ඇයි කළේ ආදරේ

ඇයි කළේ ආදරේ

Senadhi ♥️

♡︎ ඇයි කළේ ආදරේ_(කෙටි කතාවක්)

___________________________



බියර් එකක් බිබී ගිටාර් එකත් අරන් බැල්කනි එකට ආවේ එතැන හිතට නිමක් නැති සැනසීමක් එතනදී දැනෙන නිසා.....


ලන්ඩන් ඇවිත් මේ ගෙවන තුන්වෙනි අවුරුද්ද....


ජිවිතේ කොච්චර දේවල් වෙනස් වෙනවද....


මුළු ජිවිතේ ම කණපිට හැරෙන්න යන්නේ ඇහිපිය ගහන මොහොතයි......


හුස්මක් පිට කරලා මන් බැලුවේ අහස දිහා....


තරු පිරිච්ච අහස කොච්චර ලස්සන ද...

ඒත්...

හඳ නැතුව හරි පාලුයි....


හරියට මගේ ජිවිතේ වගේ...


ලන්ඩන් අහස දිහා හිස් බැල්මෙන් බලන් ගිටාර් එක අතට ගත්තේ සින්දුවක් කියන්න හිතන්.....



දින සති පුරා ම මතක මැවී....

මෙතරම් පෙම් කළ සිතට රිදී....

නාඩන්න මගේ මැණික නෑ කඳුළු ඔය දෑසේ නම්....

ඇයි කළේ ආදරේ....


පව පින යා නොවු කාලයේ.....

නෑ දැනුණේ නම් මා අගේ....

මතුදාක දැනුණාද නෑ පලක් කිසිදාක නම්....

ඇයි කළේ ආදරේ....


කාගේ කාගේ හිත් වල කොහි කොහි තැන් වල....

ගැරහුම් ඇති හිත් පෑරූ....

හොඳට ම මගේ හිත පාරපු ඔබගෙන් මොනවද මට දැන් ඉතුරු....

නොලැබෙන පෙමකට පෙම් කළ වරදට දඬුවම මම අද විඳපු....

මා ලැබු ජිවිතේ නොලැබු ම මිස වෙන ලැබුමක් නම් මා නොලැබූ....


දැනුනද මා උන්නා තුරා....

අඩුවක් මගෙන් වුණා කියා....

දැනුනාද ඔය හිතට හරවත් ම බස ආදරේ කියා....

ඇයි කළේ ආදරේ.....


මඟහැරුණා නොවේ මඟහැරියා අපි එක් නොවෙනා පෙම ප්‍රේමයක්....

නුඹ මා නොව බව මා නුඹ නොව බව දැන ගත් ලොව අද විහිළුවක්....

නුඹ අද කොහි ඇති මා අද කොහි ඇති නිමා නොවනා මහ හිස්තැනක්....

හිත වැටෙනා හැම වාරෙක නැගිටිමි නුඹ දුන් කඳුලැලි මහ මෙරක්....


දැනුනද මා උන්නා තුරා....

අඩුවක් මගෙන් වුණා කියා....

දැනුනාද ඔය හිතට හරවත් ම බස ආදරේ කියා.....

ඇයි කළේ ආදරේ......



ඇස් වලින් වැටෙන කඳුළු පිහිද පිහිද බැලුවේ අහස දිහා....


ඒ රූපේ....


මැවි මැවි පේනවා....


වෙච්ච දේවල් මතක් වෙද්දී ඇස් වලට කඳුළු උනන එක පුදුමයක් නෙවෙයි.....


අමතක කරන්න හදන අතීතය අමතක කරන්න හැදුවත් වතුරේ ඔබපු රබර් බෝලේ වගේ අයේ උඩට මතු වෙන්නේ පපුවත් පුව්චලා....


සින්දුවේ පද වැල් අස්සේ හිතේ ගියේ ඒ අතීත මතක වලට....


හැමෝගෙම ජීවිත වල ලස්සන මතක තියෙන දවස් තියෙනවා....


ඒත් මගේ ජීවිතේ පුරා ම වැඩිපුර තිබුණේ කඳුළු මතකයන්....


කොටින් ම මන් ඉපදුන දවසක් ඒ වගේ...


හැමෝම අම්මා මරන් ඉපදුන කාලකණ්නියා කියද්දී....


මාව ජාතක කරන්න ලේ දුන්න තාත්තා ම මාව දරුකමෙන් අයින් කරද්දී.....


හතරවරිගේ හැමෝම ගෙවල් වලින් මාව එළියට ඇදලා දාද්දී....


අන්තිමට පිහිටට හිටියේ ගෙයි වත්ත බලාගත්ත ආච්චියි සීයයි....


කාගේ දරුවෙක් ද කියලා හිතන්නේ නැතුව කන්න අඳින්න උගන්වන්න දීලා මාව හැදුවේ උන්ගෙම දරුවෙක් විදියට.....


අම්මා අප්පා නැති ළමයෙක් කියලා ඉස්කෝලෙන් යන යන තැනින් හන්වඩු ගහද්දී...


ආච්චි කිව්වේ උන්ට පේන්න ඉගෙන ගනින් කියලා....


ඔව් මන් ඉගෙන ගත්තා...ඕලෙවල් ඒ ලෙවල් ඉහළින් ම පාස් වුණේ...


හැමෝගෙම ඇස් ඇරෙද්දී....


ආච්චි හැමෝටම කිය කිය මගේ කොල්ලා දස්සයා කියලා....


ඒත් එතැනින් පස්සේ ජීවිතේ වෙනස් වෙනවා කියලා දන්නවා නම් කවදාවත් මන් කැම්පස් එකක් ගැන හිතන්නෙවත් නෑ....


මොරටුව කැම්පස් එකට තේරුණේ පොඩි කාලේ ඉඳන් දැක්ක ඉන්ජිනේරු හීනේ හැබෑ කරන්න හිතන්....


ඒත්.....


එහෙදි හිත අස්සට රිංගපු ආදරේ මුළු ජිවිතේ වෙනස් කරා....


ඔව්....උඹ....


බෝල ඇස් කරකව ඇවිත් ආදරේ ඉල්ලද්දී....

සත්තයි මැණික ඒ ආවේ බොරුවට කියලා දන්නවා නම්....

කවදාවත් උඹට ළං වෙන්නේ නෑ මන්....


අයියේ කිය කිය දැවටි දැවටි උඹ ආදරෙයි කිව්වේ යාළුවොන්ට පේන්න කියලා දන්නවා නම් උඹට එක මොහොතක්වත් මේ හිතේ ඉඩක් දෙන්නේ නෑ බන්....


හැමොමා කිව්වේ ඒකි උඹේ ලස්සනට යාළු වුණා කියලා...


ඒත් මන් විශ්වාස කරේ උඹව බන්....


උන්ව නෙවෙයි....


ආදරය කියන දේ අම්මෙක්ගෙන් නොදැනුන මන් ඒ ආදරේ හෙව්ව උඹෙන්...


එතනයි මට වැරදුණේ...


සල්ලිකාර පවුලක් එක ම දූ වෙච්චි උඹට මට ආදරෙයි කියද්දි මන් අනාථයෙක් කියලා හිතුණේ නැද්ද බන්....


ඔව් බොරුවට නේ නේද.....


මමයි වැරදි....


උඹට පණ ඇරන් ආදරේ කරාට...


ආච්චි නැතිවෙලා කියලා ආරංචිය එද්දී උඹව අමතක වෙලා ගියේ වැරදි හිතකින් නෙවෙයි බන්....


ඒ කටයුතු ඉවර වෙලා එද්දි උඹ වෙනස් වෙයි කියලා දන්නවා නම්.....


සමහර විට මන් යනේකත් නැති වෙයි....


ඒත් මන් ගිහින් එද්දී උඹ ගොඩක්.....මහ ගොඩක් වෙනස් වෙලා....


මාත් එක්ක කියව කියව ඇවිදපු උඹ මාව මඟඅරින්න ගත්තා...


මාත් හිතුවේ පාඩම් කරනවා කියලා...


වෙන උන් කියද්දී එක එකා එක්ක උඹ රවුම් ගහනවා කියලා...


මන් පිළිගත්තේ නෑ බන්...


ඇත්තටම ආදරේ කරන කොල්ලෙක් කෙල්ලෙක් ව ඇස් දෙක වගේ රකින්නේ වෙන කිසි එකෙක්ගෙන් වැරදි බැල්මක්වත් වැටෙන්න නොදී...


ඒත් මන් ඒ දැක්ක දේ එහෙම ආදරේ කරන කිසි කොල්ලෙක්ගේ ඇස් වලට පෙන්න එපා...


හදිස්සියට කෑම එකක් ගන්න කියලා රෙස්ටුරන්ට් එකට ආවේ....


ඒත්.....දැක්ක දේ කෑමත් එපා කළා....


උඹ වෙන කොල්ලෙක් එක්ක ඉද්දී...


පපුවේ පැත්තක් කඩා ගෙන ගියා වගේ බන්....


මන් උඹ ළඟ ට එද්දී ඒ උඹ වගේ ම උඹේ යාළුවොයි ඒ කොල්ලයි හිනා වුණේ අපහාසෙට උපහාසෙට ද කියලා නම් දන්නේ නෑ මැණික...


ඒත් උඹ කිව්ව දේ වචනයක් ගානේ අදටත් කන් දෙකේ දෝන්කාර දෙනවා...


"ඔන්න ගායිස් මන් ඔයාලගේ චැලෙන්ජ් එක් දින්නා....ඕකේ...

ආ...ඔයා පුදුම වෙන්න හලෝ ඔච්චර....තමුසේ නිකන් කෙල්ලොන්ට මැජික් එකක් වුණා නේ...හහ්...ඉතින් මන් ඔයා ව එච්චර ගණන් ගත්තෙත් නැති නිසා මගේ යාළුවෝ චැලේන්ජ් කළා යාළු වෙලා පෙන්නන්න කියලා...ඉතින් මන් ඒක දින්නා...

අනිත් එක තමුසේ වගේ ගොඩේ හිඟන්නෙක්ව බැඳලා පවුල් කන්න මට එච්චර පිස්සු නෑ....තේරුනා ද...

මේ ඉන්නේ මයි බීෆ්...නෙක්ස් මන්ත් අපේ මැරිජ් එක....ඕනි නම් ඉන්වයිට් කරන්නම් ඔයාට....."



උඹ එහෙම කියද්දී එතනම පිහියකින් ඇනලා මැරුවනම් ඊට වඩා හොඳයි බන්....


අන්තිම වතාවට උඹේ දිහත් බලලා මන් එතනින් හැරිලා ආවේ මට කරන්න දෙයක් නැති නිසා...


ඔව් උඹ හරි....


උඹ චැලෙන්ජ් එක දින්නා....


ඒත් මන්....


මන් මගේ ආදරෙන් පැරදුනා....


මුළු ජීවිතේන්ම පැරදුනා...


යාළුවෝ කිව්වා උඹට ඔහොම වෙයි කියලා...


මන් ඇහුවේ නෑ....


වැරදුනා...නෑ වරද්දගත්තා....


එදා තමයි පළවෙනි වතාවට මන් කාලකණ්නියෙක් කියලා දැනුණේ....


උඹේ මතකෙන් පිස්සෙක් වෙලා හිටිය මාව ගොඩ දැම්මේ මගේ යාළුවෝ....


උන් ව දුකින් තියන්න බැරි නිසයි මන් හිත හදාගත්තා කියලා පෙන්නුවේ....


අන්තිමේ ඩිග්‍රි එකත් අරන් ලන්ඩන් ආවේ රකින්න කියලා කිසි දෙයක් ලංකාවේ නැති නිසා...


අනිත් එක මතක එකින් එකින් එක රිද්දද්දී එහේ ඉන්න හිතක් තිබ්බෙත් නෑ.....


එහෙම ආපු ගමන අදට අවුරුදු තුනක්....


වටින් ගොඩින් ආරංචි ආවා උඹ විනාස වෙලා කියලා.....


යාළුවෝ නම් කිව්වේ මට කරපු දේ උඹට පඩිසන් දීලා කියලා....


ඒත් මන් ඒවා අහලා දුක් වුණේ උඹට ඇත්තටම ආදරේ කරපු නිසා වෙන්න ඇති....


මැරෙන තුරාවට උඹව මතක් වෙයි මට....


දුන්නු ගින්දර පපුව අළු කරාවි....


ඒත්....


වැටෙන වැටෙන හැම වෙලාවක ම මන් නැගිටිවි....


මොකද උඹ ඉගැන්නුවේ හරි ලස්සන පාඩමක් නිසා....


මැණික...


කිසිමදාක කිසි දෙයක් නොඉල්ලපු මන් අද උඹෙන් දෙයක් ඉල්ලනවා....


ඒ...


ආයේ උපදින කිසි ආත්මෙක මගේ ඇස් ඉස්සරහට එන්න එපා....


මොකද මේ වින්ද දුක ආයේ විඳින්න හිත හයිය නැති වෙයි....


~නිමි~



___________________________


#රවට්ටන්න බලාගෙන කිසිකෙනෙක්ට ළං වෙන්න එපා....


#මොකද අපි කෙනෙක්ව රැවැට්ටුව විදියට ම අපිත් රැවටෙන දවසක් එනවා...


#ඒ නිසා විඳින්න ආදරේ විඳිවන්න එපා...ඒ තැනට පත් කරන්නත් එපා....


#ආදරේ කළා නම් දවසක් හරි ඒ ආදරේට ගරහන්න එපා මොකද තමනුත් ඒ ආදරේ ඇතුළේ කාලයක් ජීවත් වුණ නිසා.....


#ඇඳුමෙන් , පැළඳුමෙන් , පවුල් පසුබිමෙන් තනතුරු මාන සල්ලි වලින් කෙනෙක් ව මනින්න එපා....


#ගරු කරන්න හැම කෙනෙක්ට ම....


___________________________



මේක ඇත්ත කතාවක්....කැම්පස් කොටස නම් මන් හදපුවා....ඒත් සිද්ධිය නම් ඇත්ත....


ආදරේ කියන මානුෂීය හැඟීම අමානුෂීය වෙන්නේ අපි අතින්මයි...


කතාව හොඳයි නම් අදහසක් කොටන් යන්...



පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️


මන් ,

Senadhi ❤️


Report Page