතන්නේ ඇයි මේ. ඒත් ඒ උනත් මට එයා ගැන හැගීමක් හිතන්න පුලුවන්ද. මට විතරද මෙහෙම දැනෙන්නේ. අන්නේ මන්දා. 





රෑ නිදාගන්න වෙලාවෙත් හිතුවේ හෙට නම් නැන්දලාගේ ගෙදර යන්න ඕනිමයි කියලා හිතන ගමන්. දැන් ඉස්සර වගේ නෙවෙයි මට හීනෙනුත් එයාව පේනවද කොහොදෝ. අන්නේ මන්දා මටත් පිස්සු.





--------------------------------------------------------




"ලොකු දූ කෝ නැගිටින්න"





"අන්නේ...... සුදූඅම්මී තා ටිකායි"





"මේ හුරතල් වෙන්නේ නැතුව නැගිටින්න. බලන්න වෙලාව කීයද කියලා"





"අයියෝ හරි හරි මෙන්න නැගිට්ටා. කොහෙ යන්නද අම්මා මේ ලෑස්ති වෙලා ඉන්නේ"





"නැන්දාගේ ගෙදරට දුරින් නෑදෑයෝ වගයක් ඇවිත් එන්න කියලා කිව්වා ඔන්න ඇවිත් යන්න. ගිහින් ඉක්මනට ලෑස්ති වෙන්න ඔයත්"





කව්ද මේ දුරින් ආපු නෑයෝ. කමක් නෑ මාත් දැන් කොහොමත් යන්න නේ හිටියේ අද එහේ. ඒකත් හොදයි. ඉක්මනට මූනත් හෝදන් මට තියන ගවුම් වලින් ලස්සනම ගවුමකුත් ඇදලා ලෑස්ති වුනේ නැන්දාගේ ගෙදර යන්න.





ඈත තියාම මන් දැක්කේ අයියලාගේ ගෙදර නවත්තලා තියන කාර් එකක්. ඇත්තටම කවුරුහරි දුරින් ඇවිත් වගේ. මොනා වුනත් මට එදා වුන දේත් එක්ක ආයේ අයිය ලගට ගිහින් කතා කරන්නත් මොක්ද්දෝ වගේ හැගීමක් දැනුනත් මන් ඒ දේවල් මොහොතකට අමතක කරලා අම්මා එක්ක ගියේ ගේ ඇතුලට.






"ආහ් නාලිකා එන්න එන්න. ඉදගන්න ඇවිත්"





මන් අම්මත් එක්ක සාලේ තිබ්බ සෝෆාවෙන් ඉදගන්න ගමන් වටපිට බැලුවේ ඇවිත් ඉන්න අය අදුරගන්න. හොද වැදගත් පෙනුමක් තිබුන සාරියක් ඇදගත්ත කෙනෙකුයි ඊට එහා පැත්තෙන් එයාගේ මහත්තයා කියන්න පුලුවන් කෙනෙකුයි. තව නැන්දා ලගම ඉදගෙන හිටියේ මගේ වයසේ වගේ කියන්න පුලුවන් හුරුබුහුටි කෙල්ලෙක්. ඇත්තටම එයා ගොඩක් ලස්සනයි.  






"නාලිකා මෙන්න අදුරගන්න. මේ චූටි කෙල්ල තමා අපේ ලොකුපුතාව මැරි කරන්න යන්නේ"





දෙයියනේ....... මට මොනවද මේ ඇහෙන්නේ..... මට ඒ කියපු දේවල් ඔලුව වටේට දෝංකාර දීලා ඇහෙනවා වගේ. නෑ නෑ නෑ මේක කවදාවත් වෙන්න බෑ.... අන්නේ.... නැන්දා එහෙම කියලා ඉවර වෙනවත් එක්කම සාලෙට ආවේ අයියා. 






ඔව් අද එයා ගොඩක් ලස්සනයි. වෙනදටත් වඩා. මන් ඒ මූන දිහාම බලාගෙන හිටියේ මහා ලෝභකමකින් වගේ. මන් කොහොමද මේක විශ්වාස කරන්නේ. මගේ ඇස් වලින් කදුලු පනින්න ඔන්න මෙන්න. ඒත් මන් අඩන්නේ නෑ. බොහොම අමාරුවෙන් මූනට හිනාවක් අරන් ඒ මූන දිහාම බලාගෙනම හිනා වුනේ වෙන මට කරන්න දෙයක් නැති හින්දා.





මෙච්චර කල් ඒ හිත වෙනුවෙන් මගේ හිත මග බලන් හිටියේ මන් විතරයි. එදා නැන්දා එහෙම කියනකොට ඔයාගේ මූනේ ඇදුන හිනාව මන් මීට කලින් කවදාවත් දැකලා තිබුනේ නෑ. පොඩි දුකක් නෙවෙයි මේ හිතට දැනෙන්නේ. අඩුමගානේ මට ඒ ගැන අයියට කලින් කියන්න හරි තිබුනා. ඒත්....






මමයි වැරදිකාරයා. ඔයා මට මගේම අයියෙක් වගේ ඉද්දි යාලුවෙක් සහෝදරයෙක් වගේ පොඩි කාලේ ඉදන් එකට ඉද්දි මගේ වැරැද්ද මන් එයා ගැන එහෙම හිතපු එක.






සමරවිට මේ හිත ආයේ වෙන කෙනෙක් වෙනුවෙන් ඉඩක් නැති වෙයි. මොකද ඒ තරමටම මේ හිත ඔයා වෙනුවෙන්ම බැදිලා නිසා. ඉන්න තැනක සතුටින් පරිස්සමට ඉන්නවනම් ඒ හොදටම ඇති අයියේ. ඉස්සර වගේ අපිට හිනා වෙලා එකට ඉදගෙන රණ්ඩු වෙන්න බැරි වුනත් මන් ඒ මතක අස්සේ තාමත් ඉන්නවා.




#තාමත්_ආදරෙයි_මන් 






නිමි♡︎••••


--------------------------------------------------------




මේක ඇත්තටම ලිව්වේ කවීශා නන්ගාගේ request එක්කට. ඉතින් ගොඩක් තැන්ක්‍යු පැටියෝ මට ලස්සන concept එකක් කියලා කතාවක් ලියන්න කිව්වට 🥺♥️🍃 





ඉතින් ඔයාලට දැනුන දේ කියාගෙන යමු ඒක මට ගොඩක් වටිනවා





කමෙන්ට්ස් කරන නොකරන හැමෝටම ගොඩක් ස්තූතියි 🥰♥️





හැමෝම පරිස්සමට ඉන්න...




My Channel - https://t.me/reshy_y



Report Page